ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන තීරණයක්!

197

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු පාලක කමිටුවක් නම් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කළේ, 1973 ක්‍රීඩා පනතේ 25 වැනි වගන්තිය යටතේ අමාත්‍යවරයාට ඇති බලතල උපයෝගී කර ගනිමින් මෙම කමිටුව නම් කළ බවයි. 

හත් දෙනෙකුගෙන් යුත් එම කමිටුවේ සභාපති ලෙස හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පත් කර තිබෙනවා. 

ඔහුට අමතරව එම කමිටුවට ඇතුළත් සාමාජිකයින් වන්නේ, 

  1. උපාලි ධර්මදාස මහතා 
  2. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අයි. ඉමාම් මහතා 
  3. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිනී මාරසිංහ මහත්මිය
  4. විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඉරංගනී පෙරේරා මහත්මිය
  5. නීතීඥ රකිත රාජපක්ෂ මහතා 
  6. හිෂාම් ජම්ල්දීන් මහතා

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න, ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<