බැරට්ගේ උත්සාහය නවසීලන්තයට නූලෙන් ජය ගෙනෙයි

239

රග්බි ලෝක ශූරතාවයේ තවත් තරගයක් නවසීලන්තයේ ෆොර්සිත් බාර් ක්‍රීඩාංගණයේ දී ඊයේ (26) පැවැත්විය. ඒ ප්‍රබල නවසීලන්ත (All Blacks) හා ඕස්ට්‍රේලියා (Wallabies) කණ්ඩායම් අතරයි.

නවසීලන්තය සහ දකුණු අප්‍රිකාවට වැඩි ගෞරව

රග්බි ශූරතා තරගාවලිය ආරම්භ කරමින් තරග ද්විත්වයක් අද (20) පැවැත්විය. එංගලන්තයේ All Blacks සහ ඕස්ට්‍රේලියාවේ Wallabies කණ්ඩායම් අතර තරගය ශ්‍රී ලංකා…

නවසීලන්ත ක්‍රීඩක බීඩන් බැරට්ගේ ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය, මෙම තරගයෙන් නවසීලන්තයට ජයග්‍රහණය ගෙන ඒමට සමත් වූයේ තරග අවසානයට මිනිත්තු දෙකක් ඉතිරිව තිබියදීයි.

තරගය ආරම්භ වී මිනිත්තු 3ක් යන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කරන්නේ ලකුණු පුවරුව 05-00ක් ලෙස ඉදිරියට ගෙන යමිනි. එම උත්සාහක දිනුමේ අයිතිය ඉස්‍රායල් ෆොලොව් සතු වූ අතර ප්‍රවර්තනය අසාර්ථක විය.

11 වන මිනිත්තුවේ දී මයිකල් හූපර් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඉදිරියේ තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය ද සමඟින් 12-00ක් ඉදිරියක් ගන්නට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හැකි විය.

ඕස්ට්‍රේලියානුවන් විසින් ප්‍රතිවාදී නවසීලන්ත පිළට ලකුණක් ලබා ගැනීමට කිසිදු අවස්ථාවක් ලබා නොදෙමින් තෙවැනි උත්සාහක දිනුම ද වාර්තා කළේය. එම උත්සාහක දිනුම ෆෝලී විසින් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය (17-00).

තරගයේ මෙතෙක් වේලා නිහඬව සිටි ප්‍රබල නවසීලන්තය ලකුණු පුවරුව සක්‍රීය කරන්නේ තරගයේ 21 වැනි මිනිත්තුවේ සිටයි. නවසීලන්ත ක්‍රීඩක රීකෝ අයන් ඕස්ට්‍රේලියානුවන් අතරින් ඉදිරියට ඇදෙමින් පන්දුව ධවල රේඛාවෙන් එපිටට රැගෙන ගිය අතර එහි උත්සාහක දිනුම ද සාර්ථක විය (17-07).

තරගයේ ප්‍රථම අර්ධය අවසන් වීමට මත්තෙන් නවසීලන්තය තවත් උත්සාහක දිනුමක් සාර්ථක කර ගත්තේ ලකුණු අතර වෙනස 3ක් දක්ව අඩු කරමිනි. එම උත්සාහක දිනුම ආරෝන් ස්මිත් අතින් වාර්තා විය. එහි ප්‍රවර්තනය ද සාර්ථකයි (17-14).

පළමු අර්ධය: නවසීලන්තය 14 – 17 ඕස්ට්‍රේලියාව

බලාපොරොත්තුවේ දෑස් දල්වා ගනිමින් නවසීලන්තය දෙවන අර්ධය සඳහා තරග බිමට පිවිසෙන්නේ ප්‍රථම අර්ධයේ සිදු වූ අඩුපාඩු මඟ හරවා ගනිමින් පරාජයේ අවමානයෙන් ගැලවීමේ අදිටනිනි.

Rugby Championship 2017

ලකුණු පිපාසිතව සිටි බීඩන් බැරට් මිනිත්තු කීපයක නිහැඬියාවකින් පසු නවසීලන්ත ලකුණු පුවරුවට තවත් උත්සාහක දිනුමත් සාර්ථක කර දීමට සමත් විය. 62 වැනි මිනිත්තුවේ දී සාර්ථක වූ උත්සාහක දිනුමේ ප්‍රවර්තනය ද සාර්ථක විය (17-21).

කෙසේ නමුත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් ද තරගය අත්නොහරිමින් ක්‍රීඩා කරනු දැක ගන්නට ලැබුණේ විල් ජීනියා විසින් මිනිත්තු 5ක් යන්නටත් මත්තෙන් 17-21ක්ව තිබූ ලකුණු පුවරුව 22-21ක් දක්වා ඉදිරියට රැගෙන එමිනි.

70 වන මිනිත්තුවේ දී බෙන් ස්මිත් නැවතත් නවසීලන්තයට උත්සාහක දිනුමත් සාර්ථක කර දුන්නේ ප්‍රේක්ෂකාගාර ඔල්වරසන් හඬ මැදිනි (22-28).

77 වන මිනිත්තුව නැවතත් ජයග්‍රාහී මඟකට අවතීර්ණ කරනු පෙනුණේ බේල්ගේ උත්සාහක දිනුම තරගයේ වාසිය ඕස්ට්‍රේලියාවට හරවා දෙමිනි (29-28).

ඕස්ට්‍රේලියානුවන් රඳවා ගත් ජයග්‍රහණය ඔවුන්ගේ උර මතින් බිමට ඇද දැමූ බැරට් තරගයේ 79 වන මිනිත්තුවේ දී තවත් උත්සාහක දිනුමක් සාර්ථක කර ගත්තේ නවසීලන්ත කණ්ඩායමට ජයග්‍රහණය රැගෙන එමිනි (29-35).

අවසන් ලකුණු තත්වය: නවසීලන්තය 35 – 29 ඕස්ට්‍රේලියාව


සල්ටා හිදීත් දකුණු අප්‍රිකාව ජය තහවුරු කර ගනියි

රග්බි ශූරතාවලියේ දෙවන සතියේ තවත් තරගයක් ඊයේ (26) සල්ටා හිදී පැවැත්විය. ඒ ආර්ජෙන්ටිනාව සහ දකුණු අප්‍රිකාව අතරයි. තරගයේ මුල සිටම දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ දකුණු අප්‍රිකාව තරගය ජය ගත්තේ 23-41ක් ලෙසයි.

තරගය ආරම්භ වී 3 වන මිනිත්තුවේ දී ම දඬුවම් පහරක් සාර්ථක කර ගත් බොෆෙලි ආර්ජෙන්ටිනාවේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේය (03-00).

Rugby Championship 2017

එතැන් සිට 19 වන මිනිත්තුව වන තෙක් ඔවුන් තරමක දැඩි බවක් පෙන්නුව ද දකුණු අප්‍රිකානු ක්‍රීඩක සියා කොලිසි ලබාගත් උත්සාහක දිනුමත් සමඟින් ලකුණු තත්වය ලකුණු 3-7ක් දක්වා වෙනස් විය.

පළමු අර්ධයේ අවසානය වන විට පිළිවෙළින් ආර්ජෙන්ටිනාව වෙනුවෙන් රුමිරෝ මොයානෝ ද, එල්ටන් ජැන්ජීස් දකුණු අප්‍රිකාව වෙනුවෙන් ද උත්සාහක දිනුම් ලබා ගැනීමට සමත් විය. 

පළමු අර්ධය: ආර්ජෙන්ටිනාව 10 – 17 දකුණු අප්‍රිකාව

ඉන්පසු ඇරඹි දෙවන අර්ධය ද තරමක පීඩනයක් රඳවා ගත් දකුණු අප්‍රිකානුවෝ 48 වන මිනිත්තුව සියා කොලිසිගේ උත්සාහයෙන් අලංකාර වූ අතර පිටිය සිසාරා තම අණසක පතුරවමින් පහසු ජයග්‍රහණයකට මං කැපීය. තරගය පුරා කහ කාඩ්පත් දෙකක් නිකුත්වීම විශේෂත්වයක් විය. ඒ තෝමස් ලාවානිට සහ ජුවාන් මැනුඑල් යන ආර්ජෙන්ටියානුවන්ට වීමත් කැපී පෙනුණි.

අවසන් ලකුණු තත්වය: ආර්ජෙන්ටිනාව 23 – 41 දකුණු අප්‍රිකාව

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට