අසේල ගුණරත්න පාකිස්තානයට

158

මේ දිනවල පැවැත්වෙන පාකිස්තාන සුපර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පාකිස්තාන අදියර වෙනුවෙන් ක්‍රීඩා කරන ලාහෝර් කොලන්ඩාර්ස් කණ්ඩායම සඳහා ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න හා එංගලන්ත ක්‍රීඩක රිකි වෙස්ලස් කැඳවා තිබෙන බව වාර්තා වේ. ඒ නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක කොරේ ඇන්ඩර්සන් සහා රයන් ටෙන්ට වෙනුවටයි.

මව් රටේ දී ම කොදෙව්වන්ට අවමන් සහගත පරාජයක්

සෑම් බිලින්ග්ස්ගේ සහ ජෝ රූට්ගේ දක්ෂ පිතිකරණයන් සහ කොදෙව් ප්‍රබල පිතිකරණ ලැයිස්තුව අසරණ කළ…

ලාහෝර් කොලන්ඩාර්ස් කණ්ඩායමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි සමීන් රානා මෙම ආදේශනය අනුමත කර තිබේ.

නවසීලන්ත ක්‍රීඩක කොරේ ඇන්ඩර්සන් පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පාකිස්තාන අදියරට සහභාගී නොවන අතර රයන් ටෙන්ට එම අදියර අහිමි වී තිබෙන්නේ ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙනි.

අසේල ගුණරත්න අද (09) ලාහෝර් කොලන්ඩාර්ස් කණ්ඩායම සමඟ එක්වීමට පාකිස්තානයට පිටත්ව ගොස් තිබේ.

රිකි වෙස්ලස් ලොව පුරා පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලීග් තරගාවලි වල තරග 204කට අධික සංඛ්‍යාවක් ක්‍රීඩා කර ඇති කඩුලු රකින ක්‍රීඩකයෙකි. ශ්‍රී ලංකාවේ අසේල ගුණරත්න ද ලොව පුරා පන්දුවාර විස්සයි විස්ස ලීග් තරගාවලි වල තරග 48කට අධික සංඛ්‍යාවක් ක්‍රීඩා කර ඇති දක්ෂ ක්‍රීඩකයෙකි.

මේ වන විට ජාත්‍යන්තර පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරග 12කට ක්‍රීඩා කර ඇති අසේල ගුණරත්න රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 225ක්. ඊට අර්ධ ශතක දෙකක් ඇතුළත්. අසේල ගුණරත්න නියෝජනය කරන ලාහෝර් කොලන්ඩාර්ස් කණ්ඩායම අද දිනයේ දී ඉස්ලාමාබාද යුනයිටඩ් කණ්ඩායම  සමඟ තරග වැදීමට ද නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<