Home Sinhala ලොකුම කඩඉම් දෙක ජයගත් පාකිස්තානය අවසන් පූර්ව වටය අභියස

ලොකුම කඩඉම් දෙක ජයගත් පාකිස්තානය අවසන් පූර්ව වටය අභියස

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

339
Getty Images

2021 ලෝක කුසලාන T20 ක්‍රිකට් තරගාවලියේ 18 වන තරගය අද (26) නවසීලන්තය සහ පාකිස්තානය අතර සාජා හිදී පැවැත්වුනා. සුපිරි 12 වටයේ දෙවන කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මේ තරගයෙන් කඩුලු 5ක ජයක් ලබාගත් පාකිස්තානය සිය අපරාජිත ගමන තවදුරටත් පවත්වා ගැනීමට සමත් වුනා.

මේ තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තානු නායක Babar Azam පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර ඔවුන් ඉන්දියාව පරාජයට පත් කරමින් මේ තරගය සඳහා අවතීර්ණ වුනේ ඉතාමත් හොඳ මානසික මට්ටමක සිටයි.

මේ තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

පාකිස්තානය – Babar Azam (capt.), Mohammad Rizwan (wk), Fakhar Zaman, Mohammad Hafeez, Shoaib Malik, Asif Ali. Shadab Khan, Imad Wasim, Hasan Ali, Haris Rauf, Shaheen Shah Afridi.

නවසීලන්තය – Martin Guptill, Devon Conway, Glenn Phillips, Kane Williamson (capt.), Tim Seifert (wk), Daryl Mitchell, James Neesham, Mitchell Santner, Tim Southee, Trent Boult, Ish Sodhi.

අද තරගය සඳහා සකස් කළ තිබූ සාජා තණතීරුව යම් මන්දගාමී ස්වභාවයක් පෙන්නුම් කළ නිසා පළමු පන්දුවාර 6 එනම් Powerplay අවස්ථාව තුල ලබාගන්නා ලකුණු ප්‍රමාණය ඉතාමත් වැදගත් වෙනවා. ඒ නිසා නවසීලන්තය වෙනුවෙන් Guptill සහ Daryl ඔවුන්ගේ ඉනිම ආරම්භ කළ අතර ඔවුන් දෙදෙනා ලකුණු 36ක සබඳතාවයක් ගොඩනැංවූවා. එම සබඳතාවය අවසන් කරමින් ලකුණු 17ක් ලබාගෙන සිටි Guptill පිටියෙන් ඉවත් කිරීමට Rauf සමත් වුනා.

පළමු පන්දුවාර 6 අවසානයේ කඩුල්ලක් පමණක් දැවී ලකුණු 42ක් ලබාගෙන සිටි නවසීලන්ත ඉනිමේ අවසන් පන්දුවාර 14 තුල දී ඔවුන්ට ලබාගැනීමට හැකිවුණේ ලකුණු 92ක් (පන්දුවාරයකට දළ ලකුණු 6.57) පමණයි. එහිදී Rauf ඇතුළු පාකිස්තානු පන්දු යවන්නන් කඩුලු 7ක් දවාගෙන නවසීලන්ත ඉනිමේ සමස්ත කඩුලු 8ක් දවාගත්තේ ඔවුන්ගේ ඉනිම ලකුණු 134කට සීමා කරමිනි.

ඔවුන්ගේ ආරම්භක පිතිකරු Daryl සහ මැදපෙළ පිතිකරු Conway දෙදෙනාම ලකුණු 27 බැඟින් ලබාගෙන නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභින් වුනු අතර නායක Williamsonගේ ඉනිම ලකුණු 25කට සීමා කිරීමට නවසීලන්ත දක්ෂ පන්දු රැකීම සමත් වුනු අතර එම දවාගැනීම සඳහා ද දායක වුනේ Rauf. මේ නවසීලන්ත ඉනිම තුලදී 4 පහර 12ක් සහ 6 පහර 3ක් වාර්තා වුනා.

පිළිතුරු ඉනිම දියත් කිරීම සඳහා පිටියට පිවිසි කඩුලු රකින පිතිකරු Rizwan සහ නායක Babarගේ සබඳතාවය ලකුණු 28කට සීමා කරමින් නවසීලන්තය වෙනුවෙන් හොඳ ආරම්භයක් ලබාදීමට Southee සමත් වුනා. එහිදී ලකුණු 9ක් ලබාගෙන සිටි Babarගේ කඩුල්ල දැවී ගියා. අනතුරුව පිටියට අවතීර්ණ වුනු Zaman, Hafeez සහ Imadගේ කඩුලු ද ඉතාමත් ඉක්මනින් දවාගත් Sodhi ප්‍රමුඛ නවසීලන්තය පන්දුවාර 16 පමණ දක්වා ඉතාමත් හොඳින් තරගය පාලනය කරගෙන පැමිණි නමුත්, 87කට කඩුලු 5ක් දැවී ගොස් තිබූ ඉනිම ජයග්‍රහණය දක්වා රැගෙන යාමට 39 හැවරිදි Malik සහ Asif සමත් වුනා.

එහිදී ඔවුන් දෙදෙනා පාකිස්තානු ඉනිමේ 6වන කඩුල්ල සඳහා පන්දු 23ක් තුල නොදැවී ලකුණු 48*ක සුපිරි සබඳතාවයක් ගොඩනැංවූ අතර අවසන් තීරණාත්මක පන්දුවාර 4 ක්‍රියාත්මක කිරීම සඳහා නවසීලන්ත පන්දු යවන්නන් නිසි පරිදි හසුරුවාගැනීමට නොහැකි වුනු හැඩක් පෙනෙන්නට තිබුනා.

කෙසේ නමුත් Malik සහ Asif එක්ව පිළිවෙළින් ලකුණු 26*ක් සහ ලකුණු 27*ක් ලබාගෙන ඔවුන්ගේ ජයග්‍රහණය තහවුරු කළ අතර පන්දු 12කදී වාර්තා වුනු Asifගේ ඉනිමට 4 පහරක් සහ දැවැන්ත 6 පහර 3ක් ඇතුලත් වුනා. පන්දු යැවීමේ දී Sodhi ලකුණු 22කට කඩුලු 4ක් දවාගත්තා.

ඒ අනුව මේ ලබාගත් තරග ජයග්‍රහණයත් සමඟම පාකිස්තානයට අවසන් පූර්ව වටය (semi finals) සඳහා යාමට තිබෙන ඉඩකඩ ඉතාමත් වැඩි වන්නේ, ඔවුන්න් ඉන්දියාව සහ නවසීලන්තය දැනටමත් පරාජය කර තිබෙන නිසයි. ඒ අනුව පාකිස්තානයට ඉතිරිව තිබෙන්නේ ඇෆ්ගනිස්තානය, නැමීබියාව සහ ස්කොට්ලන්ත තරග වන අතර එම තරග වල වාසිය බොහෝ විට ඔවුන් සතු වීමට ඉඩකඩ තිබීම එයට හේතුවයි.

ලකුණු සාරාංශය,

නවසීලන්තය – 134/8 (20): Daryl Mitchell 27, Devon Conway 27, Kane Williamson 25, Haris Rauf 4/22.

පාකිස්තානය – 135/5 (18.4): Mohammad Rizwan 33, Asif Ali 27*, Shoaib Malik 26*, Ish Sodhi 2/22.

තරගයේ වීරයා – Haris Rauf (පාකිස්තානය)

මේ ලෝක කුසලාන තරගාවලියේ පළමු කාණ්ඩයේ තරගයක් හෙට (27) සවස 3.30ට එංගලන්තය සහ බංග්ලාදේශය අතර පැවැත්වෙනවා. එසේම එදිනම රාත්‍රී 7.30ට ස්කොට්ලන්තය සහ නැමීබියාව එකිනෙකා මුණගැසීමට සූදානමින් සිටින අතර මේ තරග දෙකම අබුඩාබි හිදී පැවැත්වෙනවා.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<


Result


Pakistan
135/5 (18.4)

New Zealand
134/8 (20)

Batsmen R B 4s 6s SR
Daryl Mitchell b Haris Rauf 17 20 3 0 85.00
Martin Guptill c Fakhar Zaman b Imad Wasim 27 20 1 2 135.00
Kane Williamson run out () 25 26 2 1 96.15
James Neesham c Fakhar Zaman b Mohammad Hafeez 1 2 0 0 50.00
Devon Conway c Babar Azam b Haris Rauf 27 24 3 0 112.50
Glenn Phillips c Hasan Ali b Haris Rauf 13 15 1 0 86.67
Tim Seifert ( c Mohammad Hafeez b Shaheen Shah Afridi 8 8 1 0 100.00
Mitchell Santner b Haris Rauf 6 5 1 0 120.00
Ish Sodhi not out 2 2 0 0 100.00


Extras 8 (b 1 , lb 5 , nb 2, w 0, pen 0)
Total 134/8 (20 Overs, RR: 6.7)
Fall of Wickets 1-36 (5.2) Martin Guptill, 2-54 (8.2) Daryl Mitchell, 3-56 (9.1) James Neesham, 4-90 (13.1) Kane Williamson, 5-116 (17.1) Devon Conway, 6-116 (17.3) Glenn Phillips, 7-125 (18.6) Tim Seifert (, 8-134 (19.6) Mitchell Santner,

Bowling O M R W Econ
Shaheen Shah Afridi 4 1 21 0 5.25
Imad Wasim 4 0 24 1 6.00
Hasan Ali 3 0 26 0 8.67
Haris Rauf 4 0 22 4 5.50
Shadab Khan 3 0 19 0 6.33
Mohammad Hafeez 2 0 16 1 8.00


Batsmen R B 4s 6s SR
Mohammad Rizwan lbw b Ish Sodhi 33 34 5 0 97.06
Babar Azam b Tim Southee 9 11 1 0 81.82
Fakhar Zaman lbw b Ish Sodhi 11 17 0 1 64.71
Mohammad Hafeez c Devon Conway b Mitchell Santner 11 6 0 1 183.33
Shoaib Malik not out 26 20 2 1 130.00
Imad Wasim lbw b Trent Boult 11 12 1 0 91.67
Asif Ali not out 27 12 1 3 225.00


Extras 7 (b 0 , lb 2 , nb 5, w 0, pen 0)
Total 135/5 (18.4 Overs, RR: 7.23)
Fall of Wickets 1-28 (5.1) Babar Azam, 2-47 (8.6) Fakhar Zaman, 3-63 (10.6) Mohammad Hafeez, 4-69 (11.4) Mohammad Rizwan, 5-87 (14.5) Imad Wasim,

Bowling O M R W Econ
Mitchell Santner 4 0 33 1 8.25
Tim Southee 4 0 25 1 6.25
Trent Boult 3.4 0 29 1 8.53
James Neesham 3 0 18 0 6.00
Ish Sodhi 4 0 29 2 7.25