Home Sinhala බාබර් අසාම් කිවියන්ගේ අපරාජිත බව විනාශ කර දමයි

බාබර් අසාම් කිවියන්ගේ අපරාජිත බව විනාශ කර දමයි

181

12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 33 වැනි තරගය අද (26) බර්මින්හැම් ක්‍රීඩාංගණයේ දී නිමා වූයේ නවසීලන්තයට එරෙහිව කඩුලු 6ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට පාකිස්තානය සමත් වෙමිනි.

එංගලන්ත පරාජයෙන් ක්‍රිකට් රන් දෙවොල රත් වෙයි

වමතින් වේගපන්දු යවන 29 හැවිරිදි ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ජේසන්…..

නවසීලන්තය ලැබූ මෙම තරග පරාජයත් සමඟින් එතෙක් මෙම තරගාවලියේ පවත්වා ගෙන ආ අපරාජිතයන්ගේ වාර්තාව ඔවුන්ගෙන් ගිලිහුණි. දැන් එම ලැයිස්තුවේ අපරාජිත බව තව දුරටත් රැක ගෙන සිටිනුයේ ඉන්දියාවයි. කෙසේ වෙතත් මෙම තරග පරාජය හේතුවෙන් නවසීලන්තය එතෙක් ප්‍රසාද ලකුණු පුවරුවේ සිටි ස්ථානයේ වෙනසක් සිදු නොවුණි. 

මෙම තරගය ආරම්භ වන විට පාකිස්තානය ප්‍රසාද ලකුණු පුවරුවේ රැඳී සිටියේ 7 වැනි ස්ථානයේ ය. ඒ ලකුණු 5ක් ලබා ගනිමිනි. මෙම ජයග්‍රහණයත් සමඟින් ඔවුන් ප්‍රසාද ලකුණු පුවරුවේ 6 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණියේ බංග්ලාදේශය හා සම ප්‍රසාද ලකුණු (7) ලබා ගනිමිනි. ඔවුන්ගේ ජයග්‍රහණයත් සමඟින් එතෙක් 6 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාවට 7 වැනි තැන දක්වා පසු බැසීමට සිදු විය. 

පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත ඉනිම නිමා වූයේ ජේම්ස් නීශාම්ට ශතකයක් ද අහිමි කරමිනි. ඔහු පන්දු 112කට මුහුණ දී හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 97ක් ලබා සිටිය දී නවසීලන්ත ඉනිම නිමා විය. ඒ කඩුලු 6කට ලකුණු 237ක් ලෙස පවතිද්දීය. 

ලකුණු 238ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තාන ක්‍රීඩකයෝ එම කඩඉම කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 241ක් ලබා ගනිමින් ප්‍රසාද ලකුණු පුවරුව ද විශාල කලබගෑනියකට පත් කළේය. පාකිස්තාන ජයග්‍රහණයේ ප්‍රමුඛ සටන්කරුවා වූයේ 24 හැවිරිදි දකුණත් පිතිකරු බාබර් අසාම් ය.

බාබර් අසාම් අද තරගයේ දී තම ජාත්‍යන්තර එක්දින තරග පිටියේ 3000 වැනි ලකුණ ලබා ගැනීමට මෙන්ම 10 වැනි ශතකය ද වාර්තා කිරීමට සමත් විය. ඔහු තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුණි. 

කාසියේ වාසිය දිනා ගෙන පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නවසීලන්ත ඉනිමේ ආරම්භක කඩුලු 4 ලකුණු පුවරුවට ලකුණු 50ක් එක්වීමට ප්‍රථම පිටියෙන් ඉවත් කිරීමට පාකිස්තාන ක්‍රීඩකයෝ සමත් වූහ. ඉන් තිදෙනෙක්ම ලකුණු 10කට අඩුවෙන් තම ඉනිම් නිමා කර ගත් අතර කොලින් මුන්රෝ පමණක් ලකුණු 12ක් ලබා ගත්තේය. 

එසේ වෙද්දී නායක කෙන් විලියම්සන් එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 41ක් ලබා ගත්තේය. ඔහු හා 5 වැනි කඩුල්ලට වෙනුවෙන් පිටියේ රැඳී සිටි ජේම්ස් නීෂම් එක්ව ලකුණු 37ක සබඳතාවක් එක් කරමින් නවසීලන්ත ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 83ක් බවට පත් කළහ.  

අනතුරුව නවසිලන්ත ඉනිම වර්ණවත් කළේ 28 හැවිරිදි වමත් පිතිකරු ජේම්ස් නීෂාම් ය. ඔහු අද රැස් කළේ තම එක්දින තරග පිටියේ හොඳම ඉනිමය. 

එපමණකින් නතර නොවූ ඔහු කොලින් ඩි ග්‍රෑන්ඩ්හුම් සමග එක්වෙමින් 6 වැනි කඩුල්ලට ලකුණු 132ක සබඳතාවක් ගොඩ නැගීමට ද දායක විය. කොලින් ඩි ග්‍රෑන්ඩ්හුම් පන්දු 71කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 64ක් ලබා ගත්තේය. ඔහු දුවද්දී දැවී නොයන්නට ජේම්ස් නීෂම්ගේ ශතකය ද නවසීලන්ත ඉනිමට එක් වෙන්නට තිබුණි. 

ලෝක කුසලානයේ “semi final” එන්න ශ්‍රී ලංකාවට තියෙන ඉඩ කඩ

වෙනදා මෙන් නොව මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා…..

පන්දු යැවීමේ දී ශහීන් අෆ්රිඩි ලකුණු 28කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවිම වාර්තා කළේය. 

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායමේ ආරම්භය ද එතරම් සාර්ථක වූයේ නැත. ඉනිමේ තෙවැනි පන්දුවාරය නිමා වෙන පන්දුවේ දී පාකිස්තායේ පළමු කඩුල්ල දැවී ගියේය. ඒ ලකුණු 19ක් වෙද්දීය.  අනතුරුව පාකිස්තාන ඉනිම බිඳෙන් බිඳ ගොඩ ගැනීමට අනෙක් ආරම්භක පිතිකරු ඉමාම් උල් හක් සහ බාබර් අසාම් උත්සාහ කළහ. 

>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න <<

එම උත්සාහය අතරමග දී ඉමාම් උල් හක් ලකුණු 19ක් ලබා සිටිය දී පිටිය හැර ගියේය. ඒ පාකිස්තාන ලකුණු පුවරුව 44 අතරමං කරමිනි. ඉන් පසුව මොහොමඩ් හෆීස් සමඟ එක්කර ගනිමින් බාබර් අසාම් ලකුණු පුවරුව 110ක් කරා රැගෙන ආවේය. හෆීස් පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 32ක් ලබා ගත්තේය. ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලට සබඳතාව ලකුණු 66කි.

පාකිස්තාන ඉනිමේ ජයග්‍රහණයේ අඩිතාලම වූයේ බාබර් අසාම් සහ හැරිස් සොහයිල් එක්ව ගොඩනැගූ සිව්වැනි කඩුල්ලේ සබඳතාවයි. ඔවුන් දෙදෙනා එක්ව එම කඩුල්ලට ලකුණු 126ක සබඳතාවක් ගොඩ නැගූහ.

පාකිස්තාන ජයග්‍රහණයට ලකුණු 2ක් තිබිය දී එතෙක් සාර්ථක පිතිහරඹයක නිරත වූ හැරිස් සොහයිල් දුවද්දී දැවී යෑමකට ගොදුරු විය. ඒ වෙද්දී ඔහු පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 68ක් ලබා සිටියේය. ඔහු අද ලබා ගත්තේ තම එක්දින ජාත්‍යන්තර තරග පිටියේ 12 වැනි අර්ධ ශතකයයි. 

පාකිස්තාන ඉනිම ජයග්‍රහණයෙන් කෙළවර වෙන විට බාබර් අසාම් පන්දු 127කට මුහුණ දී හතරේ පහර 11ක් සමඟින් නොදැවී ලකුණු 101ක් ලබා සිටියේය. 

ප්‍රතිවාදී ඉනිම අඩපණ කිරීමට නවසීලන්ත නායකයා පන්දු යවන්නෝ 8 දෙනෙක්ම යොදා ගත්ත ද ඉන් සාර්ථක වූයේ ට්‍රෙන්ට් බෝල්ට්, ලොකි ෆර්ගියුසන් සහ නායක කේන් විලියම්සන් පමණි. ඔවුන් තිදෙනා කඩුල්ල බැගින් බෙදා ගත්හ. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න << 

Upcoming


New Zealand

Pakistan