කොරෝනා තුරන් කරන්න ක්‍රීඩා මාධ්‍යවේදීන් සහයට එයි

74

කොරෝනා වයිරසය තුරන් කිරීමට කැප වී කටයුතු කරන පිරිස් වෙනුවෙන් ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමය අත්‍යාවශ්‍ය සනීපාරක්ෂක උපකරණ සහ තවත් ආධාර ලබා දීමේ කටයුත්තක් ඊයේ (24) ක්‍රීඩා අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදු කෙරුණි. 

පුහුණුකරුවන් රැක ගන්න ක්‍රීඩා අමාත්‍යාංශයෙන් සැලැස්මක්!

මේ දිනවල පැතිර යන කොරෝනා වයිරසය නිසාවෙන් මෙරට ක්‍රීඩා තරග බොහෝමයක් නවතා දැමීමට සිදුව…

මෙහි දී ආරක්ෂිත මුඛ ආවරණ, සබන් සහ අත් සේදුම් කාරක ද්‍රව්‍ය මෙන්ම තවත් සනීපාරක්ෂක උපකරණ තොගයක් ක්‍රීඩා අමාත්‍යාංශ නේවාසිකාගාරයේ නවාතැන් ගෙන සිටින පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් හට පිරිනැමීම සිදු කෙරුණේ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙනි.

ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමයේ ආරාධනයෙන් මෙම ආධාර බෙදා දීමේ කටයුත්ත සඳහා  මූල්‍ය අනුග්‍රහය දැක්වූ ව්‍යාපාරික, දේශමාන්‍ය, ආචාර්ය එච්. ටී. ආර්. ප්‍රියන්ත මහතා ද මෙම අවස්ථාවට එක් වී සිටියේය. ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති කරුපයියා රාමක්‍රිෂ්ණන් සහ ලේකම් චතුක දිවාෂණ ඇතුළු සාමාජිකයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

මීට අමතරව තවත් සේදුම් කාරක ද්‍රව්‍ය, සබන් සහ ආරක්ෂිත ඇඳුම් කට්ටල බෙදා දීමට විශේෂ වැඩසටහනක් ද සූදානම් කර ඇති අතර එහි මුල් අදියර ලෙස, මේ දිනවල අවදානම නොතකා රාජකාරියේ නිරත වන කොළඹ ප්‍රදේශයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට ආරක්ෂිත ඇඳුම් කට්ටලයක් ලබා දීමට ද සැලසුම් කර ඇත.

ක්‍රීඩකයින්ගේ ජාතික සිහින සියල්ල බොඳ වෙයි

මේ දිනවල පැතිර යන කොරෝනා වසංගතය නිසා මෙරට උද්ගත වී තත්වය සලකා බලා ඉදිරියේ දී…

ක්‍රීඩා මාධ්‍යකරණයෙන් ඔබ්බට ගොස් සමාජ වගකීම හඳුනා ගෙන මෙවැනි ව්‍යසනකාරී අවස්ථාවල දී මැදිහත්ව කටයුතු කිරීම ඉහළින් අගය කළ යුතු බව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස්.  රුවන්චන්ද්‍ර මහතා මෙහි දී අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

කොරෝනා වසංගතය පැතිර යාම ආරම්භ වූ දිනයේ සිට ඊට එරෙහිව බොහෝ දෙනා සමඟ එක්ව පරිත්‍යාග සිදු කරමින් සමාජ වගකීම ඉෂ්ට කළ දේශමාන්‍ය එච්. ටී. ආර්. ප්‍රියන්ත මහතා ද මෙහි දී අදහස් පල කළා.

ඔහු ප්‍රකාශ කළේ ව්‍යාපාරිකයෙක් ලෙස මේ ව්‍යසනකාරී අවස්ථාවේ දී කළ හැකි ඉහළම උදව් උපකාර රට වෙනුවෙන් සිදු කිරීමට තමාට හැකි වීම පිළිබඳව සතුටට පත් වන බවයි . එමෙන්ම මෙලෙස ආධාර උපකාර බෙදා දීම සඳහා ශ්‍රී ලංකා වෘත්තීය  ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමයේන් ලැබුණු ආරාධනය අගය කොට සලකන බවත් ප්‍රියන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න මුල් පිටුවට <<