පාකිස්තානයට එරෙහි ඕස්ට්‍රේලියා එක්දින සංචිතය නම් කරයි

69

පකිස්තානය සමඟ පැවැත්වෙන තරග පහකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ඕස්ට්‍රේලියානු එක්දින සංචිතය ප්‍රකාශයට පත්කර තිබේ. තරග 5කින් සමන්විත පාකිස්තාන – ඕස්ට්‍රේලියා එක්දින ක්‍රිකට් තරගාවලිය එළඹෙන මාර්තු 22 වැනිදා ආරම්භ වනු ඇත.

මව් රටේ දී ම කොදෙව්වන්ට අවමන් සහගත පරාජයක්

සෑම් බිලින්ග්ස්ගේ සහ ජෝ රූට්ගේ දක්ෂ පිතිකරණයන් සහ කොදෙව් ප්‍රබල පිතිකරණ ලැයිස්තුව අසරණ කළ ක්‍රිස් ජෝර්ඩන් ප්‍රමුඛ එංගලන්ත

කෙසේ වෙතත් එම සංචිතය සඳහා හිටපු නායක, සුපිරි පිතිකරු ස්ටිවන් ස්මිත් සහ හිටපු උපනායක ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ඇතුළත් නොවීම විශේෂත්වයකි.

පන්දුව පළුදු කිරීමේ චෝදනාවට වැරදිකරු වීම හේතුවෙන් ස්ටීවන් ස්මිත්ට හා ඩේවිඩ් වෝනර්ට වසරක තරග තහනමක් පැනවිය. එම  තහනම එළඹෙන මාර්තු මස 28 වැනිදා අවසන් වීමට නියමිතය.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ ස්මිත් සහ වෝනර් මේ වන විට ඔවුන් මුහුණ දුන් ආබාධවලින් ද ක‍්‍රමයෙන් සුව වෙමින් සිටින බවය.

එළඹෙන 23 වැනිදා ආරම්භ වන ලොව සුපිරිතම ලීග් ක්‍රිකට් තරගාවලියක් වන ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය, ස්මිත්ට හා වෝනර්ට යලි ක්‍රිකට් පිටියට පිවිසීම සඳහා සුදුසු බව ඔහු පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියානු සංචිතයට ස්මිත් හා වෝනර් කැඳවනු ඇතැයි බොහෝ දෙනාගේ අපේක්ෂාවයි. තරග 5කින් සමන්විත පාකිස්තානයට එරෙහි එක්දික ක්‍රිකට් තරගාවලියට නම් කළ ඕස්ට්‍රේලියානු සංචිතයේ නායකත්වය හිමිව ඇත්තේ එ්රන් ෆින්ච්ටයි.

ආරම්භක පිතිකරු උස්මාන් කාවාජා, ශොන් මාෂ්, පීටර් හැන්ඩ්ස්කොම්බ්, ග්ලේන් මැක්ස්වෙල්, ඈශ්ටන් ටර්නර්, මාකස් ස්ටොයිනිස්, පාකිස්තානයට එරෙහි ඕස්ට්‍රේලියානු සංචිතයට ඇතුළත් කර තිබේ.

විස්සයි විස්ස අවසන් තරගයෙන් බිහි වූ අපූරු වාර්තාව

2014 වසරේ විස්සයි විස්ස ලෝක කුසලානය ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ එක්තරා සුවිශේෂී සංධිස්ථානයක්. මෙම අවසාන මහා තරගයෙන්

කඩුලු රකින්නා වශයෙන් ඇලෙක්ස් කේරි, පැට් කමින්ස්, නේතන් කෝල්ටර් නයිල්, ජායි රිචඩ්සන් හා කේන් රිචඩ්සන් ද මෙම සංචිතයට ඇතුළත් වේ.

ජේසන් බෙහෙරන්ඩොෆ්, නේතන් ලයන් හා ඇඩම් සම්පා ද මෙම සංචිතයට ඇතුළත් අතර ආබාධයක් හේතුවෙන් වේගපන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක්ට මෙම තරගාවලිය අහිමි වී තිබේ.

දෙරට අතර තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය එළඹෙන මාර්තු මස 22 වැනිදා දිවා රාත්‍රී තරගයක් ලෙස සාජා හිදී පැවැත්වේ. දෙවන තරගය මාර්තු මස 24 වැනිදා දිවා රාත්‍රී තරගයක් ලෙසත්, තුන්වැනි තරගය මාර්තු මස 27 වැනිදා අබුඩාබි හිදිත් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

තරගාවලියේ සිව්වැනි තරගය මාර්තු මස 29 වැනිදා ඩුබායි හිදිත්, පස්වැනි හා අවසන් එක්දින තරගය මාර්තු 31 ඩුබායි හිදිත් පැවැත්වීමට නියමිතය.

ඕස්ට්‍රේලියා සංචිතය – එරෝන් ෆින්ච් (නායක) උස්මාන් කාවාජා, ශොන් මාෂ්, පීටර් හැන්ඩ්ස්කොම්බ්, ග්ලේන් මැක්ස්වෙල්, ඇශ්ටන් ටර්නර්, මාකස් ස්ටොයිනිස්, ඇලෙක්ස් කේරි, පැට් කමින්ස්, නේතන් කෝල්ටර් නයිල්, ජායි රිචඩ්සන්, කේන් රිචඩ්සන් ,ජේසන් බෙහෙරන්ඩොෆ්, නේතන් ලයන් හා ඇඩම් සම්පා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<