පාකිස්තානු සුපිරි තාරකාව විශ්‍රාම යයි

69

පාකිස්තානු ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකාවක් වන සානා මීර් වසර 15ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට අද (25) තීරණය කර ඇත.

කොරෝනා තුරන් කරන්න ක්‍රීඩා මාධ්‍යවේදීන් සහයට එයි

කොරෝනා වයිරසය තුරන් කිරීමට කැප වී කටයුතු කරන පිරිස් වෙනුවෙන්…..

වයස අවුරුදු 34ක් වන මීර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට මෙසේ සමුදෙන්නේ ජාත්‍යන්තර එක්දින තරග 120ක් සහ විස්සයි විස්ස තරග 106ක් ක්‍රීඩා කිරීමෙන් අනතුරුවයි. 2005 වසරේ කරච්චි නුවර දී ශ්‍රී ලංකාවට එරෙහිව පැවති එක්දින තරගයකින් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ආරම්භ කරන මීර් එදා සිට අද දක්වා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රැස්කරගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 2432ක්. 

“කවදාහරි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මගේ රට නියෝජනය කරන්න ඕනේ කියලා ලොකු හැඟීමක් සහ ආසාවක් මට තිබ්බා, ඒ සිහිනය 2005 වසරේ දී සැබෑ කරගන්නට මට පුළුවන් වුනා. එතනට මම ආවේ නිකන්ම නෙමෙයි. මහන්සිය, කාලය සහ කැපවීම ගොඩක් වැය කරලා. එදා ඉඳන් අද වෙනකන් ඔබ සියලුම දෙනාම කොන්දේසි විරහිතව මට ලබා දුන් සහයට මම ස්තූතිවන්ත වෙනවා.” යැයි මීර් සිය සමුගැනීම ප්‍රකාශ කරමින් පාකිස්තානු ක්‍රිකට් ආයතනය වෙත ලියා තිබෙන ලිපියේ සඳහන්ව තිබුණු බව පාකිස්තානු ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් විය.

2020 පාසල් මහා තරග වීරයෝ – දිනෙත් ජයකොඩි

මේ අවුරුද්දෙත් සුපුරුදු ලෙස ආරම්භ වුන මාර්තු උන්මාදය (March Madness)…..

“ඒ වගේම පාකිස්තානු ක්‍රිකට් ආයතනයත්, එදා ඉඳන් අද වෙනකන් මට පුහුණුකරුවන් ලෙස වචනයකින් හරි උදව් කරපු හැමෝටමත් මම ස්තුතියි කරනවා. ඉදිරියේ දී අවශ්‍ය නම් මගේ දැනුම සහ අත්දැකීම් පාකිස්තානු ක්‍රිකට් ආයතනය වෙනුවෙන් ලබා දෙන්න මම සූදානමින් ඉන්නවා.”

“මගේ ක්‍රිකට් ගමනේ දී, විස්මිත ක්‍රිකට් ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු සමඟ ශක්තිමත් මිත්‍රත්වයක් හා බැඳීම් ඇති කරගන්නට පුළුවන් වුනා. ඒ ලබා ගත් සියලු අත්දැකීම් වලින් මම  ජීවිතය තුල දී ශක්තිමත් ක්‍රීඩිකාවක් බවට පත් වුනා පමණක් නෙමේ, ක්‍රීඩාවෙන් එහාට ගිය ජයග්‍රහණ හෝ පරාජය සමබරව දරා ගන්නා ආකාරය පිළිබඳ විශාල දේවල් මම ඉගෙන ගත්තා. කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට අඛණ්ඩව සහයෝගය දැක්වීම පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙතත් මාගේ හද පිරි ස්තුතිය පළ කිරීමට කැමතියි.” යැයි ඇය ලියූ ලිපියේ වැඩිදුරටත් සඳහන්ව තිබුණි.

2009 වසරේ දී පාකිස්තානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව ලෙස තේරී පත් වූ මීර් එදා සිට 2017 වසර දක්වා එම තනතුරේ කටයුතු කරමින් ක්‍රීඩා කරමින් 2107 වසරේ දී එම තනතුරෙන් ඉවත් වූයේ නායකත්වය සඳහා තරුණ ක්‍රීඩිකාවකට අවස්ථාව ලබා දෙමිනි.

කොදෙව් ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින්ගෙන් සමාව ඉල්ලයි

පසුගිය මාස කිහිපය පුරාවට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය දැඩි…..

පාකිස්තානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක වසීම් ඛාන්, “පාකිස්තාන ක්‍රිකට් ආයතනය වෙනුවෙන් ඇගේ ඉදිරි දිවිය සාර්ථක වේවා කියා මම සානා මීර්ට සුබ පතනවා. ඇය වසර ගණනාවක් පාකිස්තාන කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් විශාල දායකත්වයක් දක්වපු ක්‍රීඩිකාවක්. ඉදිරියේ දී ජාතික කණ්ඩායමට එන්න ඉන්න තරුණ ක්‍රීඩකයින්ට සහ ක්‍රීඩිකාවන්ට ඇයගේ ක්‍රිකට් ජීවිතයෙන් ලොකු අත්දැකීමක් ගන්න පුළුවන්.” යැයි පැවසීය.

සානා මීර්ගේ ක්‍රිකට් දිවියේ සොඳුරු මතකයන්,

2005 වසරේ දී ශ්‍රී ලංකාවට එරෙහිව පළමු ජාත්‍යන්තර එක්දින තරගයට ක්‍රීඩා කළ ඇය 2019 වසරේ නොවැම්බර් මාසයේ දී බංග්ලාදේශයට එරෙහිව සිය අවසන් ජාත්‍යන්තර එක්දින තරගය ක්‍රීඩා කළාය.

  • ජාත්‍යන්තර එක්දින තරග 120ක දී ලකුණු 1630ක් සහ කඩුලු 151ක් ලබාගෙන ඇත.
  • දැනට ලොව වැඩිම එක්දින කඩුලු ප්‍රමාණයක් ලබා ගත් ක්‍රීඩිකාවන් අතර සිව්වැනි ස්ථානයේ සිටින්නේ මීර්ය.
  • 2018 වසරේ ICC එක්දින පන්දු යවන්නියන් අතර පළමු තැනට පත්වීම.
  • එක්දින ක්‍රිකට් පිටියේ දී ලකුණු 1000 සීමාව සහ කඩුලු 100 සීමාව පසුකර තිබෙන ක්‍රීඩිකාවන් අතලොස්ස අතර සිටින ක්‍රීඩිකාවක් වීම.
  • 2009 වසරේ දී අයර්ලන්තයට එරෙහිව සිය මංගල ජාත්‍යන්තර විස්සයි විස්ස තරගය ක්‍රීඩා කරන මීර් 2019 ඔක්තෝබර් මාසයේ දී බංග්ලාදේශයට එරෙහිව සිය අවසන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරගය ක්‍රීඩා කළේය.
  • ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 106ක දී ලකුණු 802ක් සහ කඩුලු 89ක් ලබා ගැනීම.
  • පාකිස්තානු ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම සඳහා එක්දින තරග 72ක දී ඇය නායකත්වය ලබා දී තිබේ. ඉන් තරග 26ක් ජයග්‍රහණයකින් අවසන් වෙද්දී තවත් තරග 45ක් පරාජයට පත්ව ඇත. 
  • පාකිස්තානු ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම සඳහා විස්සයි විස්ස තරග 65ක දී ඇය නායකත්වය ලබා දී ඇත. ඉන් තරග 26ක් පාකිස්තානය ජය ගනිද්දී තරග 36ක් පරාජයට පත්ව ඇත. 
  • 2013 සහ 2017 එක්දින ලෝක කුසලාන දෙකක දී සහ විස්සයි විස්ස ලෝක කුසලාන 5ක දී ((2009, 2010, 2012, 2014, 2016) පාකිස්තානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරීම, 
  • “විස්ඩන්” දශකයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවක් වීම.
  • 2010 සහ 2014 වසරවල පැවති ආසියානු ක්‍රීඩා උළෙලේ දී පාකිස්තානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම රන් පදක්කම දක්වා මෙහෙය වීම.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<