කණ්ඩායම් 5ක්: එක් කුසලානයක්: LPL අද සිට…

LPL 2026

2
LPL 2026

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය හෙවත් LPL ක්‍රිකට් තරගාවලියේ 6 වැනි අදියර ආරම්භ කරමින් පැවැත්වෙන මංගල තරගය, පෙර වසරේ ජයග්‍රාහකයන් වූ Jaffna සහ අනුශූරයන් වූ Galle කණ්ඩායම් අතර අද (17) පස්වරු 7.30 පළමු පන්දුව යැවීමෙන් ආරම්භ වීමට නියමිතයි.

මෙම කණ්ඩායම් ද්විත්වයෙන් ජයග්‍රාහී Jaffna කණ්ඩායම මෙම වසරේ දී SC Jaffna Kings නමින් ද සහ  අනුශූර Galle කණ්ඩායම් මෙවර Galle Gallants නමින් ද තරගාවලියට එක් වෙන්නේ භානුක රාජපක්ෂ සහ දසුන් ශානක ගේ නායකත්වය යටතේයි.

මෙම තරගය LPL තරග ඉතිහාසයට එක් වෙන අලුත් ම ක්‍රීඩාංගණය වන කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී අලංකාර සමාරම්භක උත්සවයකින් අනතුරු ව පැවැත්වීමටයි යෝජිත.

මෙවර තරගාවලිය ද කණ්ඩායම් 5ක සහභාගීත්වයෙන් පැවැත්වෙන අතර එහි දී භානුක රාජපක්ෂ, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක සහ දිනේෂ් චන්දිමාල් ගේ නායකත්වයෙන් තරග බිමට පිවිසීමට නියමිතයි.

>>2026 LPL තරග කාලසටහන ප්‍රකාශයට පත් කරයි<<

SC Jaffna Kings

LPL තරගාවලි අදිරය 5න් 4ක ජයග්‍රාහයන් ලෙසින් අභිශේක ලැබූ මෙම කණ්ඩායම මෙවර තරගාවලියට එක් වෙන්නේ ඉන්දීය ක්‍රීඩා ව්‍යවසායක Manjot Kalra සහ Mayank Goel ගේ ප්‍රධානත්වයෙන් යුත් Sports Commune ආයතනයේ මඟ පෙන්වීමෙන් SC Jaffna Kings නමිනුයි.

ඔවුන් ඊට පෙර 2021, 2022, 2023 සහ 2024 වසරවල දී Jaffna Kings නමින්  තරගාවලියට එක් වූ අතර මංගල LPL තරගාවලිය හා එක් වෙන්නේ Jaffna Stallions නමිනුයි.

කණ්ඩායම් භාරකාරීත්වය, තරගාවලියට පෙර වෙන්දේසියකින් තොරව ම නායක භානුක රාජපක්ෂ සහ දුනිත් වෙල්ලාලගේ කණ්ඩායම හා එක් කර ගන්නා අතර විදෙස් ක්‍රීඩකයන් ලෙසින් බංග්ලාදේශයේ Shakib Al Hasan සහ Taskin Ahmed ද එලෙසින් ම එක් කර ගන්නවා.

කණ්ඩායම හා එක් වෙන වයස අවුරුදු 23න් පහළ ක්‍රීඩකයන් වෙන්නේ ප්‍රවීන් මනිශාන් සහ කූගදාස් මාතුලන්.

SC Jaffna Kings සංචිතය

 

භානුක රාජපක්ෂ (නායක), දුනිත් වෙල්ලාලගේ, අවිශ්ක ප්‍රනාන්දු, ඩිල්ශාන් මදුශංක, කමිල් මිශාර, ට්‍රෙවීන් මැතිව්, මොහොමඩ් ශිරාස්, චමිඳු වික්‍රමසිංහ, නුවනිඳු ප්‍රනාන්දු, කූගදාස් මාතුලන්, ප්‍රවීන් මනීෂ, නිශාන් මදුශ්ක.

 

විදෙස් ක්‍රීඩකයන්

 

Taskin Ahmed (බංග්ලාදේශය), Shakib Al Hasan (බංග්ලාදේශය), David Wiese (නැමීබියාව), Ibrahim Zadran (ඇෆ්ගනිස්තානය), Sandeep Lamichhane (නේපාලය), Lizaad Williams (නෙදර්ලන්තය), Zahoor Khan (එක්සත් අරාබි එමීර් රාජ්‍යය).

 

නිලධාරීන්

 

තිළිණ කණ්ඩම්බි (ප්‍රධාන පුහුණුකරු සහ පිතිකරු පුහුණුකරු), දර්ශන ගමගේ (පන්දු යැවීමේ පුහුණුකරු), මනෝජ් අබේවික්‍රම (පන්දු රැකීමේ පුහුණුකරු), ජෙහාන් මුබාරක් (කණඩායම් දත්ත සැකසුම්කරු).

Colombo Kaps

Colombo Kings, Colombo Stars සහ Colombo Strikers නම්වලින් පෙර තරගාවලි හා එක් වූ මෙම කණ්ඩායම මෙවර නම් කෙරෙන්නේ Colombo Kaps නමිනුයි.

කණ්ඩායමේ හිමිකාරීත්වය සතු Saranyan Palaniswamy සහ K.C. Shyam Kangayan ගේ අධීක්ෂණයෙන් යුත් Witness Sports Alliance LLC ආයතනය වෙන්දේසියට පෙර ම නායක කුසල් මෙන්ඩිස් සහ කමිඳු මෙන්ඩිස් තම කණ්ඩායම වෙනුවෙන් වෙන්කර ගන්නවා.

එමෙන් ම මීට පෙර 2023 වසරේ දී Dambulla Aura කණ්ඩායම නියෝජනය කළ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Ben McDermott ද වෙන්දේසියට පෙර ම විදෙස් සුපිරි ක්‍රීඩකයා ලෙසින් මෙම කණ්ඩායම හා එක් කර ගෙන තිබුණා.

කණ්ඩායම හා එක් ව සිටින Overseas Icon ක්‍රීඩකයා වෙන්නේ නවසිලන්තයේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන James Neesham වන අතර කණ්ඩායමට එක් වූ 23න් පහළ ක්‍රීඩකයන් වෙන්නේ ශාරුජන් ශන්මුගනාදන් සහ මල්ෂ තරුපති.

Colombo Kaps සංචිතය

 

කුසල් මෙන්ඩිස් (නායක), තනුක දාබරේ, සදීර සමරවික්‍රම, ජනිත් ලියනගේ, කමිඳු මෙන්ඩිස්, මිලාන් රත්නායක, මොවින් සුබසිංහ, බිනුර ප්‍රනාන්දු, අරුල් ප්‍රගාසම්, වනුජ සහන්, ජෙෆ්රි වැන්ඩර්සේ, ශාරුජන් ශන්මුගනාදන් සහ මල්ෂ තරුපති.

 

විදෙස් ක්‍රීඩකයෝ

 

Rubin Hermann (දකුණු අප්‍රිකාව), Ben McDermott (ඕස්ට්‍රේලියාව), Kushal Bhurtel (නේපාලය), James Neesham (නවසීලන්තය), Shahnawaz Dahani (පාකිස්තානය), Hasan Mahmud (බංග්ලාදේශය), Mujeeb Ur Rahman (ඇෆ්ගනිස්තානය),

 

නිලධාරීන්

 

චාමර කපුගෙදර (ප්‍රධාන පුහුණුකරු), නුවන් කුලසේකර (පන්දු යවන්නන්ගේ පුහුණුකරු), විමුක්ති දේශප්‍රිය ( පන්දු රැකිමේ පුහුණුකරු).

Kandy Royals

2023 වසරේ ශූරයන් වූ මෙම කණ්ඩායම මීට පෙර Kandy Tuskers, Kandy Warriors, Kandy Falcons සහ B-Love Kandy යන නම්වලින් හැඳින් වූ අතර ඔවුන් මෙවර තරගාවලියට එක් වෙන්නේ Kandy Royals නමින්.

තරගාවලියේ වෙන්දේසියට පෙර ම නායක ඇන්ජලෝ මැතිව්ස් සහ වනිඳු හසරංග කණ්ඩායම හා එක් කර ගැනීමට ඇමරිකාවේ ආයෝජක Sandhya Ajjarapu ගේ මෙහෙයුමෙන් යුත් Kandy Royals පාලකයෝ කටයුතු කරනවා. ඔවුන් අමතර ව විදෙස් ක්‍රීඩකයන් ලෙසින් එංගලන්තයේ Moeen Ali සහ ඉන්දීය ක්‍රීඩක Vijay Shankar ද වෙන්දේසියකින් තොරව ම කණ්ඩායම හා එක් කර ගැනීමට ඔවුන් කටයුතු කළා.

කණ්ඩායම හා එක් ව සිටින වයස අවුරුදු 23න් පහළ ක්‍රීඩකයන් වෙන්නේ පවන් සංදේශ් සහ සහන් මිහිර.

Kandy Royals සංචිතය

 

ඇන්ජලෝ මැතිව්ස් (නායක), වනිඳු හසරංග, නුවන් තුෂාර, කුසල් පෙරේරා, අසිත ප්‍රනාන්දු, ගරුක සංකේත්, විශේන් හැළඹගේ, මුදිත ලක්ෂාන්, ලහිරු උදාර, සහන් මිහිර, පවන් සංදේශ්, දුශාන් හේමන්ත, ඉසිත විජේසුන්දර.

 

විදෙස් ක්‍රීඩකයෝ

 

Sediqullah Atal (ඇෆ්ගනිස්තානය), Vijay Shankar (ඉන්දියාව), Moeen Ali (එංගලන්තය), Dale Phillips (නවසීලන්තය), Zahir Khan (පාකිස්තානය), Brandon McMullen (ස්කොට්ලන්තය), Shaheen Shah Afridi (පාකිස්තානය).

 

නිලධාරීන්

 

චමින්ද වාස් (ප්‍රධාන පුහුණුකරු), උපුල් චන්දන (සහාය පුහුණුකරු), ධම්මික ප්‍රසාද් (වේග පන්දු පුහුණුකරු)

Galle Gallants

Galle Gladiators, Galle Titans සහ Galle Marvels ලෙසින් පෙර තරගාවලියන් හි දී නම් ව තිබූ මෙම කණ්ඩායම මෙවර Gallant Sports සහ Media LLC ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී Sharath Sriramoju සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රෝයි සිල්වා ගේ ප්‍රධානත්වයෙන් Galle Gallants ලෙසින් නම් කර තිබෙනවා.

මෙතෙක් තරගාවලියේ 2020, 2021 සහ  ආසන්නත ම 2024 වසර ඇතුළු වසර ත්‍රිත්වක් අනුශූරතා දිනූ කණ්ඩායම ලෙසයි ඔවුන් මෙවර තරගාවලියට එක් වෙන්නේ.

තරගාවලියේ වෙන්දේසියෙන් තොරව නායක දසුන් ශානක සේ ම නිමා වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී දක්ෂතා දැක් වූ ඒශාන් මාලිංග දේශීය ක්‍රීඩකයන් අතුරින් ඔවුන් තෝරාගෙන තිබුණා.

විදෙස් ක්‍රීඩකයන්ගෙන් දකුණු අප්‍රිකාවේ Rassie van der Dussen සහ සිම්බාබ්වේ ජාතික Sikandar Raza වෙන්දේසියට පෙර ඔවුන්ගේ තේරීම වූවත් ඔවුන් දෙදෙනා ම තරගාවලියෙන් ඉවත් වෙනවා. ඊට අමතර ව ඔවුන්ගේ තවත් තේරීමක් ව තිබු බංග්ලාදේශයේ Litton Das ද ආබාධිත තත්ත්වයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වෙනවා.

කණ්ඩායම හා එක් ව සිටින වයස අවුරුදු 23න් පහළ ක්‍රීඩකයන් වෙන්නේ දිනුර කළුපහන සහ යූරි කොත්තිගොඩ.

Galle Gallants සංචිතය

 

දසුන් ශානක (නායක), ඒශාන් මාලිංග, චරිත් අසලංක, ප්‍රමෝද් මදුශාන්, ලසිත් කෲස්පුල්ලේ, විජයකාන්ත් වියස්කාන්ත්, සහන් ආරච්චිගේ, චාමික කරුණාරත්න, තරිඳු රත්නායක, දිනුර කළුපහන, යූරි කොත්තිගොඩ, කසුන් රාජිත, සචිඳු කොළඹගේ.

 

විදෙස් ක්‍රීඩකයන්

 

Nurul Hasan (බංග්ලාදේශය), Mohammad Nawaz (පාකිස්තානය), Akif Javed (පාකිස්තානය), Sam Harper (ඕස්ට්‍රේලියාව), Mehidy Hasan Miraz (බංග්ලාදේශය), Virandeep Singh (මැලේසියාව), Nurul Hasan (බංග්ලාදේශය) Chris Lynn (ඕස්ට්‍රේලියාව).

 

නිලධාරීන්

 

පුබුදු දසනායක (ප්‍රධාන පුහුණුකරු), චමිල ගමගේ (සහාය පුහුණුකරු සහ වේග පන්දු පුහුණුකරු), දිනුක් හෙට්ටිආරච්චි (දඟ පන්දු පුහුණුකරු), ගයාන් විජේකෝන් (පන්දු රැකීමේ පුහුණුකරු).

Dambulla Sixers

පෙර වසරේ දී ද මේ නමින් ම යුත් මෙම කණ්ඩායම මීට පෙර මෙම තරගමාලාව එක් වෙන්නේ Dambulla Viiking, Dambulla Giants සහ Dambulla Aura නමිනුයි. ඔවුන් මෙම තරගමාලාවේ දී 2023 අදියරේ අනුශූර කණ්ඩායම ලෙසින් අභිශේක ලැබුවා.

තරගාවලියේ වෙන්දේසියට පෙර ම කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් සහ දුශ්මන්ත චමීර දේශීය ක්‍රීඩකයන් ලෙසිනුත් සහ පාකිස්තානයේ 30 හැවිරිදි වියේ පසුවෙන ඉදිරිපෙළ පිතිකරු Sahibzada Farhan විදෙස් සන්නාම ක්‍රීඩකයා ලෙසත් සහ දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු Reeza Hendricks ද එක් කර ගැනීමට කණ්ඩායමේ ප්‍රධාන විධායක නිලධාරී ඔල්ගා ඈශ්ලි හේරත් ගේ ප්‍රධානත්වයෙන් යුත් Dambulla Sixers කණ්ඩායම කටයුතු කරනවා.

කණ්ඩායමට එක් වූ අවුරුදු 23න් පහළ ක්‍රීඩකයන් දෙදෙනා වෙන්නේ ගයන වීරසිංහ සහ විශ්ව ලහිරු කුමාර.

Dambulla Sixers සංචිතය

 

දිනේෂ් චන්දිමාල් (නායක), දුශ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, නිරෝෂන් දික්වැල්ල, පවන් රත්නායක, අකිල ධනංජය, ධනංජය ලක්ෂාන්, රමේෂ් මෙන්ඩිස්, සචිත ජයතිලක, විශ්ව ලහිරු කුමාර, ගයන වීරසිංහ.

 

විදෙස් ක්‍රීඩකයෝ

 

Reeza Hendricks (දකුණු අප්‍රිකාව), Sahibzada Farhan (පාකිස්තානය), Fazalhaq Farooqi (ඇෆ්ගනිස්තානය), Mohammed Wasim (පාකිස්තානය), Gulbadin Naib (ඇෆ්ගනිස්තානය), Marques Ackerman (දකුණු අප්‍රිකාව), Shadley Schalkwyk (දකුණු අප්‍රිකාව)

 

නිලධාරීන්

 

Shezzard Nizar (කළමණාකරු), රංගන හේරත් (ප්‍රධාන පුහුණුකරු), පියල් විජේතුංග (සහාය පුහුණුකරු), රොෂාන් මහානාම (පිතිකරු පුහුණුකරු සහ Mentor) අජිත් ඒකනායක (පන්දු යවන්නන්ගේ පුහුණුකරු), රුවින් පීරිස් (පන්දු රැකීමේ පුහුණුකරු), ගයාන් වීරරත්න (Trainer)

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<