බලාපොරොත්තු සහිතව තරගාවලියට පිවිසෙන සිල්වෙස්තර තුරඟුන්

105

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියට අදාළ B කාණ්ඩයේ තරග මේ වන විට ආරම්භ වී අවසන්. තරගාවලියේ B කාණ්ඩයේ කණ්ඩායම්වල සූදානම සොයා බැලීමට ThePapare.com විසින් සිදු කළ විමසීමට අදාලව කන්ද උඩරටින් තරගාවලියට පිවිසෙන තවත් කණ්ඩායමක් වන සාන්ත සිල්වෙස්තර විද්‍යාලය පිළිබඳව මේ ලිපියෙන් අවධානයට ලක්කරයි.

කන්ද උඩරට පෙරළිකාරයන් – ශ්‍රී සුමංගල විද්‍යාලය

1992 වසරේ ශ්‍රී සුමංගල විද්‍යාලයට හඳුන්වා දෙන ‍රග්බි ක්‍රීඩාව ……..

ජ්‍යෙෂ්ඨ මෙන්ම නවක මුහුණු රැසක් ද සමඟින් විද්‍යාර්ථයට එරෙහිව පී. එම්. එල්. බණ්ඩා හා බර්ටි නිල්ලේගොඩ අනුස්මරණ මහා රග්බි තරගය ජය ගැනීම සිය පරම අධිෂ්ඨානය කරගෙන මහනුවර සාන්ත සිල්වෙස්තර රග්බි ක්‍රීඩකයෝ එළඹෙන අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියට මනා සූදානමකින් පසු වේ.

ශ්‍රී ලාංකේය රග්බි ක්‍රීඩාවේ පාසල් රග්බි ක්‍රීඩාවට ඇත්තේ ප්‍රමුඛ ස්ථානයක් වන අතර ඒ ජාත්‍යන්තරයට පිය මනින ක්‍රීඩකයන්ගේ තිඹිරිගෙය පාසල් පිටිය වන නිසාවෙනි.

සාන්ත සිල්වෙස්තර රග්බි කණ්ඩායම දේශීය රග්බි පිටියට ඉස්තරම් ක්‍රීඩකයින් රාශියක් දායාද කිරීමට සමත්ව ඇති අතර මහනුවර ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කළ ලසිත අත්තනගොඩ එහි මෑත කාලීන නිෂ්පාදනයක් විය. ලසිත අත්තනගොඩ නායකත්වය දැරූ 2012 වසර සිල්වෙස්තර තුරඟුන් හට ස්වර්ණමය වසරක් වූ බව රහසක් නොවේ. අවාසනාවකට A කාණ්ඩයට පිවිසීමට තිබූ අවස්ථාව ලකුණු තුනකින් ගිලිහි ගියත් B කාණ්ඩයේ පාසල් සාන්ත සිල්වෙස්තර නමට පවා කම්පනය වන තරමට ප්‍රබල කණ්ඩායමක් නිෂ්පාදනය කිරීමට ඔවුන් සමත් වී තිබුණි.

කෙසේ නමුත් පසුගිය තරග වාරය නම් සිල්වෙස්තර තුරඟුන් හට එතරම් සුබ නොවුනත් තවදුරටත් B කාණ්ඩයේ රැඳී සිටීමට තරම් ප්‍රමාණවත් දක්ෂතා පෙන්නුම් කිරීමට ඔවුන්ට හැකි විය. එහි දී දෙවැනි කාණ්ඩය යටතේ ක්‍රීඩා කළ ඔවුන් එහි දී මුහුණ දුන් තරග 9න් 6ක ජයග්‍රහණය වාර්තා කරමින් සාර්ථකව තරගාවලිය අවසන් කළේය. මෙවර තරගාවලිය සඳහා ඔවුන් නවතම සැලැස්මක් ‍යටතේ පුහුණුවීම වල යෙදෙමින් සිටී. කණ්ඩායමේ පුහුණුකරු ලෙස මහනුවර ක්‍රීඩා සමාජයේ දක්ෂ ක්‍රීඩකයෙක් වන රොශාන් වීරරත්න කටයුතු කරයි.

බ්‍රැඩ්බි පළිහටත්, ලීග් ශූරතාවයටත් ඉව අල්ලමින් ත්‍රිත්ව සිංහයෝ සටනට!

ශ්‍රී ලාංකීය පාසල් රග්බි පිටියේ පළමු පාසල් රග්බි තරගය ක්‍රීඩා …..

මනා සංයෝගයක් සහිතව නවක හා ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන්ගේ දක්ෂතා උපරිම ප්‍රයෝජනයට ගනිමින් කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන රොශාන් වීරරත්නගේ අරමුණ වී ඇත. කණ්ඩායම සතුව වේගවත් මැදපෙළක් හා දක්ෂ ඉදිරිපෙළක් සතු බවත් කණ්ඩායමේ සැලසුම් තරගයෙන් තරගයට සකස් කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීමට බලාපොරොත්තු වන බවත් තවදුරටත් අදහස් දක්වමින් රොශාන් වීරරත්න මහතා පවසා සිටියේය.

සාන්ත සිල්වෙස්තර කණ්ඩායම මෙවර තරගාවලියට පෙර පුහුණු තරග දෙකක් සඳහා ක්‍රීඩා කර ඇති අතර එම තරග දෙකම ජයග්‍රහණය කිරීමට ඔවුන් සමත් විය. ඒ අනුව තරගාවලියට ජයග්‍රාහී මානසිකත්වයකින් පිවිසේ.

සාන්ත සිල්වෙස්තර කණ්ඩායම තරගාවලියට අදාලව තරග කිහිපයකට මුහුණ දීමට නියමිත අතර ඉන් පළමු තරගය මහනුවර ධර්මරාජ විද්‍යාලය සමඟින් පැවැත්විය.

මැදපෙළ ක්‍රීඩකයෙක් වන ඩිලංක බණ්ඩාර කණ්ඩායමේ නායකත්වය දරන අතර Center ස්ථානයේ ක්‍රීඩා කරන බුද්ධික කපුකොටුව උපනායකත්වය දරයි.

ThePapare.com වෙත අදහස් දැක්වූ නායක ඩිලංක පසුගිය වසරේ තරගාවලියට වඩා හොඳ සූදානමකින් කටයුතු කරන බවත්, නව පුහුණුකරු යටතේ කණ්ඩායම මෙහෙයවමින් සාර්ථකව තරගාවලියට මුහුණ දීමට බලාපොරොත්තු වන බවත් පවසා සිටියේය.

බෙනඩික්ට් ක්‍රීඩකයින් අඩපණ කළ DSට තවත් අර්ධ ශතකයක්

2019 අන්තර් පාසල් සිංගර් ලීග් රග්බි තරගාවලියේ දෙවන සතියේ ……

කණ්ඩායමේ ඉදිරිපෙළ සවිශ්ක ලක්ශාන්, චමුදිත කෝදාගොඩ, අශේන් රන්දෙනිය, මොහොමඩ් හම්සා, ඩිලුශංක කාරියවසම් විසින් ශක්තිමත් කරන අතර මැදපෙළ නායක ඩිලංක බණ්ඩාර, සලෙශ්න අමරසේකර හා මාලන් වර්ණසූරිය විසින් ශක්තිමත් කරනු ලබයි. කණ්ඩායමේ ScrumHalf වගකීම අවිශ්ක සුබාශ්ට පැවරී ඇති අතර Fly Half ස්ථානයේ සන්තුශ් ශ්‍රීමාල් ක්‍රීඩා කරයි. Center ස්ථානවල බුද්ධික කෝදාගොඩ හා ගිහාන් මදුශංක ක්‍රීඩා කරන්නේ Wing ස්ථානවල ක්‍රීඩා කරන සජිත් හා නවීන් ආරියවංශ හට මනා සහයක් ලබා දෙමිනි.

කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් ලෙස චමත් කපුකොටුව, පසිඳු ජයකොඩි, තේමිය යොමාල්, හෙශන් සාරංග, පසන් දිල්හාර, මනිත් අනුසර, මිතිල ලියනගේ, මලීශ සිල්වා, මොහොමඩ් නිෆ්ලාන්, කසුන් ලක්ශාන්, යෙනුල බිම්සර, කවිදු හෙශාන්,‍ රවිඳු අකලංක, නිමන්ත මදුශාන්, මදුශාන් නානායක්කාර හා තරිඳු සමරසේකර කටයුතු කරයි.

  • ප්‍රධාන පුහුණුකරු – රොශාන් වීරරත්න
  • සහය පුහුණුකරු – ලසිත අත්තනගොඩ
  • ශාරීරික පුහුණුකරු – සනත් ගුණතිලක
  • කණ්ඩායම් බාර ආචාර්ය – කෝසල ගොඩිගමුව

සාන්ත සිල්වෙස්තර ‍රග්බි කාලසටහන

  • මාර්තු 3 මහනුවර ධර්මරාජ විද්‍යාලය සමඟින් බෝගම්බර ක්‍රීඩාංගණයේ දී
  • මාර්තු 10 මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සමඟින් නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී
  • මාර්තු 17 තර්ස්ටන් විද්‍යාලය සමඟින් පල්ලෙකැලේ ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී
  • මාර්තු 23 මහානාම විද්‍යාලය සමඟින් පල්ලෙකැලේ ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී
  • කන්නංගර විද්‍යාලය සමඟ තරගය සඳහා දිනයක් වෙන්කර නොමැත.

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<