“පාසල් රග්බි තරගවලට බාධාවක් නෑ!” – රංජිත් චන්ද්‍රසේකර

426

පාසල් රග්බි තරග සඳහා විනිසුරුවන් ලබා දීම තාවකාලිකව අත්හීටුවීම පිළිබඳව ශ්‍රී ලංකා රග්බි විනිසුරුවන්ගේ සංගමය ගත් තීරණයට, ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ දැනට පවතින තරගාවලියට එය කිසිදු බලපෑමක් ඇති නොකරන බවයි.

අවසන් මොහොතේ දී දකුණු ලක සංග්‍රාමය සමව නිමා වෙයි

26 වැනි වතාවටත් සංවිධානය කරන ලද දකුණු ලක රග්බි…..

“පාසල් රග්බි තරග පැවැත්වීමට කිසිදු බාධාවක් නෑ, ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ අපි සැලසුම් කළ පරිදි අපගේ තරග දිගටම පැවැත්වෙනු ඇති.” යනුවෙන් ThePapare.com වෙත සිය අදහස් දක්වමින් ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ සභාපති රංජිත් චන්ද්‍රසේකර මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ රංජිත් චන්ද්‍රසේකර මහතා,“අපි සූදානම් ශ්‍රී ලංකා විනිසුරුවන්ගේ සංගමය සමඟ මේ පිළිබඳව සාකච්ඡා කිරීමට, නමුත් පාසල් තරග කිසිදු බාධාවක් නොමැතිව පැවැත්වෙනවා” යනුවෙන් පැවසුවේය.

මෙම සතිය මුලදී, ශ්‍රී ලංකා රග්බි විනිසුරුවන්ගේ සංගමය විසින් ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය වෙත විද්‍යුත් තැපෑලක් මගින් දැනුම් දී ඇත්තේ පසුගිය මාසයේ සිදු වූ සිදුවීම්වලින් පසු දැනට පැවැත්වෙන අන්තර් පාසල් තරගාවලි සඳහා විනිසුරුවන් පත් නොකරන බවයි.

වැරදුනේ කොතනද?

කොළඹ ඉසිපතන විද්‍යාලය යනු ‘ශ්‍රී ලංකාවට …..

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා රග්බි විනිසුරුවන්ගේ සංගමය හා ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය පාසල් රග්බි පිටියේ දැන් ඇතිවී තිබෙන ක්‍රීඩාවට නුසුදුසු සිදුවීම් මඟහරවා ගෙන පාසල් රග්බි ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් නව උපාය මාර්ගයන් ගැන සාකච්ඡා කිරීමට අද සවස හමුවීමට සූදානමින් සිටියි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<