ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය ඉන්දියාවෙන් සමාව ඉල්ලයි

325
Cricket Australia

සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඉන්දීය ක්‍රීඩකයින් හට ඕස්ට්‍රේලියානු ප්‍රේක්ෂකයින් ජාතිවාදී වාග් ප්‍රහාර එල්ල කළ බවට නිමා වූ ඕස්ට්‍රේලියා – ඉන්දියා ටෙස්ට් තරගාවලියේ දී වාර්තා වුනා. 

ඒ පිළිබඳව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විශේෂ පරීක්ෂණයක් සිදු කළ අතර ඒ පරීක්ෂණයේ වාර්තාවට අනුව ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින්ට සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ප්‍රේක්ෂකයින් ජාතිවාදී ප්‍රකාශ එල්ල කළ බවට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් පිළිගෙන තිබෙනවා. එම වාර්තාව පසුගිය දා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් විසින් ICCය වෙත භාර දී තිබුණා.

“ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තහවුරු කර සිටිනවා ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින්ට ජාතිවාදී ප්‍රකාශ එල්ල වූ බවට” ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානි Sean Carroll ප්‍රකාශ කළා. “ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තවමත් පරීක්ෂණ ක්‍රියාත්මක කරන අතර CCTV දර්ශන, ටිකට්පත් වල තොරතුරු හා ප්‍රේක්ෂකයින්ගෙන් ලබා ගත් තොරතුරු ඇසුරින් අපි බලාපොරොත්තු වෙනවා වරදකරුවන් සොයන්න. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ නීතිරීති වලට අනුව ඔවුන්ට දීර්ඝ කාලයක් ක්‍රිකට් ක්‍රීඩාංගණවලට ඇතුළු වීම තහනම් වන අතර New South Wales පොලිසිය ක්‍රියාත්මක කරන නීති රීතිවලටත් අනුගත වීමට සිදු වෙනවා.” 

තවත් ක්‍රිකට් පුවත්:

සිඩ්නි හි පැවතී ටෙස්ට් තරගය අතරතුර දී Jasprit Bumrah හා Mohammed Siraj හට ප්‍රේක්ෂකයින් ජාතිවාදී ප්‍රකාශවලින් බැන වැදී තිබුණා. ඔවුන් ඒ පිළිබඳව පැමිණිලි කර තිබුණු අතර එම පැමිණිල්ල යොමු කළ දිනට පසු දින යළිත් Mohammed Siraj ප්‍රේක්ෂකයින්ගේ වාචික හිංසනයන්ට ලක්ව තිබීම විශේෂත්වයක්.

ඔහු ඒ පිළිබඳව පිටියේ විනිසුරුවන්ට පැමිණිලි කර තිබුණු අතර වහා පියවර ගත් බලධාරීන් ප්‍රේක්ෂකයින් හය දෙනෙක් ක්‍රීඩාංගණයෙන් ඉවත් කරන්නට පියවර ගත්තා. පසුව වාර්තා වී තිබුණු අන්දමට විනිසුරුවන් ඉන්දීය ක්‍රිකට් නායක Ajinkya Rahane හට කණ්ඩායමත් සමඟ පිටියෙන් ඉවතට යන්නට ද අවසර ලබා දී තිබුණු නමුත් තත්වය සමථයකට පත් වූ නිසා ඉන්දීය කණ්ඩායම පිටියේම රැඳී තිබෙනවා.

“ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය NSW පොලිසිය පරීක්ෂණ අවසන් කරන තුරු සිටිනවා. ජාතිවාදයට ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය විරුද්ධයි. බෝඩර් – ගවස්කාර් තරගාවලියේ සත්කාරකයින් ලෙස අපි ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමෙන් සමාව ඉල්ලා සිටිනවා” Carroll පවසා සිටියා.

Cricbuzz ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<