ඇෆ්ගනිස්ථාන – ශ්‍රී ලංකා සටනට දින නියම වෙයි

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

1496

තරග තුනකින් යුත් එක්දින තරගාවලියකට සහභාගී වීම සඳහා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (17) නිවේදනය කළා.

ඒ අනුව ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නොවැම්බර් 23 වැනිදා මෙරටට පැමිණීමට නියමිත අතර එක්දින තරගාවලිය නොවැම්බර් 25 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

2023 ලෝක කුසලානය සඳහා පැවැත්වෙන World Cup Super League තරගාවලිය යටතේ මෙම තරගාවලිය පැවැත්වෙන අතර තරගාවලියේ තරග පිළිවෙළින් නොවැම්බර් 25, 27 සහ 30 යන දිනවල මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

2023 එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ වටය ක්‍රීඩා කිරීමෙන් තොරව සුදුසුකම් ලබා ගැනීමට මෙම තරගාවලියේ තරග ජයග්‍රහණය කිරීම දෙපිළටම ඉතා වැදගත්.

තරගාවලියේ තරග කාලසටහන,

දිනය තරගය ක්‍රීඩාංගණය
25th November 2022 1st  ODI PKICS, Kandy
27th November 2022 2nd ODI PKICS, Kandy
30th November 2022 3rd ODI PKICS, Kandy

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<