ශකීබ්ගේ හොඳම IPL කණ්ඩායමේ මාලිංගටත් ඉඩක්

1938

හිටපු බංග්ලාදේශ ක්‍රිකට් නායක සහ ප්‍රවීණ තුන් ඉරියව් ක්‍රීඩක Shakib Al Hasan සිය හොඳම IPL කණ්ඩායම තෝරා තිබෙනවා. ඉතාමත් සුපිරි දක්ෂතාවලින් සමන්විත ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් මේ සංචිතයට Royal Challengers Bangalore ක්‍රීඩක AB de Villiers සහ Punjab Kings කණ්ඩායමේ Chris Gayle ඇතුළත් නොවීම විමතියට කරුණක්.

SportsKeeda සමඟ පැවැත්වූ සාකච්ඡාවක් අතරතුර දී ඔහු විසින් මෙම කණ්ඩායම නම් කර තිබෙන අතර කණ්ඩායමේ නායකත්වය ලබා දී තිබෙන්නේ Chennai Super Kings නායක MS Dhoni වෙතයි.

Mumbai Indians නායක Rohit Sharma සහ හිටපු Sunrisers Hyderabad නායක David Warner ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලෙස තෝරාගෙන තිබෙනවා. RCB නායක Virat Kohli, Punjab Kings නායක KL Rahul සහ MS Dhoniට අමතරව Suresh Raina මැදපෙළ සවිමත් කරන්නට තෝරාගෙන තිබෙනවා.

Rajasthan Royals ක්‍රීඩක Ben Stokes සහ චෙන්නායි ක්‍රීඩක Ravindra Jadeja යන ක්‍රීඩකයින් දෙදෙනා පමණක් තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙස සංචිතයට ඇතුළත්. පන්දු යැවීම අංශය සවිමත් කරන්නට වේගපන්දුවේ රජු ලෙස සැලකෙන ප්‍රවීණ වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග, මුම්බායි වේගපන්දු යවන ක්‍රීඩක Jasprit Bumrah සහ Sunrisers ක්‍රීඩක Bhuvneshwar Kumar නම් කර තිබෙනවා.

Shakib Al Hasanගේ හොඳම IPL සංචිතය: Rohit Sharma, David Warner, Virat Kohli, Suresh Raina, MS Dhoni (Captain/WK), KL Rahul, Ben Stokes, Ravindra Jadeja, Lasith Malinga, Jasprit Bumrah, Bhuvneshwar Kumar.

Shakib මේ වන විට Kolkata Knight Riders නියෝජනය කරමින් IPL සඳහා සහභාගී වන අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත IPL හි දෙවැනි අදියරේ පළමු තරගය සඳහා ඔවුන් කෝලිගේ නායකත්වයෙන් යුත් RCB සමඟ තරග වැදීමට නියමිතයි. තරගය සැප්තැම්බර 20 වැනිදා පැවැත්වෙනු ඇති.

Hindustan Times ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<