ශ්‍රී ලංකාවටත් කොදෙව්වන්ටත් ICCයෙන් දඩ!

601

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පසුගිය ජූලි පළමු වැනිදා පැවති තරගයේ දී කණ්ඩායම් දෙකේම පන්දුවාර වේගය අඩු වීම නිසාවෙන් දඩ නියම කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර ඇත. 

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වැරදි දිනයක දී වැඩපෙන්වයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව……….

මේ පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ තරග තීරක කමිටුවේ ඩේවිඩ් බූන් අදහස් දක්වමින් පවසා සිටියේ කොදෙව් නායක ජේසන් හෝල්ඩර් හා ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න නියමිත පන්දුවාර ප්‍රමාණයට වඩා පන්දුවාර දෙකක් අඩුවෙන් යවා ඇති බවයි. 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ICC Code of Conduct for Players and Player Support Personnel නීති මාලාවේ 2.22 වගන්තියේ පන්දුවාර වේගය පිළිබඳව සඳහන් කර ඇති අතර ඒ අනුව නියමිත ප්‍රමාණයට අඩු එක් පන්දුවාරයක් සඳහා ක්‍රීඩකයන්ට තම තරග වැටුපෙන් 10%ක් දඩ වශයෙන් නියම වන අතර කණ්ඩායම් නායකයාට එම ප්‍රමාණය දෙගුණ වේ. ඒ අනුව කොදෙව් කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට 20%ක් දඩ හිමිවන අතර නායක ජේසන් හෝල්ඩර්ට 40%ක දඩයක් හිමිව ඇත. 

පූරන්ව රැකගන්න හෝල්ඩර්ගෙන් පොරොන්දුවක්

නිමා වූ කොදෙව් ශ්‍රී ලංකා තරගය ප්‍රේක්ෂකයන්ට ………..

දිමුත් කරුණාරත්නට ද 40%ක දඩයක් හිමිව ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ට 20%ක දඩයක් හිමිවී ඇත. 

ශ්‍රී ලංකා හෝ කොදෙව් කණ්ඩායම් මීළඟ මාස 12ක කාලය තුල නැවත වරක් එලෙස අඩු පන්දුවාර වේගයක් සහිතව පන්දු ‍යැවුවහොත් ඔවුන්ට තරග තහනමකට මුහුණ දීමට සිදුවනු ඇත. 

දිමුත් කරුණාරත්න හා ජේසන් හෝල්ඩර් මෙම චෝදනා පිළිගෙන ඇති අතර අදාළ දඬුවමට ද එකඟ වී ඇත. 

කොදෙව් – ශ්‍රී ලංකා තරගයේ දී විනිසුරුවන් ලෙස සිටි බෲස් ඔක්සන්ෆෝඩ්, පෝල් රයිෆල්, තෙවැනි විනිසුරු වූ සුන්දරම් රවී හා සිව්වැනි විනිසුරු වූ රොඩ් ටකර් එම තීරණයට එකඟත්වය පලකර ඇත. 

තාමත් මැතිව්ස්ට බනිනවා ද?

පුන පුනා පවසන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ……..

කොදෙව් කණ්ඩායම ජූලි මස 4 වැනිදා ඇෆ්ගනිස්තානය සමඟින් ද, ශ්‍රී ලංකා කණ්ඩායම ජූලි මස 6 වැනිදා ඉන්දියාව සමඟින් ද තරගවැදීමට නියමිතය. 

2019 ලෝක කුසලාන තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව, ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

ICC ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<