කිංග්ස්වුඩ් අභියෝගය මැඩලූ තෝමසුවන් ජය ගනී

326

සාන්ත තෝමස් විදුහල සහ මහනුවර කිංග්ස්වුඩ් විදුහල අතර අද (18) පැවති රග්බි තරගයෙන් ලකුණු 22-17ක් ලෙස තියුණු ජයක් අත්කර ගැනීමට සාන්ත තෝමස්‍ කණ්ඩායම සමත් විය. 2019 අන්තර් පාසල් සිංගර් ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සතියේ අවසන් තරගය වූ මෙම තරගය ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

කෝදාගොඩගේ ගිනිකෙළි වලින් නිත්තවෙල වර්ණවත් වෙයි

සත්කාරක විද්‍යාර්ථ විදුහල සහ ප්‍රතිවාදී සී. ඩබ්. ඩබ්. කන්නන්ගර විදුහල අතර පැවති 2019 සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ…

සාන්ත තෝමස් විදුහල, රාජකීයයන් හමුවේ ලකුණු 17-10ක් ලෙසත්, කිංග්ස්වුඩ් විදුහල, සාන්ත පීතර විදුහලට එරෙහිව ලකුණු 14-07ක් ලෙසත් පසුගිය සතියේ පරාජයට පත්විය. එම නිසා කණ්ඩායම් දෙකටම මෙම තරගයේ ජයග්‍රහණය ඉතා වැදගත් විය.

අධික උෂ්ණත්වය නිසාම ආරම්භයේ දී තරගය තරමක් මන්දගාමී වූ බවක් දක්නට ලැබුණ ද තරගය ආරම්භ වූ මොහොතේ පටන් කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් පිටිය ආක්‍රමණය කරද්දී සාන්ත තෝමස් ක්‍රීඩකයින් තම නිවහනේ දී ම පීඩනයට ලක්වූ බවක් දිස්විය.

තරගයේ 6 වැනි විනාඩියේ දී සාන්ත තෝමස් පසුපෙළ විසින් කිංග්ස්වුඩ් ඉදිරිපෙළට අභියෝග කරමින් ඉදිරියට පැමිණි අතර ලැබුණු සුළු අවකාශයක් හරහා අවස්ථාවක් නිර්මාණය කර ගත් කිංග්ස්වුඩ් ක්‍රීඩක දක්ෂිණ අතුකෝරල සාර්ථකව උත්සාහක දිනුම් රේඛාව පසුකර යන්නට සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට ආසිරි සෙනෙවිරත්නට නොහැකි විය. (කිංග්ස්වුඩ් 05-00 සාන්ත තෝමස්)

නැවතත් තෝමසුවන් විසින් සිදු වූ අත්වැරදීමකින් පන්දුව කිංග්ස්වුඩ් ක්‍රීඩකයින්ට ලැබුණු අතර ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගනිමින් ඔවුන් සිය දෙවැනි උත්සාහක දිනුමත් වාර්තා කරන්නට සමත් විය. ආසිරි සෙනෙවිරත්න විසින් වාර්තා කළ එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය සාර්ථක කරගන්නට හිරෝෂ සම්පත් සමත් විය.  (කිංග්ස්වුඩ් 12-00 තෝමස්)

මහානාම ඉදිරිපෙළ ධර්මරාජයින් මවිත කරයි

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සතියේ තවත් එක් තරගයක් අද (17) රත්මලාන ගුවන් හමුදා රග්බි ක්‍රීඩා පිටියේ…

තෝමසුවන් කෙමෙන් කෙමෙන් හිස ඔසවමින් පන්දුව තම අන්තයේ තබා ගැනීමට උත්සාහ කළ අතර එහි දී සාන්ත තෝමස් ක්‍රීඩකයෙකු නීතිවිරෝධීව මෙල්ල කිරීමට උත්සාහ කිරීම නිසාවෙන් කිංග්ස්වුඩ් ක්‍රීඩක මොහොමඩ් ශාසාන්ට විනිසුරු කහ කාඩ්පතක් නිකුත් කළේය.

එයින් ලැබුණ දඬුවම් පහර සාර්ථක කරගනිමින් ඔවින් හෙට්ටිආරච්චි සාන්ත තෝමස් කණ්ඩායම වෙනුවෙන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේය. (කිංග්ස්වුඩ් 12-03 සාන්ත තෝමස්)

ප්‍රථම අර්ධයේ අවසාන මිනිත්තුවේ දී පන්දුව සාන්ත තෝමස් අන්තයේ තිබෙන අවස්ථාවක කිංග්ස්වුඩ් පසුපෙළේ දුර්වල ස්ථානයකින් මනාව ප්‍රයෝජනය ගත් රෙහාන් ඔලුගල උත්සාහක දිනුමක් වාර්තා කරන්නට සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට ඔවින්ට හැකි විය.

පළමු අර්ධය: කිංග්ස්වුඩ් විදුහල 12 – 08 සාන්ත තෝමස් විදුහල

තවමත් සත්කාර ක්‍රීඩකයින් දෙසට පීඩනය එල්ල වී තිබුණු මොහොතක ක්‍රියාත්මක වූ සාන්ත තෝමස් ක්‍රීඩක ලෂේන්ද්‍ර සෙනෙවිරත්න උත්සාහක දිනුමක් වාර්තා කළේ යම් දුරකට සිය කණ්ඩායමට සහනයක් වෙමිනි. එහි ප්‍රවර්තනය ඔවින් විසින් සාර්ථක කර ගත්තේය. (කිංග්ස්වුඩ් 12-15 සාන් තෝමස්)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

ඉන්පසු පන්දුව නැවතත් පිරිනමන අවස්ථාවේ දී ගුවනේ ඉපිලී සිටින ක්‍රීඩකයෙකු මෙල්ල කිරීමට තැත් කෙරීමේ වරදට හසු වූ කිංග්ස්වුඩ් කණ්ඩායමේ නිපුන් සෙනෙවිරත්නට විනිසුරු විසින් කහ කාඩ්පතක් නිකුත් කළේය.

ඉන්පසු නැවතත් ක්‍රියාත්මක වීමට මාන බලමින් තෝමසුවන් පන්දුව අතැතිව ඉදිරියට ඇදුණ අතර ඔවුන්ගෙන් නැවත නැවතත් අතපසුවීම් වෙද්දී කිංග්ස්වුඩ් ක්‍රීඩකයින්ට පිටිය ආක්‍රමණය කිරීම අපහසු නොවීය.

ඒ අවසරයෙන් 43 වැනි විනාඩියේ ක්‍රියාත්මක වූ කිංග්ස්වුඩ් විදුහලේ ඉෂාන් ප්‍රීනා අලංකාර ලෙස දිව යමින් උත්සාහක දිනුමක් වාර්තා කළ ද එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (කිංග්ස්වුඩ් 17-15 සාන්ත තෝමස්)

අතුගල්පුරයට උත්සාහක දිනුම් වර්ෂාවක්

2019 අන්තර් පාසල් සිංගර් ලීග් රග්බි තරගාවලියේ A කාණ්ඩයේ අද (16) සත්කාරක මලියදේව විදුහල හා සාන්ත පීතර විදුහල අතර පැවති තරගයෙන්…

තරගයේ 52 වැනි විනාඩියේ තෝමසුවන් තම ශක්තිමත් ඉදිරි පෙළේ ජවය විදහාපාමින් කිංග්ස්වුඩ් ආරක්ෂක වළල්ල දුර්වල කිරීමේ චේතනාවෙන් පහර පිට පහර එල්ල කළේය.

එම උත්සාහය සාර්ථක කරමින් සෙනුක් පෙරේරා අපහසුවෙන් වුවද කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් අතරින් දිවගොස් උත්සාහක දිනුමක් වාර්තා කළේය. එම උත්සාහක දිනුමේ වටිනාකම වැඩි කරමින් ඔවින් අතිරේක ලකුණු එකතු කළේය (කිංග්ස්වුඩ් 17-22 සාන්ත තෝමස්)

තරගයේ ජයග්‍රාහී උත්සාහක දිනුම වාර්තා කිරීමට කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් කෙතරම් උත්සාහ කළත් තෝමසුවන්ගේ ආරක්ෂක බැම්ම හමුවේ ඒ සියල්ලම නිෂ්ඵල විය.

අවසන් ලකුණු තත්ත්වය: කිංග්ස්වුඩ් විදුහල 17 (3T,1C) – 22 (3T,2C,1P) සාන්ත තෝමස් විදුහල

ThePapare.com තරගයේ වීරයා – හරිත් සේනානායක (STC)

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ:

කිංග්ස්වුඩ් විදුහල

  • උත්සාහක දිනුම් – දක්ෂිණ අතුකෝරල 1, ආසිරි සෙනෙවිරත්න 1, ඉෂාන් ප්‍රිනා 1
  • ප්‍රවර්තන – හිරුෂ සම්පත් 1

සාන්ත තෝමස් විදුහල

  • උත්සාහක දිනුම් – රෙහාන් ඔලුගල 1, ලෂන්ද්‍ර ද සිල්වා 1, සෙනුක් පෙරේරා
  • ප්‍රවර්තන – ඔවින් හෙට්ටිආරච්චි 2
  • දඬුවම් පහර – ඔවින් හෙට්ටිආරච්චි 1

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<