ශිකර් ධවාන් ඉතිහාසගත වෙයි

213
Image courtesy - sportsRush 
 

IPL තරගාවලියේ පිට පිට තරග දෙකක දී ශතක රැස්කළ ලොව පළමු ක්‍රීඩකයා බවට පත්වීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ සුපිරි ආරම්භක පිතිකරු ශිකර් ධවාන් අද (20) දින සමත් වුනා. ඒ කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම සමඟ පැවති තරගයේ දී පන්දු 57කින් ශතකයක් වාර්තා කරමිනුයි. ඔහු මෙම තරගයට පෙර තරගයේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිවත් ශතකයක් වාර්තා කරන්නට සමත් වුනා. 

මෙම ශතකයත් සමඟින් IPL තරගවාරයක ශතක දෙකක් රැස්කළ දෙවන ඉන්දීය ක්‍රීඩකයා බවට ද ඔහු පත්වුනා. ඔහුට පෙර 2016 IPL තරගවාරයේ දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් නායක විරාත් කෝලි එක් තරගවාරයක ශතක හතරක් රැස්කර ගැනීමට සමත්ව තිබුනා. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න:

විදේශීය ක්‍රීඩකයින් ද ඇතුළුව ගත් විට එක් තරගවාරයක එක් ශතකයකට වඩා රැස්කර ඇත්තේ ක්‍රීඩකයින් හතර දෙනෙකු පමණයි. ඒ විරාත් කෝලි, ක්‍රිස් ගේල් (ශතක 2 යි), හෂීම් අම්ලා (ශතක 2 යි) සහ ෂේන් වොට්සන් (ශතක 2 යි). 

ධවාන් අද රැස්කළ ශතකයත් සමඟ ඔහු IPL තරගාවලියේ ලකුණු 5000 සීමාවද ඉක්මවා ගියා. ඒ එම සීමාව ඉක්මවා ගිය පස්වන ක්‍රීඩකයා ලෙසයි. ඔහුට පෙර එම දස්කම දක්වන්නට සමත් වුනේ විරාත් කෝලි, සුරේෂ් රයිනා, රෝහිත් ශර්මා හා ඩේවිඩ් වෝනර්. 

HindustanTimes ඇසුරින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<