ත්‍රිත්ව ප්‍රහාරය හමුවේ සාන්ත අන්තෝනි පසුබසී

121
Schools Rugby

2020 ඩයලොග් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ A කාණ්ඩයේ තවත් තරගයක් අද (13) මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය අතරයි. එම තරගය ලකුණු 26-05ක් ලෙස ජයග්‍රහණය කිරීමට ත්‍රිත්ව විද්‍යාලය සමත් විය.

තරගයේ මුල් මිනිත්තු කීපයේ දී ම ත්‍රිත්ව කණ්ඩායම සාන්ත අන්තෝනි සීමා ඉර ආක්‍රමණය කළ අතර එය සාර්ථකව උත්සාහක දිනුමක් බවට පත්කිරීමට තමුදිත දොඩම්වත්ත සමත්වූයේ අන්තෝනි පසුපෙළ අසරණ කරමිනි. එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගත් ඔහු ත්‍රිත්ව ලකුණු පුවරුව ලකුණු 07ක් බවට පත්කළේය. (ත්‍රිත්ව 07 – 00 සාන්ත සාන්ත අන්තෝනි) 

පාසල් රග්බි ලීගය කල් දැමේ

මේ දිනවල ලොව පුරා පැතිර යන කොරෝනා හෙවත් COVID-19 වයිරසය වසංගතයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කිරීමෙන්

සාන්ත අන්තෝනි කණ්ඩායම ත්‍රිත්ව සීමා ඉර ආක්‍රමණය කිරීමට කීපවරක් උත්සාහ කළ ද එය සාර්ථක කරගැනීමට ඔවුන් සමත්වූයේ නැත. 

මිනිත්තු කීපයක ලකුණු නිහැඬියාව බිඳ දැමීමට ත්‍රිත්ව කණ්ඩායම සමත්වූයේ තරගයේ 17 වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් වාර්තා කරමිනි. එම උත්සාහක දිනුම වාර්තා කිරීමට හර්ශ සමරසිංහ සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක නොවූවද ත්‍රිත්ව ලකුණු පුවරුව ලකුණු 12ක් දක්වා ඉහල ගොස් තිබුණි.  (ත්‍රිත්ව 12 – 00 සාන්ත අන්තෝනි)

තරගයේ 22 වැනි මිනිත්තුවේ දී ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට සාන්ත අන්තෝනි කණ්ඩායම සමත් වූ අතර එහි දී බවත් නිශාන් විසින් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. ප්‍රවර්තනය සාර්ථක නොවීය.  (ත්‍රිත්ව 12 – 05 සාන්ත අන්තෝනි)

ත්‍රිත්ව කණ්ඩායම වෙනුවෙන් තරගයේ තුන්වැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට හර්ශ සමරසිංහ සමත් විය. ඒ ඔහුගේ දෙවන උත්සාහක දිනුම විය. එහි ප්‍රවර්තනය සාර්ථක කරගත් චමෝද් මුතුනායක ත්‍රිත්ව ලකුණු පුවරුවට අමතර ලකුණු එක් කළේය. (ත්‍රිත්ව 19 – 05 සාන්ත අන්තෝනි)

තරගයේ පළමු අර්ධය නිමා වූයේ ත්‍රිත්ව කණ්ඩායමට ලකුණු 19-05ක් ලෙස පෙරමුණ හිමිකර දෙමිනි. 

පළමු අර්ධය: ත්‍රිත්ව විද්‍යාලය 19 – 05 සාන්ත අන්තෝනි විද්‍යාලය 

දෙවන අර්ධය උත්සාහක දිනුමකින් සනිටුහන් කිරීමට ත්‍රිත්ව ක්‍රීඩක රවිශාන් පනංවල සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක කරගත් චමුදිත දොඩම්වත්ත ත්‍රිත්ව ලකුණු පුවරුව ලකුණු 26ක් දක්වා ඉහල දැමීමට සමත් විය. (ත්‍රිත්ව 26 – 05 සාන්ත අන්තෝනි)

සාන්ත අන්තෝනි කණ්ඩායම ප්‍රබල උත්සාහයක් දරමින් ත්‍රිත්ව සීමා ඉර ආක්‍රමණය කළ අතර එහි දී ත්‍රිත්ව ක්‍රීඩකයන් හට කහ කාඩ්පත් නිකුත් කිරීමට විනිසුරුවන් තීරණය කළේය. 

තරගයේ මීළඟ මිනිත්තු කීපය තුල උත්සාහක දිනුම් ලබා ගැනීම සඳහා සාන්ත අන්තෝනි කණ්ඩායමට අවස්ථා කීපයක් ලැබුණු නමුත් ඒවා සාර්ථක කරගැනීමට ඔවුන් අසමත් විය. 

ශූරයින්ගේ මාරයා 2020 කුසලානයට සූදානම්!

පාසල් රග්බි පිටියේ ප්‍රබල කණ්ඩායම් සියල්ලම දැඩි ලෙස බිය වන පෙරළිකාර කණ්ඩායමක් වන ගල්කිස්ස විද්‍යා විද්‍යාලයීය

තරගයේ 59 වැනි මිනිත්තුවේ දී ත්‍රිත්ව ක්‍රීඩක රාහුල් ඩිරේන් හට කහ කාඩ්පතක් නිකුත් කිරීම විනිසුරුවන් තීරණය කළේය. තරගයේ 65 වැනි මිනිත්තුවේ දී අනතුරුදායක වැළැක්වීමක් නිසා සාන්ත අන්තෝනි ක්‍රීඩක ඉශාන් බවන්ත් හට කහ කාඩ්පතක් නිකුත්කෙරිනි. තරගය නිමා වීමට පෙර ත්‍රිත්ව කණ්ඩායම වෙත තවත් කහ කාඩ්පතක් නිකුත් කිරීමට විනිසුරුවන් තීරණය කළේ අනතුරුදායක වැළැක්වීමක් නිසාවෙනි. 

තරගය නිමා වූයේ කණ්ඩායම් දෙකටම ලකුණු ලබාගැනීමේ අවස්ථාවන් හිමිකර නොදෙමිනි. 

අවසන් ලකුණු තත්ත්වය: ත්‍රිත්ව විද්‍යාලය 26 (4T, 3C) – 05 (1T) සාන්ත අන්තෝනි විද්‍යාලය 

තරගයේ වීරයා: තිදස් තන්ත්‍රිගේ (ත්‍රිත්ව). 

ලකුණු ලබා ගත් ක්‍රීඩකයන් 

  • ත්‍රිත්ව විද්‍යාලය: ‍රවිශාන් පනංවල (1T), හර්ශ සමරසේකර (2T), චමුදිත දොඩම්වත්ත (1T, 2C), චමෝද් මුතුනායක (1C)
  • සාන්ත අන්තෝනි විද්‍යාලය: බවත් නිශාන් (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<