Shakibගේ ආබාධය සුව අතට

123

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති අවසන් එක්දින තරගයේ දී ආබාධයට ලක් වූ බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක Shakib al Hasanගේ තත්වය යහපත් අතට හැරී ඇතැයි බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් ප්‍රකාශ කරයි.

ආබාධයට ලක්වීමෙන් පසුව සිදු කෙරූ ස්කෑන් පරීක්ෂාවන්ගෙන් ඔහුගේ තත්වය සාමාන්‍ය බව තහවුරු වීම නිසාවෙන් ඔහුට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගි වීමට හැකියාවක් ඇති බව ද ඔවුන් ප්‍රකාශ කරන ලදි.

බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවති අවසන් එක්දින තරගයේ දී පන්දු යැවීම සිදු කරන අතර වාරයේ දී Shakib ආබාධයට ලක් වනු දක්නට ලැබුණු අතර ඔහු සිය පස්වැනි පන්දුවාරයේ පස්වැනි පන්දුව යැවීමෙන් අනතුරුව පිටියෙන් ඉවත් විය.

සිය කණ්ඩායමේ ප්‍රධානතම ක්‍රීඩකයාගේ ආබාධය පිළිබඳව අදහස් දක්වමින් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය Manzur Hossain ප්‍රකාශ කර සිටියේ ඔහුගේ පරීක්ෂණ වාර්තාවන් සියල්ල ඉතාමත් යහපත් බවයි.

“අපගේ කණ්ඩායමේ භෞතික චිකිත්සකවරයා ප්‍රකාශ කර පරිදි ඔහුගේ තත්වය යහපත් මෙන්ම හොඳ වර්ධනයක් තියෙනවා. අපි විශ්වාස කරනවා ඔහු ඉතාමත් ඉක්මනින් නැවතත් පුහුණුවීම් හා සම්බන්ධ වෙයි කියලා. 

ඔහුට බොහෝ විට දිනක් දෙකක් විවේක ගැනීමට සිදු වෙයි, ඒත් අපට ලැබුණු පරීක්ෂණ වාර්තාවන් සලකා බැලීමේ දී පළමු ටෙස්ට් තරගයට ඔහුගේ සහභාගීත්වය පිළිබඳව කිසිදු සැකයක් නැහැ” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන වෛද්‍ය Debashish Chowdhury, Cricbuzz වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කර තිබුණේ Shakib සිය පරීක්ෂාවන් සඳහා හෝටලයෙන් පිටත් වූවත්, ඔහු තරගාවලියේ ජෛව- ආරක්ෂිත බුබුලෙහි නීති කිසිවක් උල්ලංඝනය කර නොමැති බවයි.

“තරගාවලිය තුළ ඇති වන මෙවැනි අවස්ථාවන් හීදී අප ක්‍රියා කළ යුතු අකාරය පිළිබඳව ගිවිසුමෙහි සඳහන්ව තිබෙනවා. එම නිසාවෙන් මෙම තත්වයේ දී අප එම අදාළ ක්‍රියාවලිය හොඳින් අනුගමනය කළ බව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් බලධාරීන් ද දැන සිටිනවා” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

තවත් ක්‍රිකට් පුවත්:

වසරක තරග තහනමකින් පසුව පිටියට පිවිසි තුන් ඉරියව් ක්‍රීඩක Shakib al Hasan නිමා වූ තරගාවලියේ දී 3-0 ලෙස පූර්ණ ජයක් ලැබීමට බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට විශාල සේවාවක් ලබා දුන් අතර ඔහු තරගාවලියේ දී ලකුණු 113ක් සහ කඩුලු 6ක් දවා ගැනීමට සමත්ව තිබුණි.

බංග්ලාදේශය සහ බටහිර ඉන්දිය කොදෙව්වන් අතර පළමු ටෙස්ට් තරගය පෙබරවාරි මස 3 වැනිදා සිට 7 වැනිදා දක්වා Chattogram හීදී පැවැත්වීමට නියමිතව ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<