අවසන් මොහොතේ දී දකුණු ලක සංග්‍රාමය සමව නිමා වෙයි

469

26 වැනි වතාවටත් සංවිධානය කරන ලද දකුණු ලක රග්බි සංග්‍රාමය ලකුණු 10-10ක් ලෙස සමව අද (15) නිමාවට පත්වූයේ සාන්ත ඇලෝසියස් විදුහල තවත් වසරකට “ටී. වී. සුමනසේකර කුසලානය” තමන් සතුව තබා ගැනීමට අවස්ථාව හිමි කරමිනි. 

වැරදුනේ කොතනද?

කොළඹ ඉසිපතන විද්‍යාලය යනු ‘ශ්‍රී ලංකාවට වැඩියෙන්ම රග්බි ක්‍රීඩකයින්……

කොග්ගල BOI ක්‍රීඩාංගණයේ දී පස්වරු 4.15ට තරගය ආරම්භ වූ අතර තරගය ආරම්භ වී මද වෙලාවක් යනතුරු කණ්ඩායම් දෙකෙන්ම බොහෝ අත්වැරදීම් සිදු වනු දක්නට ලැබුණි. එය තරගයේ වේගයට ද බලපෑ කරුණක් විය.

පන්දුව කණ්ඩායම් දෙක අතර දෝලනය වෙමින් තිබූ මොහොතක රිච්මන්ඩ් ක්‍රීඩකයින් කිහිප අවස්ථාවක් ධවල රේඛාවට ආසන්න වුවද, සාන්ත ඇලෝසියස් ආරක්ෂකයින් ඔවුන්ට දැඩි ප්‍රතිරෝධයක් එල්ල කරමින් ඔවුන් පසුපසට තල්ලු කළ ආකාරයක් දක්නට ලැබුණි. 

තරගයේ 24 වැනි මිනිත්තුව වන විට සාන්ත ඇලෝසියස් ක්‍රීඩකයින් අතින් සිදු වූ අත්වැරදීමක් නිසාවෙන් රිච්මන්ඩ් ක්‍රීඩකයන් වෙත විනිසුරු ගිහාන් යටවර දඬුවම් පහරක් ලබා දුන් අතර එය සාර්ථක කර ගත් රිච්මන්ඩ් ක්‍රීඩක මාලිංග දුලාර තරගයේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට ආරම්භ කළේය. (සාන්ත ඇලෝසියස් 00-03 රිච්මන්ඩ්)

සාන්ත ජෝන් ප්‍රහාරයෙන් සාන්ත තෝමස් තරගාවලියෙන් ඉවතට

මයිලෝ සභාපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් පූර්ව…

තරගයේ 30 වැනි මිනිත්තුවේ දී සාන්ත ඇලෝසියස් ක්‍රීඩක ගයේෂාන් නවෝද්‍ය විසින් ලබා දුන් පන්දු පිරිනැමීමක් මගින් දක්ෂ උත්සාහක දිනුමක් වාර්තා කිරීමට කවිඳු කුමාර සමත් විය. මනිල්ක ෂෙහාන් විසින් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (සාන්ත ඇලෝසියස් 07-03 රිච්මන්ඩ්) 

කෙසේ නමුත් තරගයේ ප්‍රථම අර්ධය අවසන් වන තෙක් ලකුණු පුවරුව වෙනස් කිරීමට කණ්ඩායම් දෙකටම නොහැකි විය.

ප්‍රථම අර්ධය: සාන්ත ඇලෝසියස් විදුහල 07 – 03 රිච්මන්ඩ් විදුහල

දෙවැනි අර්ධය ආරම්භ වීමත් සමඟ එනම් 36 වැනි මිනිත්තුවේ දී රිච්මන්ඩ් ක්‍රීඩකයින් Rolling Maul අවස්ථාවක් භාවිතා කරමින් උත්සාහක දිනුම් රේඛාව පසුකර සමත් විය. කවිඳු අමරකෝන් විසින් එම උත්සාහක දිනුමට හිමිකම් කී අතර ප්‍රවර්තනයේ අතිරේක ලකුණු එකතු කරන්නට මාලිංග දුලාර සමත් විය. (සාන්ත ඇලෝසියස් 07-10 රිච්මන්ඩ්)

නැවතත් තරගයේ 59 වැනි මිනිත්තුවේ දී රිච්මන්ඩ් පීඩනය නොතැකු අලෝසියස්වරුන් පන්දුව සමඟින් වේගයෙන් ඉදිරියට ඇදුණ අතර වාරයේ රිච්මන්ඩ් ක්‍රීඩකයින් අතින් සිදු වූ අත්වැරදීමක් නිසාවෙන් ඇලෝසියස්වරුන්ට දඬුවම් පහරක් හිමි විය. මනිල්ක ෂෙහාන් සාර්ථකව එය ගෝල කණු අතරින් යවන්නට සමත් විය. (සාන්ත ඇලෝසියස් 07-10 රිච්මන්ඩ්)

විරාමයකට පසු දිමිත්‍රි නව කණ්ඩායමක් සමඟින් රග්බි පිටියට

නිමා වූ ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගත්….

ඉන්පසු තරගයේ අවසන් මිනිත්තුවේ දී රිච්මන්ඩ් විදුහල වෙත විනිසුරු ගිහාන් දඬුවම් පහරක් ලබා දෙන්නේ සාන්ත ඇලෝසියස් ක්‍රීඩකයින්ගේ අතින් සිදු වූ අත්වැරදීමක්  හේතුවෙනි. මීටර 22 සීමාව අසලින් පන්දුව ගෝල කණු දෙස එල්ලය ලබා ගත් මාලිංග දුලාරට දඬුවම් පහරේ ලකුණු මඟ හැරී යෑමත් සමඟම විනිසුරු තරගය අවසන් කිරීමට නලාව නාද කරන ලදි. 

ඒ අනුව සම ලකුණු තත්වයකින් දකුණු ලක රග්බි සංග්‍රාමය අවසන් වූ නිසාවෙන් ටී. වී. සුමනසේකර කුසලානය මෙවරත් සාන්ත ඇලෝසියස්වරුන් සතුවන්නේ පසුගිය වර්ෂයේ තරගය සාන්ත ඇලෝසියස් ක්‍රීඩකයින් ජය ගත් නිසාවෙනි.

අවසන් ලකුණු තත්වය: සාන්ත ඇලෝසියස් විද්‍යාලය (1T, 1C, 1P) 10 – 10 ( 1T, 1C, 1P) රිච්මන්ඩ් විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – මල්ෂ පැතුම් (රිච්මන්ඩ් විද්‍යාලය)

ලකුණු රැස් කළ ක්‍රීඩකයින් – 

සාන්ත ඇලෝසියස් විද්‍යාලය

  • උත්සාහක දිනුම් – කවිඳු කුමාර
  • ප්‍රවර්තන – මනිල්ක ෂෙහාන්
  • දඬුවම් පහර – මනිල්ක ෂෙහාන්

රිච්මන්ඩ් විද්‍යාලය

  • උත්සාහක දිනුම් – කවිඳු අමරකෝන්
  • ප්‍රවර්තන – මාලිංග දුලාර
  • දඬුවම් පහර – මාලිංග දුලාර

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<