පලඟ ශූරයින් මෙවර කුසලාන ශූරතාවයට මෙහෙයුම් දියත් කරයි

333

2018 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පලඟ ශූරතාවය දිනා ගත් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය මෙවර තරගවාරයට පිවිසෙන්නේ බලාපොරොත්තු රැසක් සමඟයි.

2019 පාසල් රග්බි ලීගයේ මංගල ජය ගල්කිස්සට

මෙම වසරේ (2019) සිංගර් පාසල් රග්බි ලීගය ආරම්භ කරමින් අද (28) ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර පැවති තරගය ගල්කිස්ස සාන්ත තෝමස්….

අතීතයෙන් බිඳක්

80’ හා 90’ දශකවල පාසල් රග්බි පිටියේ බලය පැතිරූ සාන්ත තෝමස් විද්‍යාලය පාසල් රග්බි පිටියට පිවිසෙන්නේ 1955 වසරේ දීයි.

දිනෙන් දින ඉහළ ගිය සාන්ත තෝමස් බලය රග්බි පිටිය සම්පූර්ණයෙන්ම යටත් කර ගන්නේ 1976 වසරේ දීයි. අනතුරුව 1981 වසරේ දී සාන්ත තෝමස් රග්බි ඉතිහාසයේ දෙවන ලීග් ජයග්‍රහණය වාර්තා වූ අතර 1980 අග භාගයේ දී ඔවුන්ගේ රග්බි දිවියේ ස්වර්ණමය කාලවකවානුව ලෙස හැඳින්වේ. ඒ 1989, 1990 හා 1991 වසරවල අඛණ්ඩව තෙවතාවක් ලීග් ශූරතාවය දිනා ගැනීමත් සමඟයි.

(2019 තරගවාරයට සාර්ථක ආරම්භයක් ලබා ගන්නට ඔවුන් සමත් විය.)

අවසන් වරට සාන්ත තෝමසුවන් ලීග් රග්බි කුසලානයක පහස විඳින්නට සමත් වූයේ 2000 වසරේ දීයි. එතැන් සිට වසර 19ක් ම ඔවුන්ගේ කැබිනෙට්ටු ලීග් කුසලානයකින් පුරවා දමන්නට එකදු කණ්ඩායමක්වත් සමත් වූයේ නැහැ.    

2009 වසරේ දී තරු රැසක් සමඟ සටනට පිවිසුණු සාන්ත තෝමස් ක්‍රීඩකයින් ලීග් අනුශූරයින් හා මයිලෝ පිළිමළුන් පිටුදැකීමේ රග්බි ශූරයින් ලෙස අභිෂේක ලැබුවා. එම කණ්ඩායමට ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමේ නායක සුදර්ශන මුතුතන්ත්‍රි, අනුරුද්ධ විල්වර වැනි ක්‍රීඩකයින් ක්‍රීඩා කළ අතර කණ්ඩායම මෙහෙය වූයේ  ශවීන් කපුවත්ත විසිනි.

අවාසනාවන්ත වසර කිහිපයකට පසු 2013 වසරේ දී සාන්ත තෝමස් කණ්ඩයම නැවත A කාණ්ඩයට ගෙන එන්නට ඩේවින් ජයසිංහ ගේ නායකත්වයෙන් තරග වැදුණු සාන්ත තෝමස් කණ්ඩායම සමත් වුණා.එම කණ්ඩායම B කාණ්ඩයේ අපරාජිත කණ්ඩායමක් වූ අතර ඒ වසරේ දී ත්‍රිත්ව විද්‍යාලය සමඟ පූජ්‍ය ආර්. එස්. ද සේරම් පලිහ, සාන්ත ජෝසප් විද්‍යාලය සමඟ ජයතිලක ආර්යා අනුස්මරණ පලිහ මෙන්ම සිය පරම සතුරන් වන රාජකීය විද්‍යාලය පරාජය කරමින් මයිකල් ගුණරත්න කුසලානය ද දිනා ගන්නට 2013 සාන්ත තෝමස් කණ්ඩායම සමත් විය.  

(2017 අන්තර් පාසල් සත් සාමාජික ශූරයින්)

නවීන් හේනකන්කානම්ගේගේ නායකත්වයෙන් සාන්ත තෝමස් සත් සාමාජික රග්බි කණ්ඩායම 2016 වසරේ දී හා 2017 වසරේ දී අඛණ්ඩව දෙවතාවක් අන්තර් පාසල් සත් සාමාජික ශූරයින් බවට පත්වුනේ  ප්‍රබල පාසල් සියල්ල මට්ටු කරමිනි. 2016 වසරේ දී ඔවුන් ලීග් රග්බි ශූරතාවය ආසන්නයටම පැමිණියත් ඉසිපතනය හමුවේ පරාජය වීම නිසා ඔවුන්ට ලීග් කුසලානයක පහස විඳින්නට හැකි වූයේ නැහැ.

ගිලිහුණු ගෞරවය යලි සොයා යන්නට ධර්මරාජ රග්බි හමුදාව සූදානම්

අවාසනාවන්ත තරග වාරයකට පසුව මහනුවර …..

පසුගිය තරග වාරය

පසුගිය තරග වාරය සාන්ත තෝමස් විද්‍යාලයට එතරම් සුබදායක වූයේ නැත. කුසලාන ශූරතාවයෙන් පලඟ ශූරතාවයට ඇද වැටුනත් ඔවුන් පලඟ ශූරයින් බවට පත් වන්නට සමත් විය.

කොළඹ රාජකීය විද්‍යාලය හමුවේ 56 වැනි මයිකල් ගුණරත්න අනුස්මරණ කුසලානය ලකුණු 55-00ක් ලෙස දරුණු ලෙස පරාජය වීම ඔවුන් පසුගිය වසරේ ලැබූ විශාලතම පරාජයකි.

කෙසේ වෙතත් ක්‍රිස්ටියන් ඩි ලයිල්ගේ සාන්ත තෝමස් විද්‍යාලය තරමක හෝ ගෞරවයක් අත්පත් කර ගත්තේ සහභාගී වූ තරග 10න් තරග 6ක් ජය ගනිමින් පලඟ ශූරයින් බවට පත් වෙමිනි.

මෙවර සූදානම

රග්බි නායකයින්ගේ පවුලක තවත් පුරුකක් මෙවර කණ්ඩායමේ නායකත්වය දැරීමට නියමිතයි. 2019 තරග වාරය සඳහා ප්‍රබල ක්‍රීඩක හරිත් සේනානායක සාන්ත තෝමස් විද්‍යාලයේ නායකයා ලෙස කටයුතු කරනු ඇත. මේ ඔහු තෝමස් වර්ණ දරන සිව්වැනි හා අවසන් වසරයි.

බ්‍රැඩ්බි පළිහටත්, ලීග් ශූරතාවයටත් ඉව අල්ලමින් ත්‍රිත්ව සිංහයෝ සටනට!

ශ්‍රී ලාංකීය පාසල් රග්බි පිටියේ පළමු පාසල් ……

සාන්ත තෝමස් රග්බි නායකයින්ගේ පවුලකින් පැමිණෙන හරිත්, සේනානායක සහෝදරයින්ගෙන් ළාබාලතම පුරුකයි. 2014 වසරේ දී ඔහුගේ දෙටු සොයුරු හෂක සේනානායක සාන්ත තෝමස් විද්‍යාලය මෙහෙය වූ අතර 2015 දී ඔහුගේ අනෙක් සොයුරු හසිත සේනානායක සාන්ත තෝමස් විද්‍යාලය මෙහෙය විය. රාජපක්ෂ සහෝදරවරුන් 2008 වසරේ දී මෙම දක්ෂතාවයම දැක්වූ අතර වසර 11කට පසු එවැනිම සිදුවීමක් වීම විශේෂත්වයක්.

(හරිත්ගේ කණ්ඩායමට වසර විස්සක ශාපයට තිත තබන්නට හැකි වෙයි ද?)

‘Second row’ ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කරන හරිත් කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලතම ක්‍රීඩකයායි. සේනානායක ප්‍රතිවාදීන්ගෙන් පන්දුව උදුරා ගැනීමට ඉතා දක්ෂ ක්‍රීඩකයෙකු වන අතර ඔහු Line out අවස්ථා සාර්ථක කර ගැනීමට ඇති දක්ෂයෙකි.

2018 කනිෂ්ඨ ASIAD තරගාවලියේ දී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ අදීශ හඳුන්පතිරණ කණ්ඩායමේ සිටින අනෙක් අත්දැකීම බහුලතම ක්‍රීඩකයායි. මොවුන් දෙදෙනාම අගනුවර හා මහනුවර ගැටුණු 2018 ThePapare Colombo Blues හා Kandy Reds වාර්ෂික රග්බි තරගයට ක්‍රීඩා කිරීම විශේෂත්වයකි.

බලාපොරොත්තු සහිතව තරගාවලියට පිවිසෙන සිල්වෙස්තර තුරඟුන්

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියට …..

මේ වසරේ සාන්ත තෝමස් කණ්ඩායමේ ප්‍රධානතම ශක්තිය සිය ඉදිරිපෙළ වනු ඇත. ලෂෙන්ද්‍ර ද සිල්වා හා හඳුන්පතිරණ ඉදිරිපෙළ සවිමත් කරද්දී සාන්ත තෝමස් පිළේ ප්‍රධානතම බලාපොරොත්තුව කුසලාන ශූරතාව වනු ඇත. රිවංක අබේවර්ධන නොම්මර 8 ස්ථානයේ කණ්ඩායම සවිමත් කරද්දී සාන්ත තෝමස් විද්‍යාලය මෙවර ප්‍රබලතම ඉදිරිපෙළක් සමඟින් තරගාවලියට පිවිසෙනු ඇත.

හිටපු සහිරා හා ඉසිපතන ප්‍රවීණ පුහුණුකරු ශම්ලි නවාස් මහතා කණ්ඩායමේ පුහුණුකරු ලෙසට කටයුතු කරන අතර තවත් ප්‍රබල පුහුණුකරුවෙකු වන ඩිලන් සොයිසා මහතා ඔහුට සහය වනු ඇත. ශම්ලි නවාස් මහතාගේ මගපෙන්වීම යටතේ පොලිස් ක්‍රීඩා සමාජය මෙවර ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පලඟ ශූරතාව දිනා ගැනීම විශේෂත්වයකි.

(ප්‍රධාන පුහුණුකරු මෙවර කණ්ඩායමේ ශක්තියයි.)

පසුගිය මාර්තු තුන්වැනිදා සාන්ත තෝමස් විද්‍යාලය, සාන්ත පීතර විද්‍යාලය සමඟ සිය පළමු තරගයට පිවිසුණු අතර සුපිරි තරගයකට පසු ඔවුන් ලකුණු 20-19ක් ලෙස ආර්චිබෝල්ඩ් පෙරේරා අනුස්මරණ කුසලානය දිනා ගන්නට සමත් විය. ජයග්‍රාහී ආරම්භය දිගටම පවත්වාගෙන වසර 20කට පසු ලීග් ශුරයින් බවට පත් වන්නට ඔවුන්ට හැකි වෙයි ද?

  • සාන්ත තෝමස් විද්‍යාලය හා රාජකීය විද්‍යාලය – මාර්තු 11, හැව්ලොක් පාක්
  • සාන්ත තෝමස් විද්‍යාලය හා කිංග්ස්වුඩ් විද්‍යාලය – මාර්තු 18, සාන්ත තෝමස් ක්‍රීඩාංගණය
  • සාන්ත තෝමස් විද්‍යාලය හා මලියදේව විද්‍යාලය – මාර්තු 24, සාන්ත තෝමස් ක්‍රීඩාංගණය
  • සාන්ත තෝමස් විද්‍යාලය හා වෙස්ලි විද්‍යාලය – මාර්තු 31, සාන්ත තෝමස් ක්‍රීඩාංගණය  

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<