“මම දවසට බිත්තර 24ක් කනවා” – හරිස් රවුෆ්

7969
MSN

වේගපන්දු යවන පාකිස්තාන ක්‍රීඩක හරිස් රවුෆ් පාකිස්තාන Geo news නාලිකාවෙන් විකාශය වන “හස්නා මනා හේ” වැඩසටහනට සහභාගී වෙමින් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ ආරම්භය සිහි කළා.

ඉන්දියානු කණ්ඩායම 2019 ඕස්ට්‍රේලියා සංචාරයේ නිරත වෙද්දී රවුෆ් ඕස්ට්‍රේලියානු ක්‍රීඩා සමාජයකට ක්‍රීඩා කරමින් සිටි නිසා ඔහු සිඩ්නි නුවර පුහුණු දැල් තුළ පන්දු යවන්නෙකු ලෙස කටයුතු කළ අයෙක්.

එබැවින් විරාත් කෝලි වැනි පිතිකරුවන්ට පන්දු යැවීමේ අවස්ථාව ඔහුට උදාවී තිබුණා. ඔහුගේ පන්දු යැවීමට මුහුණ දෙමින් විරාත් කෝලි මෙසේ පැවසූ බව රවුෆ් පවසනවා.

ඔයා මාස 06කින් පාකිස්තානයට ක්‍රීඩා කරයි.”

කෝලි එසේ පැවසීමෙන් අනතුරුව පාකිස්තාන වේගපන්දු යවන්නන් අතරින් කෙමෙන් ඉදිරියට පැමිණි රවුෆ් පාකිස්තාන කණ්ඩායමේ ප්‍රබලම වේගපන්දු යවන්නෙකු බවට පත්වුනා.

මම මාස 8-9ක් යද්දී පාකිස්තානයට ක්‍රීඩා කළා,” රවුෆ් සිහි කරනවා.

ඔහු විසින් දවා ගැනීමට වඩාත්ම කැමති කඩුල්ල කුමක් දැයි විමසද්දී ඔහු පැවසුවේ,

මගේ කඩුලු හැම එකක්ම මට වටිනවා. ඒත් එකක් තෝරාගන්න වෙනවා නම්, ඒ විරාත් කෝලි වෙන්න ඕන”, යනුවෙන්.

එමෙන්ම ඔහුගේ ආහාර රටාව ගැන ද ඔහු අදහස් පල කළා.

මම දවසකට බිත්තර 24ක් කනවා. ආකිබ් ජාවෙඩ් (පාකිස්තාන වේගපන්දු පුහුණුකරු) මට ආහාර සැලැස්මක් දීලා තිබුණා. උදේ කෑමට බිත්තර 8යි, දවල් කෑමට බිත්තර 8යි, රෑ කෑමට බිත්තර 8යි. මම පළවෙනි වතාවට ක්‍රිකට් ඇකඩමියට යද්දී කාමරේ ඇතුළේ බිත්තර රාක්ක පිරිලා තිබුණා. මම හිතුවා මම ගොවිපලකටවත් ආවද කියලා. එතකොට මගේ බර කිලෝ 72ක් විතර. ආකිබ් අයියා තමයි මට කිව්වේ මගේ උසට අනුව මම කිලෝ 82ක් 83ක් වත් වෙන්න ඕන කියලා. මම දැන් කිලෝ 82යි”, රවුෆ් පැවසුවා.

එතුළ ශ්‍රී ලාංකික වේගපන්දු යවන්නන්ට ද පණිවුඩයක් තිබෙනවා. එනම් වේගපන්දු යැවීම යනු දිවවිත් වේගයෙන් පන්දු යැවීම පමණක් නොවන බවයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<