ධර්මරාජය අවසන් මිනිත්තුවේ තරඟය කනපිට හරවයි

1337

2019 සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ දෙවන වටයේ අවසන් සති කීපයට අදාල තරග මේ වන විට ආරම්භ වී ඇත. එහි පළඟ ශූරතාවයේ තවත් තරගයක් මහනුවර ධර්මරාජ විද්‍යාලය හා කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය අතර මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී අද (23) පැවැත්විය. එහි දී ලකුණු 13-14ක් ලෙස තරගය ජයග්‍රහණය කිරීමට මහනුවර ධර්මරාජ විද්‍යාලය සමත් විය.

ත්‍රිත්ව සිංහයෝ තවත් ජයක් වාර්තා කරති

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ කුසලාන ශූරතාවයේ ඊයේ (22) පැවැත්වුණු තරගයක දී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය…

මහනුවර ධර්මරාජ විද්‍යාලය පසුගිය සතියේ දී සහිරා විද්‍යාලය සමඟින් තරග වැදුණු අතර එහි දී තියුණු තරගයකින් අනතුරුව ලකුණු 12-13ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වූයේ කොළඹ සහිරා විද්‍යාලයයි. කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය පසුගිය සතියේ දී මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය හමුවේ ලකුණු 22-10ක් ලෙස පරාජය විය.

තරගය ආරම්භ කිරීම ඩී. එස්. කණ්ඩායම විසින් සිදු කළ අතර පළමු පා පහර අසාර්ථක වීම නිසා ධර්මරාජ කණ්ඩායමට scrum අවස්ථාවක් ලැබුණි. තරගයේ මුල් මිනිත්තු කීපයේ දී කණ්ඩායම් දෙකම ප්‍රබල සටනක නිරත විය. තරගයේ පළමුව ලකුණු ලබා ගැනීම ඩී. එස්. ක්‍රීඩක සාරංග උඩවත්තගේ උත්සාහක දිනුමත් සමඟින් ආරම්භ විය. එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (ඩී. එස්. 05 – 00 ධර්මරාජ)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

ධර්මරාජ කණ්ඩායම විසින් දඬුවම් පහර කීපයක්ම ඩී. එස්. කණ්ඩායමට ලබා දුන් අතර එම නිසාවෙන් ලකුණු ලබා ගැනීමේ අවස්ථා කීපයක්ම මගහැරී ගියේය. තරගයේ 30 වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් ලබා ගැනීමට තිබූ ආසන්න අවස්ථාවක් ඩී. එස්. කණ්ඩායමට මගහැරී ගියේ පන්දුව knock on වීම නිසාවෙනි.

තරගයේ පළමු අර්ධය නිමා වන තුරුම කිසිදු ලකුණක් ලබාගැනීමට කණ්ඩායම් දෙකටම නොහැකි විය. ඒ අනුව පළමු අර්ධය ලකුණු 5ක් පමණක් ලබාගෙන අවසන් විය.

පළමු අර්ධය: ඩී. එස්. සේනානායක විද්‍යාලය 05 – 00 ධර්මරාජ විද්‍යාලය

දෙවන අර්ධය ආරම්භ කළ පා පහරින්ම උත්සාහක දිනුමක් වාර්තා කිරීමට ධර්මරාජ කණ්ඩායමට තිබූ අවස්ථාව මගහැරී ගියේ අවාසනාවන්ත අයුරිනි.

48 වැනි මිනිත්තුවේ දී තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට ඩී. එස්. කණ්ඩායමේ සාරංග උඩවත්ත සමත් වූ අතර එය ඔහුගේ දෙවන උත්සාහක දිනුමයි. ප්‍රවර්තනය අසාර්ථක වුවද ලකුණු 10ක පරතරයක් ලබා ගැනීමට ඩී. එස්. කණ්ඩායම සමත් විය. (ඩී. එස්. 10 – 00 ධර්මරාජ)

තේනුක අවසන් මොහොතේ ජයග්‍රහණය උදුරා ගනී

2019 සිංගර් අන්තර් පාසල් රග්බි ‍තරගාවලියේ කුසලාන වටයේ තවත් තරගයක් අද (22) සාන්ත ජෝසප් විද්‍යාලය හා සාන්ත පීතර විද්‍යාලය…

තරගයේ 57 වැනි මිනිත්තුව ධර්මරාජ කණ්ඩායමට විශේෂ වූ අතර ධර්මරාජ ඉදිරිපෙළ ක්‍රීඩකයන් ක්‍රමක්‍රමයෙන් ඩී. එස්. සීමා ඉර ආක්‍රමණය කළේය. නමුත් ඩී. එස්. ආරක්ෂකයන් එම සියලු උත්සාහයන් ව්‍යර්ථ කළේ ධර්මරාජ ක්‍රීඩකයන් hold the ball වරදට හසුකර ගනිමිනි.

අහිමි වූ උත්සාහක දිනුමේ වාඩුව ගැනීමට 61 වැනි මිනිත්තුවේ දී ධර්මරාජ කණ්ඩායම සමත් වූ අතර උත්සාහක දිනුම වාර්තා කිරීමේ දී ඩී. එස්. කණ්ඩායම විසින් එල්ල කළ අනතුරුදායක පහරක් නිසා දඬුවම් උත්සාහක දිනුමක් ලබා දීමට විනිසුරුවන් ක්‍රියා කළේය. (ඩී. එස්. 10 – 07 ධර්මරාජ)

තරගය අවසන් වීමට මිනිත්තු 5ක් ඉතිරිව තිබිය දී ඩී. එස්. කණ්ඩායමට දඬුවම් පහරක් මගින් ලකුණු රැස්කිරීමට අවස්ථාව උදා වූ අතර එවර තම කණ්ඩායමට ලකුණු තුනක් එක් කිරීමට සාරංග උඩවත්ත සමත් විය. (ඩී. එස්. 13 – 07 ධර්මරාජ)

දෙවන අර්ධයේ රාජකීය ප්‍රහාරයෙන් ඉසිපතන බලාපොරොත්තු වතුරේ යයි

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ඉතා වැදගත් තරගයක් අද (22) පැවැත්වුණේ කොළඹ රාජකීය විද්‍යාලයීය හා ඉසිපතන…

තරගයේ 69 වැනි මිනිත්තුවේ දී ප්‍රබල ලෙස ඩී. එස්. සීමා ඉර ආක්‍රමණය කළ ධර්මරාජ කණ්ඩායම වෙනුවෙන් අවසන් මිනිත්තුවේ දී තරගයේ වැදගත්ම උත්සාහක දිනුම වාර්තා කිරීමට තරින්ද කපුවත්ත සමත් විය. ඒ අනුව ධර්මරාජ ලකුණු පුවරුව ලකුණු 12ක් ලෙස දිස් වූ අතර එහි ප්‍රවර්තනය තරගයේ ඉරණම තීරණය කරන එකක් බවට පත්විය. ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට සෞම්‍ය විජේසිරි සමත් වීමත් සමඟම ධර්මරාජ විද්‍යාලය තරගය ජයග්‍රහණය කළේය. අවසන් ලකුණු තත්වය ලකුණු 13-14ක් ලෙස ධර්මරාජයට ජයග්‍රහණය ලබා දෙමින් අවසන් විය.

අවසන් ලකුණු තත්වය: ඩී. එස්. සේනානායක විද්‍යාලය (2T, 1P) 13 – 14 (2T, 1C) ධර්මරාජ විද්‍යාලය

ලකුණු ලබා ගත් ක්‍රීඩකයන්

  • ඩී. එස්. සේනානායක විද්‍යාලය: සාරංග උඩවත්ත (2T, 1C)
  • ධර්මරාජ විද්‍යාලය: තරින්ද කපුවත්ත (1T), සෞම්‍ය විජේසිරි (1C)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<