ප්‍රබලයින් හලා පාකිස්තානය ඕස්ට්‍රේලියාවත් සමඟ සටනට

59

ඕස්ට්‍රේලියාවට එරෙහි තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන පාකිස්තාන සංචිතය නම් කර තිබේ. එම සංචිතයෙන් පාකිස්තානයේ ප්‍රධාන ක්‍රීඩකයින් හය දෙනෙකු විවේක ගන්වා තිබීම විශේෂත්වයකි.

පාකිස්තානයට එරෙහි ඕස්ට්‍රේලියා එක්දින සංචිතය නම් කරයි

පකිස්තානය සමඟ පැවැත්වෙන තරග පහකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ඕස්ට්‍රේලියානු එක්දින සංචිතය ප්‍රකාශයට පත්කර තිබේ. තරග 5කින් සමන්විත…

පාකිස්තාන කණ්ඩායමේ නිත්‍ය නායක සෆ්රාස් අහමඩ්, වර්තමාන පාකිස්තාන කණ්ඩායමේ සාර්ථකම පිතිකරුවෙකු වූ බාබර් අසාම්, ශහීන් අෆ්රිඩි, ෆකර් සමාන්, ශඩාබ් ඛාන් හා හසන් අලි මෙලෙස ඕස්ට්‍රේලියාවට එරෙහිව නම් කළ එක්දින සංචිතයෙන් විවේක ගන්වා තිබේ.

පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන තේරීම් නිලධාරි ඉන්සසාම් අල් හක් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ එළඹෙන 2019 ලෝක කුසලානය මූලික කර ගනිමින් මෙලෙස එරට ප්‍රධාන ක්‍රිකට් ක්‍රීඩකයින් හය දෙනෙකු විවේක ගැන්වූ බවයි.

ඒ අනුව පාකිස්තාන නිත්‍ය නායක සෆ්රාස් අහමඩ් ඕස්ට්‍රේලියානු සංචිතයෙන් විවේක ගන්වා තිබීම හේතුවෙන් එම සංචාරයේ දී පාකිස්තාන කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ ශොයිබ් මලික් විසිනි.

උමාර් අක්මාල්, ජුනෙයිඩ් ඛාන්, හා මෙතෙක් එක්දින වරම් ලබා නොමැති සාඩ් අලි, මොහොමඩ් අබ්බාස් සහ මොහොමඩ් හස්නෙයින් ද මෙම 16 දෙනාගේ සංචිතයට ඇතුළත්.

අසේල ගුණරත්න පාකිස්තානයට

මේ දිනවල පැවැත්වෙන පාකිස්තාන සුපර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පාකිස්තාන අදියර වෙනුවෙන් ක්‍රීඩා කරන ලාහෝර් කොලන්ඩාර්ස් කණ්ඩායම සඳහා…

හූසෙන් ටලට් 16 දෙනෙකුගෙන් සමන්විත මෙම පාකිස්තාන සංචිතයට කැඳවා නොමැති අතර ආබාධයකට ලක්ව සිටින මොහොමඩ් හෆීස් ද මෙම සංචිතයට කැඳවා නොමැත. අබිඩ් අලී, ශාන් මසූඩ් ,ඉමාම් උල් හක්, හාරිස් සොහොයිල්, සාඩ් අලී, මොහොමඩ් රිස්වාන් මෙම සංචිතයට ඇතුළත් අනෙකුත් ක්‍රීඩකයින් වේ.

සංචිතය – ශොයිබ් මලික් (නායක), අබීඩ් අලී, ශාන් මසූඩ්, ඉමාම් උල් හක්, හාරිස් සොහෙයිලං, සාඩ් අලී ,මොහොමඩ් රිස්වාන්, උමාර් අක්මාල්, ෆහීම් අශ්රාෆ්, ඉමාඩ් වසීම්, යසිර් ශා, ජුනෙයිඩ් ඛාන්, මොහොමඩ් අමීර්, මොහොමඩ් අබ්බාස්, මොහොමඩ් හස්නෙයින්, උස්මන් ශින්වාරි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<