දෙවැනි මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය දියගමට

150
Second National Athletics trail Shifted to Diayagama Stadium
Second National Athletics trail Shifted to Diayagama Stadium

ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කර ගනිමින් ආරම්භ වීමට නියමිත ජාතික මලල ක්‍රීඩා දෙවැනි තේරීම් තරගාවලිය දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් දැනුම් දී තිබුණා.

තරගාවලිය මීට පෙර මාර්තු 10 සහ 11 දිනවල කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් තරගාවලිය දියගම ක්‍රීඩාංගණයට ගෙන යාමට සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

දියගම ක්‍රීඩාංගණයේ ධාවන පථය අලුත්වැඩියා කිරීම නිසාවෙන් පසුගිය කාලසීමාවේ දී එම ක්‍රීඩාංගණයේ කිසිදු තරගාවලියක් නොපැවැත්වුණු අතර අලුත්වැඩියාවෙන් පසුව පවත්වන පළමු තරගාවලිය මෙයයි.

කොරෝනා වසංගතය නිසාවෙන් මෙම තරගාවලියට සහභාගී කර ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන සීමා කිරීමට ද මලල ක්‍රීඩා සංගමය තීරණය කර ඇති අතර තරගාවලියට අයැදුම් කිරීමට තිබිය යුතු සුදුසුකම් සීමා ද ඔවුන් පසුගිය දා නිකුත් කර තිබුණා.

2022 ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කර ගනිමින් පැවති පළමු ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය පෙබරවාරි 10 සිට 12 දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී සාර්ථකව පවත්වා අවසන් කිරීමට මලල ක්‍රීඩා සංගමයට හැකි වුනා.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<