කෝදාගොඩගේ ගිනිකෙළි වලින් නිත්තවෙල වර්ණවත් වෙයි

1505

සත්කාරක විද්‍යාර්ථ විදුහල සහ ප්‍රතිවාදී සී. ඩබ්. ඩබ්. කන්නන්ගර විදුහල අතර පැවති 2019 සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ තෙවැනි සතියේ තරගයකින් ලකුණු 70-07ක් ලෙස පහසු ජයක් වාර්තා කිරීමට විද්‍යාර්ථ කණ්ඩායම සමත් විය. තරගය ඊයේ (17) පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

මහානාම ඉදිරිපෙළ ධර්මරාජයින් මවිත කරයි

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ …..

මහානාම විදුහලට එරෙහිව ලකුණු 33-15ක් ලෙස පරාජය වීමෙන් අනතුරුව කන්නන්ගර කණ්ඩායම මෙම තරගයට සහභාගී වූ අතර විද්‍යාර්ථ ක්‍රීඩකයින් සාන්ත සිල්වෙස්තර විදුහලට එරෙහිව පැවති තරගයෙන් ලකුණු 45-12ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරමින් අපරාජිතව මෙම තරගය සහභාගී විය.

තරගය ආරම්භ වූ පළමු මිනිත්තුවේ දී ම ලකුණු  රැස්කිරීම ආරම්භ කළ විද්‍යාර්ථ ක්‍රීඩක යූ. ජයකොඩි උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට බී. කළුආරච්චි සමත් විය. (විද්‍යාර්ථ 07-00 කන්නන්ගර)

නැවතත් තරගයේ 6 වැනි මිනිත්තුවේ දී තම ජවය විදහා දක්වමින් කන්නන්ගර ඉදිරිපෙළ අභිබවා යමින් එල්. බණ්ඩාර උත්සාහක දිනුමක් වාර්තා කළේය. එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (විද්‍යාර්ථ 12-00 කන්නන්ගර)

අතුගල්පුරයට උත්සාහක දිනුම් වර්ෂාවක්

2019 අන්තර් ….

ඉන්පසු කන්නන්ගරයි තරගයට අවතීර්ණ වන බවක් පෙන්වමින් පන්දුව තම අන්තයේ මද වේලාවක් රඳවා තබා ගනිමින් ක්‍රීඩා කළ ද, ඔවුන්ගෙන් පන්දුව සොරාගෙන කන්නන්ගර පසුපෙළ විනිවිද යමින් ආකර්ෂණීය උත්සාහක දිනුමකට ඩී. කෝදාගොඩ විසින් මගපාදාගත් අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට කළුආරච්චිට හැකි විය. (විද්‍යාර්ථ 19-00 කන්නන්ගර)

ඉන්පසුව ද කන්නංගරයින්ට පීඩනයෙන් මිදීමට කිසිදු ඉඩක් ලබා නොදෙමින් පිට පිට උත්සාහක දිනුම් 3ක් හා එක් ප්‍රවර්තනයක් සාර්ථක කර ගැනීමට විද්‍යාර්ථයින් සමත් විය.

පළමු අර්ධය: විද්‍යාර්ථ විදුහල 36 – 00 සී. ඩබ්. ඩබ් කන්නන්ගර විදුහල

තරගයේ දෙවන අර්ධය ආරම්භ වීමත් සමඟම කන්නන්ගරයින් නැවතත් තරගයට අවතීර්ණ වන අකාරයක් පෙන්නුම් කළ ද අවසානයේ දී කන්නන්ගරයින්ගේ පන්දු හැසිරවීමේ වැරදි නිසාම ඔවුන්ට පන්දුව අහිමි වූ අතර එයින් මනා ප්‍රයෝජන ගත් කෝදාගොඩ වේගවත් ධාවනයක නිරත වෙමින් උත්සාහක දිනුමක් වාර්තා කළේය. එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (විද්‍යාර්ථ 41-00 කන්නංගර)

විද්‍යාර්ථ පීඩනයෙන් අසරණව සිටි කන්නන්ගර ක්‍රීඩකයින් තමන් දන්නා සියලු උපක්‍රම භාවිතා කරමින් පීඩනයෙන් මිදීමට උත්සහ කරන ආකාරයක් දක්නට ලැබුණු අතර ඔවුන්ගේ සියලු උත්සාහයන් ව්‍යර්ථ කරමින් කෝදාගොඩ තවත් අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කළේය. එහි ප්‍රවර්තනය ද අසාර්ථක විය. (විද්‍යාර්ථ 46-00 කන්නන්ගර)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

එතැන් පටන් කන්නන්ගරයින් තවත් අසරණ කරමින් උත්සාහක දිනුම් 5ක් හා ප්‍රවර්තන දෙකක් වාර්තා කිරීමට විද්‍යාර්ථයින් සමත් වූ අතර තරගයේ අවසන් මිනිත්තුව දක්වාම කන්නන්ගරයින්ට විද්‍යාර්ථ අන්තය තුලට පන්දුව රැගෙන ඒමට පවා අවසර නොදෙමින් විද්‍යාර්ථයින් පිටිය ආක්‍රමණය කළේය. (විද්‍යාර්ථ 70-00 කන්නන්ගර)

ලුම්බිණි ප්‍රහාරයෙන් සත්කාරකයෝ සුනුවිසුනු වෙයි

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ….

තරගය අවසන් වීමට සුළු මොහොතකට පෙර විද්‍යාර්ථ ආරක්ෂකයින් මග හැර යමින් අපහසුවෙන් වුවද උත්සාහක දිනුමක් වාර්තා කරන්නට කන්නන්ගර කණ්ඩායමේ T. මදුෂාන් සමත් වූ අතර ප්‍රවර්තනයෙන් දායක වීමට එස්. රණසිංහට හැකි විය. (විද්‍යාර්ථ 70-07 කන්නන්ගර)

විනිසුරුගේ නලා නාදයත් සමඟින් තරගය අවසන් වෙද්දී අපරාජිත විද්‍යාර්ථ විදුහල වෙනුවෙන් ක්‍රීඩාලෝලීන් ප්‍රීතිගෝෂා නගද්දී තවත් තරගයක අඳුරු මතකයන් සමඟ කන්නන්ගරයින්ට නිවෙස් බලා යාමට සිදු විය.

අවසන් ලකුණු තත්ත්වය – විද්‍යාර්ථ විදුහල 70 (12T, 5C) – 07 (1T,1C) සී. ඩබ්. ඩබ්. කන්නන්ගර විදුහල

ThePapare.com තරගයේ වීරයා – D. කෝදාගොඩ (VC)

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ:

විද්‍යාර්ථ විදුහල

  • උත්සාහක දිනුම් – ඩී. කෝදාගොඩ 5, යූ. ජයකොඩි 3, එස්. කළුගම්පිටිය 2, එල්. බණ්ඩාර 1, ආර්. රත්නායක 1.
  • ප්‍රවර්තන – බී. කළුආරච්චි 4, එස්. රංග 1

සී. ඩබ්. ඩබ්. කන්නන්ගර විදුහල

  • උත්සාහක දිනුම් – ටී. මදුෂාන් 1.
  • ප්‍රවර්තන – එස් රණසිංහ 1

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<