විද්‍යා ක්‍රීඩකයන්ගෙන් ප්‍රබල ප්‍රහාරයක්

1301

2019 සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ දෙවන වටයේ අවසන් සති කීපයට අදාල තරග මේ වන විට ආරම්භ වී ඇත. එහි කුසලාන ශූරතාවයේ තවත් තරගයක් වෙස්ලි විද්‍යාලය හා විද්‍යා විද්‍යාලය අතර රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී අද (23) පැවති අතර එහි දී ලකුණු 26-21ක් ලෙස ජයග්‍රහණය වාර්තා කිරීමට විද්‍යා විද්‍යාලය සමත් විය.

ධර්මරාජය අවසන් මිනිත්තුවේ තරඟය කනපිට හරවයි

2019 සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ දෙවන වටයේ අවසන් සති…..

වෙස්ලි කණ්ඩායම මෙම තරගයට වෙනස්කම් කීපයක් සමඟින් එක්විය. ඒ කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් කීපදෙනෙකුම විවේක ගන්වමිනි. වෙස්ලි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු පෝල් ටොයියා විසින් මෙම තරගය සඳහා නවක ක්‍රීඩකයන් කීපදෙනෙකුම යොදවා තිබුණි. තරගය ආරම්භ කිරීම පැවරී තිබුණේ විද්‍යා විද්‍යාලයේ දුලාජ් මැදගෙදරටයි.

ලකුණු ලබා ගැනීම විද්‍යා විද්‍යාලය විසින් සිදු කළ අතර වෙස්ලි ක්‍රීඩකයන් ලබා දුන් දඬුවම් පහරක් උපයෝගී කරගනිමින් දක්ෂ ලෙස උත්සාහක දිනුමක් වාර්තා කිරීමට රශ්මික කාරියවසම් සමත් විය. සුලං සහිත කාලගුණයක් පැවතුණ ද තම ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට සමත් වූ කවිඳු කුරේ විද්‍යා ලකුණු පුවරුව 7ක් දක්වා ඉහල දැම්මේය. (විද්‍යා 07 – 00 වෙස්ලි)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

වෙස්ලි කණ්ඩායමේ handling error කීපයක්ම දක්නට ලැබුණු නමුත් විද්‍යා කණ්ඩායමට ලකුණු ලබා ගැනීමේ අවස්ථාවන් වැළැක්වීමට ඔවුන් සමත් විය. වෙස්ලි කණ්ඩායමේ නායක මුර්ශිඩ් සුබෙයිර් පා පහරක් උපයෝගී කරගනිමින් දක්ෂ ලෙස පන්දුව සීමා ඉර ආසන්නයට රැගෙන යාමට සමත් වූ අතර තරුෂ ජයවීර විසින් සිදු කළ අනගි පන්දු පිරිනැමීම සාර්ථකව උත්සාහක දිනුමක් බවට පත්කිරීමට මුර්ශිඩ් සමත් විය. එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගත් මුර්ශිඩ් ලකුණු තත්වය සම තැනකට ගෙන ආවේය. (විද්‍යා 07 – 07 වෙස්ලි)

පළමු අර්ධය අවසන් වීමට පෙර තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට විද්‍යා කණ්ඩායමේ ත්සර මීගොඩ සමත් වූයේ වෙස්ලි පසුපෙළ අසරණ කරමිනි. ප්‍රවර්තනය අසාර්ථක වුවත් ලකුණු 5ක පරතරයක් සමඟින් පළමු අර්ධය නිමා කිරීමට විද්‍යා කණ්ඩායම සමත් විය. (විද්‍යා 12 – 07 වෙස්ලි)

පළමු අර්ධය: විද්‍යා විද්‍යාලය 12 – 07 වෙස්ලි විද්‍යාලය

දෙවන අර්ධයට ප්‍රබල ආරම්භයක් ලබා ගත් වෙස්ලි ක්‍රීඩකයන් වෙනුවෙන් දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට prop ක්‍රීඩක දිනෙත් දිනුජ සමත් විය. ප්‍රවර්තනය සාර්ථක කරගනිමින් ලකුණු 14ක් තම වෙස්ලි කණ්ඩායම වෙනුවෙන් සටහන් කිරීමට මුර්ශිඩ් සමත් විය. (විද්‍යා 12 – 14 වෙස්ලි)

විද්‍යා scrum half ක්‍රීඩක රසාංග වීරසිංහ විසින් ලබා දුන් පන්දු පිරිනැමීමක් මගින් දක්ෂ උත්සාහක දිනුමක් වාර්තා කිරීමට විද්‍යා ක්‍රීඩක ඉමාශ් පිටියගේ සමත් විය. කවිඳු කුරේ විසින් සාර්ථක කර ගත් ප්‍රවර්තනය මගින් ලකුණු 07ක් විද්‍යා කණ්ඩායමට ලබාගැනීමට හැකි විය. (විද්‍යා 19 – 14 වෙස්ලි)

ත්‍රිත්ව සිංහයෝ තවත් ජයක් වාර්තා කරති

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ කුසලාන ශූරතාවයේ ඊයේ…..

නැවත වරක් වෙස්ලි ආරක්ෂකයින් අසරණ කිරීමට විද්‍යා ක්‍රීඩක නවිඳු සිල්වා සමත් වූයේ හසරංග අක්මීමන ලබා දුන් දක්ෂ පන්දු පිරිනැමීමක් මගිනි. එම උත්සාහක දිනුමත් සමඟින් අමතර ලකුණක් ලබා ගැනීමට විද්‍යා ක්‍රීඩකයන් සමත් විය. ප්‍රවර්තනය සාර්ථක කර ගත් කවිඳු කුරේ තම ලකුණු තත්වය ලකුණු 26ක් දක්වා ඉහල දැමීමට සමත් විය. (විද්‍යා 26 – 21 වෙස්ලි)

තරගය අත්නොහල වෙස්ලි ක්‍රීඩකයන් තම තුන්වැනි උත්සාහක දිනුම ද වාර්තා කළ අතර එය සැමුවෙල් ඔග්බොබෝර් විසින් සිදු කළේය. එවර ද සාර්ථක වූ මුර්ශිඩ් වෙස්ලි ලකුණු තත්වය ලකුණු 21ක් බවට පත්කළේය. (විද්‍යා 26 – 21 වෙස්ලි)

කෙසේ වෙතත් තරගය අවසන් වීමට විනිසුරුවන් සංඥා කරන තුරුම ප්‍රතිවාදීන් මෙල්ල කිරීමට සමත් වූ විද්‍යා ක්‍රීඩකයන් ලකුණු 26-21ක් ලෙස තරගයේ ජයග්‍රහණය තමන් සතුකර ගත්තේය.

අවසන් ලකුණු තත්වය: විද්‍යා විද්‍යාලය 26 (4T, 3C) – 21 (3T, 3C) වෙස්ලි විද්‍යාලය

ලකුණු ලබා ගත් ක්‍රීඩකයන්

විද්‍යා විද්‍යාලය: රශ්මික කාරියවසම් (1T), ත්සිර මීගොඩ (1T), ඉමාශ් පිටියගේ (1T), නවිඳු සිල්වා (3C)
වෙස්ලි විද්‍යාලය: මුර්ශිඩ් සුබෙයිර් (1T, 3C), දිනෙත් දිනුජ (1T), සැමුවෙල් ඔග්බොබෝර් (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<