2023 IPL වෙන්දේසිය දෙසැම්බර් මාසයේ දී

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

260
IPL auction

ලොව ප්‍රකට ලීග් ක්‍රිකට් තරගාවලියක් වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මීළඟ ක්‍රීඩක වෙන්දේසිය මෙම වසරේ දෙසැම්බර් 16 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කොරෝනා වසංගතය නිසාවෙන් පසුගිය අදියර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ තෝරා ගත් ක්‍රීඩාංගණවල පමණක් පැවැත්වීමෙන් පසුව 2023 තරගාවලිය සත්කාරක ක්‍රීඩාංගණ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට එහි සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

2023 ක්‍රීඩක වෙන්දේසිය සඳහා කණ්ඩායමකට හිමි වන මුදල ඉන්දීය රුපියල් කෝටි 95 දක්වා ඉහළ දමා ඇති අතර මීට පෙර එක් කණ්ඩායමකට හිමි වූ මුදල ඉන්දීය කෝටි 90ක්.

එමෙන්ම 2022 වසරේ ක්‍රීඩක වෙන්දේසිය ප්‍රධාන වෙන්දේසියක් ලෙසින් පැවති නිසා 2023 වසර සඳහා වන ක්‍රීඩක වෙන්දේසිය අතුරු වෙන්දේසියක් ලෙස ක්‍රියාත්මක වනු ඇත.

“ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මීළඟ අදියර සත්කාරක නගර කේන්ද්‍ර කරගනිමින් පෙර පරිදි පැවැත්වීමට සැලසුම් කර තිබෙන නිසා එක් එක් කණ්ඩායම්වලට තමන්ගේ සත්කාරක නගරයේ තෝරා ගත් ක්‍රීඩාංගණයක තමන් සත්කාරකත්වය දරන තරග පැවැත්වීමට හැකි,” යැයි Sourav Ganguly මීට පෙර ප්‍රකාශ කළා.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<