ICCය ක්‍රිකට් ක්‍රීඩාවේ නැගී එන රටවල් අගයයි

2019 ICC සංවර්ධන සම්මාන උළෙල

418

2019 වසරේ දී ක්‍රිකට් ක්‍රීඩාවේ නැගී එන රටවල් විසින් ඉටු කළ හෝ දිනා ගන්නා ලද විශිෂ්ට ජයග්‍රහණ ඇගයෙන ICC සංවර්ධන සම්මාන උළෙල පසුගිය (26) වැනිදා පැවැත්විය.

තිතටම No-ball අල්ලන්න ICCයෙන් අලුත් වැඩක්!

මෙම සම්මාන උළෙල හරහා විවිධ ගෝලීය ශූරයන් හය දෙනෙකු සහ කලාපීය ජයග්‍රාහකයින් අට දෙනෙකු, ලොව පුරා වර්ධනය වන ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනය සහ දියුණුව සඳහා සහය වුනු ආකාරය මනාව පිළිබිඹු කරයි. 

  • වසරේ ග්‍රේ-නිකොල්ස් සහභාගීත්ව වැඩසටහන

ජයග්‍රාහකයා – ක්‍රිකට් පැපුවා නිව් ගිනියා

2019 වසර තුල ක්‍රිකට් ක්‍රීඩාව ගැන අලුතින් ඉගෙන ගෙන එයට අලුතින් ජනතාව ආකර්ෂණය කර ගැනීම වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩසටහන් අතර හොඳම වැඩසටහන පැවැත්වූ ක්‍රිකට් සංගමය හෝ ක්‍රිකට් ආයතනය සඳහා මෙම ඇගයීම් සම්මානය ලැබේ. ක්‍රිකට් පැපුවා නිව් ගිනියා විසින් සංවිධානය කරනු ලැබූ එවැනි වැඩසටහන් සඳහා ස්ත්‍රී-පුරුෂ භේදයකින් තොරව  235,000කට අධික පිරිසක් සහභාගී වී ඇත

  • 100% වසරේ ක්‍රිකට් කාන්තා සහභාගීත්ව වැඩසටහන

ජයග්‍රාහකයා – රුවන්ඩා ක්‍රිකට් සංගමය

සමාජ විපර්යාස සඳහා මෙවලමක් ලෙස ක්‍රිකට් භාවිතා කරන රුවන්ඩා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන ලද “Cricket Build Hope කාන්තා සවිබල ගැන්වීමේ වැඩසටහන” 100% කාන්තා සහභාගීත්වය දිනා ගෙන තිබේ.

කිගාලි හි ගහංගා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වුණු මෙම වැඩසටහන සඳහා වයස අවුරුදු 15ත් 25ත් අතර පසුවන කාන්තාවන් සම්බන්ධ විය. 300කට වැඩි ප්‍රමාණයක් සහභාගී වූ මෙම වැඩසටහන තුල ක්‍රිකට් ක්‍රීඩාව සඳහා වැදගත් වන විශේෂ ක්‍රිකට් පුහුණු සැසි කිහිපයක් සහ ක්‍රිකට් ක්‍රීඩාව යනු කුමක්ද කියා දැනුවත් කරනු ලබන වැඩසටහන් කිහිපයක් අන්තර්ගතව තිබේ.

පරණ කෝන්තරයක් නිසා පාකිස්තානයට ක්‍රිකට් බඩු නැති වෙන්න යයි

  • ICC සහකාර සාමාජික පිරිමි කාර්ය සාධනය

ජයග්‍රාහකයා – ක්‍රිකට් නැමීබියා

2019 අප්‍රේල් මාසයේ දී පැවති ICC ලෝක ක්‍රිකට් ලීග් දෙවැනි කාණ්ඩයේ ශූරතාව දිනා ගැනීම වෙනුවෙන් නැමීබියාවට මේ සම්මානය ලැබුණි. එම තරගාවලියේ අවසන් මහා තරගයේ දී ඕමාන කණ්ඩායම පරාජය කරමින් නැමීබියාව තරගය ජය ගත්තේය. ඒ අනුව 2023 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටය සඳහා පිවිසීමට ඔවුන්ට යම් අවස්ථාවක් (2019–22 ICC ක්‍රිකට් ලෝක කුසලාන දෙවන ලීගයේ පළමු ස්ථාන තුන අතරට පැමිණියහොත් ඒ සඳහා නිසැක අවස්ථාව ලැබේ) ලැබී තිබේ.

  • ICC සහකාර සාමාජික කාන්තා වසරේ කාර්ය සාධනය

ජයග්‍රාහකයා – තායිලන්ත ක්‍රිකට් සංගමය

2019 අගෝස්තු මාසයේ දී පැවැත්වුණු ICC කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී අයර්ලන්තයට එරෙහිව ලකුණු 2ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීම නිසා තායිලන්තයට ICC සහකාර සාමාජික කාන්තා වසරේ කාර්ය සාධන සම්මානය හිමි විය.

  • වසරේ හොඳම Cricket 4 Good වැඩසටහන

ජයග්‍රාහකයා – ජපාන ක්‍රිකට් සංගමය

2019 ඔක්තෝබර් 12 වැනි දින ටයිෆූන් හගිබිස් සුලි කුණාටුව විසින් ජපානයේ සනෝ නගරය විනාශ කළ අතර නිවාස 2,600කට වැඩි ප්‍රමාණයක් සහ කර්මාන්ත රැසකට බරපතළ හානි සිදු විය. 

ඉන්පසුව ක්‍රියාත්මක වූ ජපානයේ ක්‍රිකට් ප්‍රජාව එම නගරය පිරිසිදු කිරීම හා නැවත ගොඩනැංවීම සඳහා දායක වූ අතර ජපානයේ ස්වේච්ඡා සේවකයන් 300කට වැඩි පිරිසක් ජපාන ක්‍රිකට් ප්‍රජාවේ සමඟ එක්ව දින 38ක් තුල එම වැඩකටයුතු නිමා කළේය. එමඟින් ජපානය තුල සහ මුළු ඔකයා තුලම ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමාජයට කළ හැකි බලපෑම ගැන යහපත් ප්‍රතිරූපයක් ගොඩනැඟී ඇත.

  • වසරේ හොඳම ක්‍රිකට් ඩිජිටල් සම්බන්ධතාවය

ජයග්‍රාහකයා – ක්‍රිකට් ෆින්ලන්තය

ෆින්ලන්තය ක්‍රිකට් ක්‍රීඩාව ඩිජිටල් තාක්ෂණ හරහා ක්‍රිකට් ක්‍රීඩාව සඳහා වැඩි ආකර්ෂණයක් දිනා දීම වෙනුවෙන් වැඩ කටයුතු කර තිබේ. ෆින්ලන්ත ක්‍රිකට් සංගමය YouTube තුළ පමණක් 470K පමණ නැරඹුම් ප්‍රමාණයක් ලබාගෙන ඉතාමත් හොඳින් රසික ආකර්ෂණය දිනා ගත් අතර එහි දී ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි කිහිපයක්ම සජීව ලෙස විකාශනය කිරීම ඒ සඳහා වැඩි ලෙස හේතු වී ඇත. එම තරග නරඹන්නන් හට ඉංග්‍රීසි සහ ෆින්ලන්ත භාෂාවලින් ද තරගයේ විස්තර විචාරය රැගෙන එම සඳහා ඔවුන් කටයුතු කර තිබුණි.

Video: කණ්ඩායම් පහක LPL තරගාවලියක් අගෝස්තු වලදී | 5-team LPL set to start in August

  • 2019 ICC සංවර්ධන සම්මාන උළෙලේ ජයග්‍රාහක සාරාංශය මෙසේයි,
  • වසරේ ග්‍රේ-නිකොල්ස් සහභාගීත්ව වැඩසටහන – ක්‍රිකට් පැපුවා නිව් ගිනියා
  • 100% වසරේ ක්‍රිකට් කාන්තා සහභාගීත්ව වැඩසටහන – රුවන්ඩා ක්‍රිකට් සංගමය
  • ICC සහකාර සාමාජික පිරිමි කාර්ය සාධනය – ක්‍රිකට් නැමීබියා
  • ICC සහකාර සාමාජික කාන්තා වසරේ කාර්ය සාධනය – තායිලන්ත ක්‍රිකට් සංගමය
  • වසරේ හොඳම ක්‍රිකට් ඩිජිටල් සම්බන්ධතාවය – ක්‍රිකට් ෆින්ලන්තය
  • වසරේ හොඳම Cricket 4 Good වැඩසටහන – ජපාන ක්‍රිකට් සංගමය

වසරේ ග්‍රේ-නිකොල්ස් සහභාගීත්ව වැඩසටහන්වල කලාපීය ජයග්‍රාහකයින් මෙසේයි,

  • අප්‍රිකාව – බොට්ස්වානා ක්‍රිකට් සංගමය
  • ඇමරිකා – බ්‍රසීල ක්‍රිකට් සංගමය
  • ආසියාව – මැලේසියාවේ ක්‍රිකට් සංගමය
  • යුරෝපය – නෙදර්ලන්ත ක්‍රිකට් ආයතනය

වසරේ 100% ක්‍රිකට් කාන්තා සහභාගීත්ව වැඩසටහන කලාපීය ජයග්‍රාහකයින් මෙසේයි,

  • ඇමරිකා – ක්‍රිකට් චිලී
  • ආසියාව – භූතාන ක්‍රිකට් සභා මණ්ඩලය
  • නැගෙනහිර ආසියා පැසිෆික් – ක්‍රිකට් ඉන්දුනීසියා
  • යුරෝපය – ක්‍රිකට් ස්කොට්ලන්තය

ජයග්‍රාහකයින් තෝරා ගනු ලැබුවේ පහත සඳහන් සාමාජිකයන්ගෙන් සමන්විත ස්වාධීන මණ්ඩලයක් විසිනි,

එච්. ඩී ඇකර්මන් (ගුවන් විදුලි), පීටර් ඩෙලා පෙන් (මාධ්‍යවේදී), ක්‍රිෂ්ණෙන්ඩු චක්‍රවර්ති (ෆේස්බුක් නියෝජිත), නටාලි ජර්මනෝස් (ගුවන් විදුලි), ඉසොබෙල් ජොයිස් (හිටපු අයර්ලන්ත නායක), මෙග් ලැනින් (ක්‍රිකට් ක්‍රීඩිකා), නික් ප්‍රයිඩ් (එංගලන්ත ක්‍රිකට් පරිපාලක), මිතාලි රාජ් (ක්‍රිකට් ක්‍රීඩිකා), ෆිල් සිමන්ස් (බටහිර ඉන්දීය කොදෙව් ප්‍රධාන පුහුණුකරු), ලීසා ස්ටාලෙකර් (ගුවන් විදුලි), සුනිල්කා විට්නෝල් (යුනිසෙෆ් නියෝජිත).

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<