තර්ස්ටන්වරුන් ඩබ්. ඒ. ද සිල්වා කුසලානය දිනති

400

තර්ස්ටන් විද්‍යාලය හා ඉසිපතන විද්‍යාලය අතර 38 වැනි වරටත් පැවැත්වූ සහෝදරයින්ගේ සංග්‍රාමයේ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය ලකුණු 75කින් ජය ගත් තර්ස්ටන් විද්‍යාලය, ඩබ්. ඒ. ද සිල්වා අනුස්මරණ කුසලානය සිය පාසලට රැගෙන යාමට සමත් විය. තරගය අද (04) කොළඹ සරවනමුත්තු ක්‍රීඩා පිටියේ දී පැවැත්විය.

55 වැනි සහෝදර සංග්‍රාමය ජය පරාජයෙන් තොරව නිමා වේ

55 වැනි වරටත් පැවති තර්ස්ටන් – ඉසිපතන සහෝදරයන්ගේ වාර්ෂික මහා ක්‍රිකට්…

කාසියේ වාසිය දිනාගත් තර්ස්ටන් විද්‍යාල නායක නිපුන් ලක්ෂාන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. ඔවුන් සිය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 247ක් රැස්කර ගත්තේය.

එහි දී දක්ෂ පිතිකරණයක නිරත වූ මුල්පෙළ පිතිකරු පන්සිළු දේශාන් පන්දු 90ක් තුළ නොදැවී ලකුණු 70*ක් ලබාගෙන තර්ස්ටන් ලකුණු පුවරුව සවිමත් කළේය. පන්සිළු හට සහය වූ නිමේෂ් පෙරේරා (41), යෙශාන් වික්‍රමාරච්චි (36) හා ඉමේෂ් විරංග (33) යන ක්‍රීඩකයින් ලකුණු අතරට පිවිසියහ.

ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ මදුෂික සඳරුවන්, නිපුන් ලක්ෂාන්, රශ්මික හිරුපිටිය, සඳරු ඩයස් යන පිතිකරුවන් පන්දු 3ක් තුළ දවා ගනිමින් මේ තරගයේ දී කඩුලු ත්‍රිත්වයක් ලබා ගත්තේ කඩුලු 5ක් බිඳ දමමිනි.

යෙශාන් හා ඉමේෂ් තර්ස්ටන් විද්‍යාලයට සාර්ථක ආරම්භයක් එකතු කරමින් ස්ථාවර ලකුණු පුවරුවකට යාමට අවශ්‍ය මූලික පසුබිම සකස් කරන ලදි.

ඔවුන් දෙදෙනා පිළිවෙළින් ලකුණු 36කට හා ලකුණු 33කට දැවී ගිය පසුව නිමේෂ් ලකුණු අතරට පිවිසියේ 4 පහර කිහිපයක්ම සිය ලකුණු ගොන්නට අන්තර්ගත කරමිනි.

අයියා මලෝ ශතක වාර්තාවත් සමඟින් සුලෝහිත සටන නිමා වේ

මෙරට ප්‍රමුඛතම බෞද්ධ පාසල් දෙක වන කොළඹ ආනන්ද විද්‍යාලය සහ නාලන්ද විද්‍යාලය…

තර්ස්ටන් විද්‍යාලය ලබාගත් ලකුණු 247ට පිළිතුරු ලෙස ඉසිපතන විද්‍යාලයට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 172ක් පමණි. ඉසිපතන විද්‍යාලය සතුව සිටින අත්දැකීම් බහුල පිතිකරුවන් යුගලයක් වන සංජුල අබේවික්‍රම හා අයන සිරිවර්ධන හට සඳරු ඩයස් ඇතුළු තර්ස්ටන් විද්‍යාල පන්දු යවන්නන් හමුවේ එතරම් මට්ටමකට සාර්ථක වීමට නොහැකි විය. අශේන් ගුණවර්ධන ලකුණු 32ක් ලබාගෙන ඉසිපතන විද්‍යාල ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.

සඳරු ඩයස් හා අයේෂ් හර්ෂණ පිළිවෙළින් කඩුලු 3ක් හා කඩුලු 2ක් දවා ගනිමින් ඉසිපතන විද්‍යාල ඉනිම ලකුණු 172කට සීමා කළේ තර්ස්ටන් විද්‍යාලයට ලකුණු 75ක ජයක් හිමිකර දෙමිනි. මේ පාසල් දෙක අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගය ලබන 11 වැනිදා (ඉරිදා) තර්ස්ටන් විද්‍යාල පිටියේ දී පැවැත්වෙනු ඇත.

තර්ස්ටන් විද්‍යාලය – 247/9 (50): පන්සිළු දේශාන් 70*, නිමේෂ් පෙරේරා 41, යෙශාන් වික්‍රමාරච්චි 36, ඉමේෂ් විරංග 33, මදුෂික සඳරුවන් 5/36, සංජුල බන්ඩාර 2/38.

ඉසිපතන විද්‍යාලය – 172 (46.3): අශේන් ගුණවර්ධන 32, සංජුල අබේවික්‍රම 27, සඳරු ඩයස් 3/44, අයේෂ් හර්ෂණ 2/17.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<