2026 IPL තරගාවලියේ Sunrisers Hyderabad කණ්ඩායම සමඟ එක් වීමේ අවස්ථාව ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මදුශංක හට හිමි වී තිබෙනවා.
මෙවර තරගාවලියේ දී SRH කණ්ඩායම නියෝජනය කිරීමට නියමිත ව සිටි Brydon Carse වෙනුවට ඩිල්ශාන් මෙසේ සංචිතයට කැඳවා ඇති අතර, ඔහුට ඉන්දීය රුපියල් ලක්ෂ 75ක වටිනාකමක් හිමි වී තිබෙනවා.
Brydon Carse තරගාවලියට පෙර පුහුණු වීම් සිදු කරමින් සිටිය දී ආබාධයකට ලක් වූ නමුත්, ඔහුට කෙසේ හෝ තරගාවලියට සහභාගී වීමට අවස්ථාව හිමි වෙතැයි කණ්ඩායම් පුහුණුකරු වූ Daniel Vettori බලාපොරොත්තු තබා සිටියා.
නමුත් මේ වන විටත් ඔහුගේ ආබාධ තත්වය සුව නොවීම මත ඩිල්ශාන් මෙසේ SRH සංචිතයට කැඳවා තිබෙනවා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
SRH නිත්‍ය නායක මෙන්ම, ප්‍රධාන වේග පන්දු යවන්නා ලෙස ද කටයුතු කරන Pat Cummins තරගාවලියට පෙර සිටි ආබාධයකට ලක් වී සිටි අතර, එම නිසා ඔවුන්ගේ පන්දු යැවීමේ බළඇණිය ඉතා දරුණු බිඳ වැටීමකට ලක් වුනා.
එමෙන්ම ඔවුන් සතුව සිටින තවත් වේග පන්දු යවන්නන් දෙදෙනෙකු වන Harshal Patel සහ Jaydev Unadkat ද පසුගිය තරගවල ඉතා දුර්වල ක්‍රීඩා රටාවකයි නිරත වුනේ.
එම හේතුවෙන් ඔවුන් සිය අවසන් තරගයේ දී අත්දැකීම් රහිත නව යොවුන් වේග පන්දු යවන්නන් දෙදෙනෙකු වන Praful Hinge සහ Sakib Hussain දෙදෙනා සමඟ තරගයට අවතීර්ණ වුනා. මෙහි දී ඔවුන් දෙදෙනා විසින් අදහා ගත නොහැකි මට්ටමේ පන්දු යැවීමක නිරත වෙමින් Rajastan Royals කණ්ඩායමේ කඩුලු 08ක් (හතර බැගින්) දවා ගැනීමට සමත් වුනා.
මෙම සියලු වාතාවරණ යටතේ ඩිල්ශාන් මදුශංක හට Sunrisers Hyderabad කණ්ඩායම වෙනුවෙන් සිය පන්දු යැවීමෙන් සුවිශේෂී දායකත්වයක් ලබා දීමට අවස්ථාව හිමි වනු ඇති.
එමෙන්ම ඔහුගේ සහයට තවත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු වන කමිඳු මෙන්ඩිස් සහ එශාන් මාලිංග ද එම සංචිතයේ රැඳී සිටීම සුවිශේෂී කරුණක්.
දෙස්, විදෙස් ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















