ශ්‍රී ලංකා යෞවනයින්ගේ UAE සංචාරයට දින නියම වෙයි

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ UAE සංචාරය 2023

623

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයේ නිල තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් නිකුත් කර තිබෙනවා.

මාර්තු මස 15 වැනිදා ආරම්භ වන මෙම සංචාරය අප්‍රේල් 03 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර තුන්කොන් තරගාවලියක් සහ ඇෆ්ගනිස්ථාන තරගාවලියක් එම සංචාරයට ඇතුළත්.

තුන්කොන් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට අමතර ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය සහභාගී වන අතර පළමු තරගය මාර්තු 20 ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිතයි.

මූලික වටයේ තරගවලින් පසුව තුන්කොන් තරගාවලියේ අවසන් තරගය මාර්තු 30 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

තුන්කොන් තරගාවලිය අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරග දෙකකින් යුත් එක්දින තරගාවලියක් පැවැත්වීමට නියමිත අතර එම තරග අප්‍රේල් 01 සහ 02 යන දෙදින තුළ පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සංචාරයේ කාලසටහන,

  • තුන්කොන් තරගාවලිය

මාර්තු 20 – ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය

මාර්තු 22 – ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය

මාර්තු 26 – ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය

මාර්තු 28 – ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය

  • ඇෆ්ගනිස්ථාන තරගාවලිය

අප්‍රේල් 01 – පළමු එක්දින තරගය

අප්‍රේල් 02 – දෙවැනි එක්දින තරගය

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<