වැඩි ගෞරව සමඟින් තර්ස්ටන්ට ජයග්‍රහණය රැගෙන යයි

1388

2019 සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් සඳහා මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය සමඟින් කොළඹ තර්ස්ටන් විද්‍යාලය ඊයේ (18) තරග වැදුණු අතර එහි දී ජයග්‍රහණය ලබා ගැනීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලය සමත් වූයේ ලකුණු 16-14ක් ලෙසිනි. තරගය මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

කිංග්ස්වුඩ් අභියෝගය මැඩලූ තෝමසුවන් ජය ගනී

සාන්ත තෝමස් විදුහල සහ මහනුවර කිංග්ස්වුඩ් …..

මහනුවර සාන්ත සිල්වෙස්තර කණ්ඩායම මෙතෙක් පැවති තරග 3ම පරාජය වී ඇති අතර එම කාණ්ඩයේ අවසන් ස්ථානය දක්වා පසුබැස සිටී. තර්ස්ටන් විද්‍යාලය ඔවුන් මුහුණ දුන් තරග 3න් දෙකක් පරාජය වී ඇති අතර ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය ලබාගෙන සිටී.

තරගය ආරම්භ කිරීම සිල්වෙස්තර කණ්ඩායමට පැවරී තිබූ අතර කණ්ඩායම් දෙකම සිදු කළ අත්වැරදීම් නිසාවෙන් තරගය විටින් විට නැවැත්වීමට විනිසුරුවන්ට සිදු විය. ලකුණු ලබා ගැනීම ආරම්භ කරමින් සාන්ත සිල්වෙස්තර කණ්ඩායම උත්සාහක දිනුමක් වාර්තා කළ අතර ප්‍රවර්තනය ද සාර්ථක කර ගත් ඔවුන් ලකුණු පුවරුව 7ක් දක්වා ඉහළ නංවා ගත්හ. (සිල්වෙස්තර 07-00 තර්ස්ටන්)

මිනිත්තු කීපයක් ඉක්මවා යාමත් සමඟම ක්‍රියාත්මක වූ තර්ස්ටන් ක්‍රීඩකයෝ උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූ අතර ප්‍රවර්තනය අසාර්ථක වීම නිසා ලකුණු 5කින් සෑහීමකට පත්වීමට ඔවුන්ට සිදු විය. (සිල්වෙස්තර 07-05 තර්ස්ටන්)

කෝදාගොඩගේ ගිනිකෙළි වලින් නිත්තවෙල වර්ණවත් වෙයි

සත්කාරක විද්‍යාර්ථ විදුහල සහ ප්‍රතිවාදී සී. …..

තරගය අත්නොහළ සිල්වෙස්තර ක්‍රීඩකයෝ ප්‍රතිවාදීන් අසරණ කරමින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත්වූ අතර ප්‍රවර්තනය සාර්ථක කර ගත් ඔවුන් ලකුණු 14ක් දක්වා ලකුණු තත්ත්වය ඉහළ දැමුවේ තර්ස්ටන් ක්‍රීඩකයන්ට ලකුණු 9ක පරතරයක් ලබා දෙමිනි. (සිල්වෙස්තර 14 – 05 තර්ස්ටන්)

පළමු අර්ධය නිමා වීමට පෙර තවත් උත්සාහක දිනුමක පෙරනිමිති පහල කළ තර්ස්ටන් විද්‍යාලය එම උත්සහයන් සාර්ථක කර ගැනීමට සමත්වූ නිසා ලකුණු 5ක් තම ලකුණු පුවරුවට එක්කරගත්හ. ප්‍රවර්තනය මගින් ලකුණු 2ක් ලබා ගැනීමට තිබූ අවස්ථාව මගහැරී යාම නිසා ලකුණු 4ක පරතරයක් සමඟින් පළමු වටය නිමා කිරීමට සිල්වෙස්තර ක්‍රීඩකයන්ට හැකි විය. (සිල්වෙස්තර 14-10 තර්ස්ටන්)

පළමු අර්ධය: සාන්ත සිල්වෙස්තර විද්‍යාලය 14 – 10 තර්ස්ටන් විද්‍යාලය

දෙවන අර්ධය සිල්වෙස්තර කණ්ඩායමට එතරම් සුබදායක නොවූ අතර ලකුණු ලබා ගැනීමට තිබූ සියලු අවස්ථා තර්ස්ටන් ඉදිරිපෙළ සාර්ථකව ව්‍යර්ථ කළේ සිල්වෙස්තර සියලු බලාපොරොත්තු බිද දමමිනි. තර්ස්ටන් කණ්ඩායමට හිමි වූ දඩුවම් පහරක් ගෝල කනු අතරින් පා කළ තර්ස්ටන් ක්‍රීඩකයෝ ලකුණු පරතරය එකක් දක්වා අඩුකර ගැනීමට සමත් විය. (සිල්වෙස්තර 14-13 තර්ස්ටන්)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

සිල්වෙස්තර කණ්ඩායම නැවතත් අසරණ කරමින් තවත් දඩුවම් පහරක් තර්ස්ටන් කණ්ඩායමට හිමි වූ අතර එහි සාර්ථකත්වය මත තරගයේ ප්‍රතිඵලය වෙනස්වීමට ඉඩ තිබුණි. එම දඩුවම් පහර ප්‍රවර්තනය ලෙසින් සාර්ථක කරගැනීමට තර්ස්ටන් ක්‍රීඩකයෝ තීරණය කළහ. පීඩනය මනාව දරා ගත් තර්ස්ටන් ක්‍රීඩකයා පන්දුව නිවැරදි එල්ලය වෙත යොමු කරමින් සාර්ථක ලකුණු 3ක් කණ්ඩායමට එක්කිරීමට සමත් වීමත් සමඟම ලකුණු 16ක් දක්වා ලකුණු තත්ත්වය ඉහල ගියේ තර්ස්ටන් ක්‍රීඩකයන්ට ජයග්‍රහණය විවර කර දෙමිනි. (සිල්වෙස්තර 14-16 තර්ස්ටන්)

හැව්ලොක් දඩබිමේ නිහඬ දඩයක්කරු – රීසා මුබාරක්

තරගය අවසානයට ඇත්තේ තවත් තත්පර …..

දෙවන අර්ධයේ කිසිදු ලකුණක් ලබා ගැනීමට නොහැකි වූ සිල්වෙස්තර ක්‍රීඩකයන්ට තරගයේ පරාජය හිමි වූයේ දෙවන අර්ධයේ දී සිදු වූ අත්වැරැදීම් නිසාවෙනි. තරගයෙන් අනතුරුව ක්‍රීඩාංගණය තුල ප්‍රේක්ෂකයන්ගේ හා කණ්ඩායම් දෙක අතර උණුසුම් තත්ත්වයක් ඇතිවූ අතර තරග විනිසුරුවන්ට යම් යම් විවේචන එල්ල විය. ආරක්ෂක අංශ විසින් තත්ත්වය සමථයකට පත් කළ අතර මෙවන් අවාසනාවන්ත සිදුවීම් පාසල් රග්බි පිටියෙන් ඈත් කළ යුතුමය.

අවසන් ලකුණු තත්ත්වය: සාන්ත සිල්වෙස්තර විද්‍යාලය 14 – 16 තර්ස්ටන් විද්‍යාලය

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<