කොදෙව් ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින්ගෙන් සමාව ඉල්ලයි

90

පසුගිය මාස කිහිපය පුරාවට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටි අතර මේ වන විට එම අර්බුදය උග්‍ර අතට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

T20 ලෝක කුසලානය ගැන හෑන්ඩ්ස්කොම්බ්ට සුබවාදී බලාපොරොත්තුවක්

කොරෝනා වයිරසය ජාත්‍යන්තර ක්‍රීඩාවට කළ බලපෑම සුළුපටු නැත. ලොව පුරා සියලු ක්‍රීඩා…..

උද්ගතව ඇති ගෝලීය වසංගත තත්ත්වය මත කොදෙව් කණ්ඩායම සහභාගි වීමට නියමිතව තිබුණු සියලුම ආකාරයේ ක්‍රිකට් තරග නවතා දමා තිබීම මෙම අර්බුදය වර්ධනය වීමට ප්‍රධාන හේතුව වී ඇත.

ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කාන්තා සහ පිරිමි කණ්ඩායම් දෙක සඳහාම ඉකුත් ජනවාරි මාසයේ පටන් වැටුප් ගෙවීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය අපොහොසත් වී ඇති බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

ජනවාරි මාසයේ දී අයර්ලන්තය සමඟ පැවති එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහ පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකාවේ පැවති එක්දින සහ විස්සයි විස්ස තරගාවලියට සහභාගි වූ කොදෙව් පිරිමි කණ්ඩායමට මේ වන විටත් එම තරග සඳහා අදාළ මුදල් ගෙවා නොමැති බව ද වාර්තා වේ. 

පසුගිය පෙබරවාරි සහ මාර්තු මාසයේ ඕස්ට්‍රේලියාවේ දී නිමා වූ ICC ලෝක කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ඔවුන්ගේ ජාතික කාන්තා ක්‍රිකට් සහභාගී වුවත්, ඒ සඳහා ද ඒ ඒ ක්‍රීඩිකාවන් සඳහා හිමි විය යුතු මුදල් ගෙවීමට ද කොදෙව් ක්‍රිකට් ආයතනය අපොහොසත් වී ඇත. 

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයින් A, B, C සහ සංවර්ධිත යනුවෙන් ක්‍රිකට් ආයතනය සමඟින් ගිවිසුම් ගතව සිටින අතර, A කාණ්ඩයේ ක්‍රීඩකයෙක්ට තරග ගාස්තුවට අමතරව ඇමරිකානු ඩොලර් 2666ක්, ‘B’ කාණ්ඩයේ ක්‍රීඩකයෙක්ට ඇමරිකානු ඩොලර් 2000ක්, ‘C’ කාණ්ඩයේ ක්‍රීඩකයෙක්ට ඇමරිකානු ඩොලර් 1500ක් සහ සංවර්ධිත කාණ්ඩය නියෝජනය කරනු ලබන ක්‍රීඩකයෙක්ට ඇමරිකානු ඩොලර් 1000ක් වශයෙන් ගෙවනු ලැබීය.

2020 පාසල් මහා තරග වීරයෝ – දිනෙත් ජයකොඩි

මේ අවුරුද්දෙත් සුපුරුදු ලෙස ආරම්භ වුන මාර්තු උන්මාදය (March Madness) Covid-19 වසංගතය නිසා එක්වරම….

“බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය මූල්‍යමය වශයෙන් දුෂ්කර කාලයකට මුහුණ දී සිටිනවා. අපි ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත මුදල් ගෙවීමට නොහැකි වීමට හේතුව දන්වා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමාව අයැද සිටිනවා.” යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටි කොදෙව් ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ජොනී ග්‍රේව් මහතා පවසා තිබේ.

2018 වසරේ දී ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර පැවති තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා සත්කාරකත්වය ලබා දීමෙන් සිදු වූ විශාල පාඩුව ද, මෙම මූල්‍ය අර්බුදය ඇති වීමට ප්‍රධාන හේතුවක් වූ බව එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් ග්‍රෙව් මහතා කියා සිටියේය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<