ආනන්ද හා සාන්ත සෙබස්තියන් විද්‍යාලවලට වැඩි වාසිය

219

ආනන්ද විද්‍යාලය, සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කළ අද (30) දිනයේ දී නාලන්ද හා තර්ස්ටන් විද්‍යාල තරගය ප්‍රතිඵලයක් රහිතව අවසන් වූයේ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ නිසාවෙනි. මේ සියලු තරග වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්විය.

රිච්මන්ඩ් විද්‍යාලය හමුවේ ධර්මරාජය නූලෙන් බේරේ

කලාතුරකින් දැක ගන්නට ලැබෙන උණුසුම් තරගයක නිමාව සටහන් වූ අද (29) දිනය තුළත් වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් පැවැත්විය.

නාලන්ද විද්‍යාලය හා තර්ස්ටන් විද්‍යාලය

අද දිනය ආරම්භ වන විට තර්ස්ටන් විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 265ක් ලබා ගැනීමට සමත් වී සිටියේය. නොදැවී ක්‍රීඩා කරමින් සිටි ජනුශ්ක ලකුණු 70කට දැවී ගිය පසුව ඔවුන්ගේ පළමු ඉනිම අවසන් විය.

සිය පිළිතුරු පළමු ඉනිම දියත් කළ සත්කාරක නාලන්ද විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 179ක් ලබාගෙන සිටිය දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය. එහි දී ඔවුන්ගේ ඉනිම සවිමත් කළ අවිශ්ක පෙරේරා හා දිල්හාර පොල්ගම්පල අර්ධ ශතක ලබා ගන්නා ලදි. පන්දු යැවීමේ දී පිත්තෙන් දස්කම් දැක්වූ ජනුශ්ක කඩුලු 3යි.

තර්ස්ටන් විද්‍යාලය – 278/10 (101.3): ජනුශ්ක ප්‍රනාන්දු 70, නිපුන් ලක්ෂාන් 30, මහීම වීරකෝන් 2/30, කවීෂ මදුරප්පපෙරුම 2/38, ලක්ෂිත මුණසිංහ 2/57.

නාලන්ද විද්‍යාලය – 179/6 (62.4): අවිශ්ක පෙරේරා 61, දිල්හාර පොල්ගම්පල 54, ලක්ෂිත රසාංජන 25, චමිඳු විජේසිංහ 22*, ජනුශ්ක ප්‍රනාන්දු 3/35.


මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා ඩී. එස්. සේනානායක විද්‍යාලය

මත්තේගොඩ යුද හමුදා පිටියේ දී නිමාව දුටු මෙම තරගයේ අද දිනය ආරම්භ වන විට සාන්ත සෙබස්තියන් විද්‍යාල ලකුණු පුවරුව කඩුලු 8ක් දැවී ලකුණු 331ක් ලෙස දැක්විය. පසුව ඔවුන් සිය ඉනිම අත්හිටුවන ලදි.

ඉන්පසු පිටියට පිවිසි ඩී. එස්. සේනානායක විද්‍යාලය වෙනුවෙන් සඳරු චන්දික හට හැරෙන්නට පිත්තෙන්  සාර්ථක වීමට අනෙක් පිතිකරුවන්ට නොහැකි විය. දිනුජ රණසිංහ කඩුලු 4ක් දවා ගනිමින් ඩී. එස්. සේනානායක ඉනිම ලකුණු 117කට සීමා කළේ සාන්ත සෙබස්තියන් විද්‍යාලයට පළමු ඉනිමේ ජය ලබා දෙමිනි.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 331/8d (95): ජනිශ්ක පෙරේරා 82, ශෙනාල් ප්‍රනාන්දු 81, තරුෂ ප්‍රනාන්දු 52, ප්‍රවීන් කුරේ 42, ගිහාන් සේනානායක 32*, දසුන් පෙරේරා 2/31, නෙතුශාන් කුමාර 2/55, පසිඳු ආධිත්‍යය 2/64.

ඩී. එස්. සේනානායක විද්‍යාලය – 117/10 (41.3): සඳරු චන්දිත 22, දිනුජ රණසිංහ 4/34.

ජයග්‍රහණය සාමකාමීව සමරන්න; මේ වසන්තය නොවේ

“ඔව්, ශීත කාලය පැමිණේවි. තද ශීත කුණාටු හමාවි. හිම කැට සහිත මහ නපුරු සුළි සුළං හමාවි. එහෙත් වසන්තය එනවා සත්තයි”

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය හා ආනන්ද විද්‍යාලය

D කාණ්ඩයේ තරගයක් වූ මෙය ආනන්ද විද්‍යාල පිටියේ දී අද නිමා වූයේ ආනන්ද විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමි කර දෙමිනි.

තරගයේ ඊයේ දිනය අවසන් වන විට ආනන්ද විද්‍යාලය සිය පළමු ඉනිමට කිසිවෙක් නොදැවී ලකුණු 18යි. ඔවුන් අද දිනය පුරාවටම පිතිකරණයේ නිරත වෙමින් සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය අභිබවා ලකුණු රැස්කර ගන්නා ලදි. එහි දී මූලිකත්වය ලබාගත් දුශාන් හෙට්ටිගේ ලකුණු 102ක් ලබාගෙන දක්ෂ පිතිකරණයක නිරත වීමට සමත් විය. ඔහුට අනගි සහයක් දුන් කමේශ් නිර්මාල් හා අසේල සිගේරා අර්ධ ශතක ලබා ගත්හ. පන්දු යැවීමේ දී නිම්සර අත්තනගල්ල කඩුලු 2යි.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය – 308/10 (89.4): මනොහරන් පවිත්රන් 85, නිම්සර අත්තනගල්ල 48, පසන් හෙට්ටිආරච්චි 24, චාමික ගුණසේකර 2/44, ගිශාන් විශ්වජිත් 2/49, ශමල් හිරුශාන් 2/52, අසේල සිගේරා 2/79.

ආනන්ද විද්‍යාලය  – 374/5 (67.2): දුශාන් හෙට්ටිගේ 102, කමේශ් නිර්මාල් 88, අසේල සිගේරා 67, කනිශ්ක රන්තිලකගේ 31, ලහිරු හිරන්‍ය 39*, නිම්සර අත්තනගල්ල 2/79:


ධර්මාශෝක විද්‍යාලය හා මලියදේව විද්‍යාලය

මලියදේව පිටියේ දී කාසියේ වාසිය දිනාගත් ධර්මාශෝක විද්‍යාලය පළමුව පන්දුවට පහර දුන් මෙම තරගයේ පළමු දිනයට විටින් විට වර්ෂාවෙන් බාධා එල්ල විය.

කෙසේ නමුත් වර්ෂාව නිමා වූ පසු තරගය යළිත් වරක් ආරම්භ කළ අතර දිනය අවසන් වන විට ඔවුන්ගේ පළමු ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 126ක් ලෙස දැක්විය. දක්ෂ පිතිකරණයක නිරත වෙමින් සිය විද්‍යාලයට සවියක් වූ දිනුක ඩිල්ශාන් ලකුණු 64*යි.

ධර්මාශෝක විද්‍යාලය – 126/6 (41.1): දිනුක ඩිල්ශාන් 64*.

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරගය හෙට (31) දෙවන දිනටත් පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<