දකුණු ආසියානු කණිෂ්ඨ මේසපන්දු තරඟාවලිය

130

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති දකුණු ආසියානු කණිෂ්ඨ මේසපන්දු තරඟාවලියට සහභාගී වී  පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමේ උත්සවයක් අද(24) පස්වරුවේ සංචාරක හා ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

 

රටවල් පහක් අභිබවමින්මේසපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉමේෂ් උදය රණසිංහ සිසුවා විසින් රන් පදක්කමක් හිමිකර ගෙන තිබේ. සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා විසින් පදක්කම්ලාභී ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට පුහුණුවීම් සඳහා අවශ්‍ය ක්‍රීඩා උපකරණ ප්‍රදානය කිරීම සිදුවිය.

 

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ මව්බිම වෙනුවෙන් මෙම පදක්කම් දිනාගත් දරුවන් පිළිබඳ ඉතාම සතුටු වන අතර මෙම දරුවන්ට මනා පුහුණුව මෙන්ම පුහුණුකරුවන්ලබාදීම අපගේ යුතුකම බවයි. පාසල් වියේදී,තරුණ වියේදී ක්‍රීඩාවේ නියැලෙන දරුවන් ඉන් අනතුරුව ක්‍රීඩාවෙන් ඈත් වෙනවා. නමුත් එය වළකමින් ක්‍රීඩාවට අවශ්‍ය අනුග්‍රහය, විදේශ පුහුණුවීම් හා සම්පත් ලබාදෙන්න ක්‍රීඩා අමාත්‍යාංශය විදිහට අපි කැමතියි. මේ පිළිබඳ දිර්ඝ කාලීන සැලසුම් අවශ්‍ය බවත්ලංකාවේ ජනප්‍රිය මේසපන්දු ක්‍රීඩාව දියුණු කිරීමට ධෛර්යයෙන් යුතුව කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 

මෙම අවස්ථාවට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍රමේසපන්දු සංගමයේ සභාපති රජීව් විජේතුංග යන මහත්වරුන් එක් වී සිටියහ.

 

මෙම උත්සවයේදී ත්‍යාග හිමිකරගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පහත පරිදිය.

 

18න් පහළ කණිෂ්ඨ – බාලක                                      

ඉමේෂ් උදය රණසිංහ(රන්) –   විද්‍යාර්ථ විද්‍යාලය,මහනුවර     

දිනේෂ් කවිෂ්ක (රිදී) – විද්‍යාර්ථ විද්‍යාලයමහනුවර                             

ප්‍රසාද් ද සිල්වා(රිදී) – විද්‍යාර්ථ විද්‍යාලය,මහනුවර        

ක්‍රිෂාන් වික්‍රමරත්න(රිදී) – විද්‍යාර්ථ විද්‍යාලයමහනුවර                        

 

18න් පහළ කණිෂ්ඨ – බාලිකා

රුවිනි කන්නන්ගර(රිදී) – මියුසියස් විද්‍යාලයකොළඹ

මුතුමාලි ප්‍රියදර්ශනි (රිදී)-  දේවානන්ද විද්‍යාලය, අම්බලන්ගොඩ

රිද්මි කදනාරච්චි (රිදී)- මහාමායා විද්‍යාලය, මහනුවර

චමත්සරා ප්‍රනාන්දු (රිදී)- විශාකා විද්‍යාලය, කොළඹ

 

15න් පහළ ආධුනික – බාලක                                     

නිමේෂ් රත්නාගොඩ (රිදී) – රාජකීය විද්‍යාලයකොළඹ                                                          

චිරුලක හෙන්දහේවා (රිදී) – රාජකීය විද්‍යාලයකොළඹ                                                        

නිෂාන්ත තෙන්නකෝන් (රිදී) – ධර්මාශෝක විද්‍යාලයමහනුවර                                          

 

15න් පහළ ආධුනික – බාලක

හංසනී පියුමිලා – (රිදී) – විශාකා විද්‍යාලයකොළඹ

ඉමේෂා ද සිල්වා – (රිදී) – ධර්මාශෝක විද්‍යාලයඅම්බලන්ගොඩ

තනුෂි ප්‍රතිභූ – (රිදී) – මහාමයා විද්‍යාලයමහනුවර