රිච්මන්ඩ් හා සාන්ත පීතර විදුහල් පළමු ඉනිම ජය ගනියි

77

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (6) නිමාවට පත්විය. එම තරග දෙකෙන් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය හා සාන්ත පීතර විද්‍යාලය පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කරගැනීමට සමත් විය.

මහනුවර ධර්මරාජ විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ….

කොළඹ නාලන්දා විද්‍යාලය හා බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය 

නාලන්දා විදුහල් පිටියේ දී ජය පරාජයෙන් තොරව අවසන් වූ මෙම සුහද තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත පීතර විද්‍යාලය පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි. කෙසේ නමුත් පළමු ඉනිමේ වැඩි වාසිය දිනා ගැනීමට සාන්ත පීතර විද්‍යාලය සමත් විය.

වමතින් දඟපන්දු යවන කනිෂ්ක මදුවන්තගේ දක්ෂ පන්දු යැවීම නිසා සත්කාරක නාලන්දා පළමු ඉනිම ලකුණු 166කට සීමා කර ගැනීමට සාන්ත පීතර විද්‍යාලයට හැකි විය. 

එයට පිළිතුරු ලෙස සාන්ත පීතර විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 250ක් වාර්තා කරගනිමින් ඔවුන්ගේ පළමු ඉනිම අත්හිට වූයේ තරගයේ වැඩි වාසිය සියතට ගෙන වන අතර එහි දී නිපුනක ෆොන්සේකා හා රිසික සන්තුෂ් පිළිවෙළින් ලකුණු 69ක් හා ලකුණු 44ක් වාර්තා කරගනිමින් ඔවුන්ගේ මුල්පෙළ සවිමත් කළේය. 

ලකුණු 84ක පළමු ඉනිමේ අවාසියක් සහිතව පිටියට අවතීර්ණ වූ  නාලන්දා විද්‍යාලය දිනය අවසන් වන තෙක් කඩුල්ලේ රැඳී සිටිමින් පිතිකරණයේ නිරත වීමට උත්සහ කළේය. 

එසේ වුවත් ට්‍රිශේන් වික්‍රමසිංහ ඇතුළු සාන්ත පීතර විද්‍යාල පන්දු යවන්නෝ නාලන්දා විද්‍යාල පිතිකරුවන් වෙත දැඩි පීඩනයක් එල්ල කරමින් නාලන්දා දෙවන ඉනිමේ කඩුලු 6ක් ලකුණු 78ක් තුල දවා ගත්තේය. අවසානයේ අයහපත් ආලෝක තත්වය නිසා තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. 

නාලන්දා විද්‍යාලය – 166 (62.2): චනුල අතුකෝරල 33, මහීම වීරකෝන් 31, මෝක්ෂ සංකල්ප 25, ලක්ෂාන් කාශ්‍යප 20, කනිෂ්ක මධුවන්ත 5/50, රුවින් සෙනෙවිරත්න 2/40. සහ 78/6 (31): විහඟ විමංග 24*, ට්‍රිශේන් වික්‍රමසිංහ 3/21, කනිෂ්ක මදුවන්ත 2/24

සාන්ත පීතර විද්‍යාලය – 250/7d (89): නිපුනක ෆොන්සේකා 69, රිසික සන්තුෂ් 44, ෂැනොන් ප්‍රනාන්දු 32, කනිෂ්ක මදුවන්ත 23, චමෝද්‍ය රාජපක්ෂ 3/61.

Video – ජාත්‍යන්තරයේ වැඩිම උඩ පන්දු ප්‍රමාණයක් රැකගත් ක්‍රීඩකයින් – සිංහලෙන් ක්‍රිකට් 10

පන්දු යවන්නෙක්ට හරි පන්දු යවන කණ්ඩායමට හරි ක්‍රිකට් ක්‍රීඩාව තුල යම්….


ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය හා මරදාන සහිරා විද්‍යාලය 

D කාණ්ඩයේ තරගයක් ලෙස ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඊයේ (5) දිනයේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සංචාරක සහිරා විද්‍යාල නායකයා පළමුව පහර දීම සඳහා රිච්මන්ඩ් විද්‍යාලයට ඇරයුම් කළේය.

එම ඇරයුමින් පිටියට පැමිණි රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් භානුක මනෝහර නොදැවී ලකුණු 35*ක් ලබාගෙන ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 114ක් දක්වා රැගෙන ගියේය. රිච්මන්ඩ් විද්‍යාල පිතිකරුවන් හට දැඩි පීඩනයක් එල්ල කිරීමට සහිරා විද්‍යාල පන්දු යවන්නෝ සමත් වූ අතර එහි දී විශාන් රුවින් ලකුණු 17කට කඩුලු 5ක් දවා ගන්නා ලදි.

සහිරා විද්‍යාලය පන්දු යවන්නන් ඔවුන්ට ලබා දුන් අභියෝගයට නොදෙවෙනි අභියෝගයක් ලබා දුන් කල්ප නෙත්සර ඇතුළු රිච්මන්ඩ් විද්‍යාලය සහිරා විද්‍යාල පළමු ඉනිම ලකුණු 92කට සීමා කරමින් මේ තරගය පන්දු යවන්නන්ගේ සටනක් බවට පත් කරවන ලදි. මොහොමඩ් මහජි ලකුණු 29යි.

කෙසේ නමුත් තරගය පිළිබඳව බලාපොරොත්තු අත් නොහළ රිචමන්ඩ් පිතිකරුවන් ඔවුන්ගේ දෙවන ඉනිම සඳහා පන්දුවාර 52කුත් පන්දු 5ක් තුල කඩුලු 4ක් දැවී ලකුණු 177ක් ලබා ගනිමින් ඔවුන්ගේ දෙවන ඉනිම අත්හිට වූයේ සහිරා විද්‍යාලයට ජයග්‍රහණය සඳහා ලකුණු 200ක තරගකාරී ඉලක්කයක් ලබා දෙමින්. 

අවසානයේ තරගය නිමා වන විට සහිරා විද්‍යාලය ඔවුන්ගේ දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 5ක් දැවී ලකුණු 90ක් ලබාගෙන සිටි අතර රිච්මන්ඩ් විද්‍යාලයට පළමු ඉනිමේ ජයකින් සෑහීමකට පත් වීමට සිදු විය. සහිරා විද්‍යාලය වෙනුවෙන් ඉමිතියාස් ස්ලාසා තරගය පුරාවටම සිය තුන් ඉරියව් දස්කම් දක්වන ලදි.

රිච්මන්ඩ් විද්‍යාලය – 114 (38): භානුක මනෝහර 35*, විශාන් රුවින් 5/17. & 177/4d (52.5): දිමුත් සඳරුවන් 67, තරින්ද නිර්මාල් 59*, චමත් දිල්සර 22, ඉශාන් රුබේරු 2/50, ඉමිතියාස් ස්ලාසා 2/59.

සහිරා විද්‍යාලය – 92 (48.1): මොහොමඩ් මහජි 29, නලීන් ශේක්ත් 22, කල්ප නෙත්සර 4/26, සුගත් නිම්නාද 2/12. සහ 90/5 (37): ඉමිතියාස් ස්ලාසා 41, කිෂාන් චාමික 3/20, ඉශාන් චාමික 2/07.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<