පාසල් රග්බි ලීගය කල් දැමේ

106

මේ දිනවල ලොව පුරා පැතිර යන කොරෝනා හෙවත් COVID-19 වයිරසය වසංගතයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කිරීමෙන් අනතුරුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඒ සම්බන්ධයෙන් ආරක්ෂක පියවර රැසක් ගනු ලැබුණි. 

මෙම තත්ත්වය නිසා මේ දිනවල පැවැත්වෙමින් තිබූ ඩයලොග් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය ද දින නියමයකින් තොරව කල් දැමීමට තීරණය කර තිබේ. 

ශූරයින්ගේ මාරයා 2020 කුසලානයට සූදානම්!

පාසල් රග්බි පිටියේ ප්‍රබල කණ්ඩායම් සියල්ලම දැඩි ලෙස බිය වන පෙරළිකාර..

ඊයේ (12) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා දිවයින පුරා සියලු පාසල් අප්‍රේල් මස 20 වැනිදා දක්වා වසා තබන බව පවසා සිටියේය. කෙසේ වෙතත් ඊයේ වන විට මෙම තරගාවලියේ සංවිධායකයන් මෙම සතියේ තරග නියමිත පරිදි පැවැත්වීමට තීරණය කළේය. 

කෙසේ වෙතත්, තත්වයෙහි බරපතලකම ක්‍රමයෙන් උත්සන්න වීමත් සමඟ ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය (SLRFA) විසින් දින නියමයක් නොමැතිව මෙම තරගාවලිය නතර කිරීමට තීරණය කළේය. 

අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය  ගත් බව ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනයේ ලේකම් නිරෝධ විජේරාම මහතා ප්‍රකාශ කළේය.

“පාසල් වසා දැමීමේ තීරණය සමඟ ලීගය පැවැත්වීම සඳහා අද උදෑසන පැවති සාකච්ඡාවලින් පසුව අමාත්‍යාංශයෙන් මෙම නියෝගය ලැබුණා.

අද (13) සවස පැවැත්වීමට නියමිත ත්‍රිත්ව ශාන්ත අන්තෝනි තරගය ද ඇතුලත්ව අද පැවැත්වීමට නියමිත තරග සියල්ල මේ අනුව අවලංගු කර තිබේ. 

තරග අවලංගු වීමත් සමඟ, පාසල් රග්බි තරගාවලිය නැවත ආරම්භ කිරීමේ හැකියාව මේ වන විට සාකච්ඡාවෙන් බැහැරව ඇති අතර, සියල්ල සාමාන්‍ය තත්වයට පත්වූ වහාම ශ්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනය තරගාවලිය පිළිබඳව තීරණයට එළඹෙනු ඇත.

කෙසේ නමුත් අද (13) දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණු සාන්ත අන්තෝනි සහ ත්‍රිත්ව විදුහල් අතර තරගය ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් තොරව (Close Door) පැවැත්වීමට නියමිතයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<