මුදිත ලක්ෂාන් දෙවැනි ශතකය වාර්තා කරයි

102

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අද (23) දින නිමාවූ තරග අතුරින් කැපි පෙනෙන ක්‍රීඩකයා බවට පත්වීමට කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ නායක මුදිත ලක්ෂාන් සමත් වූයේය.  

බාස්කරන් සහ සිනෙත්ගෙන් වැඩි දක්ෂතා

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ……

ඔහු කොළඹ රාජකීය විද්‍යාලයට එරෙහිව පැවති තරගයේ දී පන්දු 82 කට මුහුණ දෙමින් හතරේ පහර 13 ක් සහ හයේ පහර 6 ක් සමඟින් ලකුණු 124 ක් රැස්කර ගැනීමට සමත් විය. මේ ඔහු මෙම තරග වසරේ වාර්තා කළ දෙවැනි ශතකය යි. මීට පෙර ඔහු මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලයට එරෙහිව ශතකයක් වාර්තා කළේය. 

කොළඹ රාජකීය විද්‍යාලය සහ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය අතර තරගය (Group A) 

පනාගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (23) දින නිමාවූ මෙම තරගයෙන් පළමු ඉනිමේ ප්‍රසාද ලකුණු හිමිකර ගැනීමට රාජකීය විද්‍යාලය සමත් විය. 

කාසියේ වාසිය දිනා ගත් ඩී. එස්. සේනානායක ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් ලකුණු 213 ක් රැස්කර ගත්හ. ඊට පිළිතුරු ලෙසින් රාජකීය විද්‍යාලය ලකුණු 323 ක් රැස්කර ගැනීමට සමත් වූහ. එම ඉනිමට අර්ධ ශතක දෙකක් ඇතුළත් විය. ඒ ප්‍රශාන් කල්හාර සහ හරිඳු පළිහවඩන විසිනි.  

එම ඉනිමට එරෙහිව වැඩිම කඩුලු දවා ගත් පන්දු යවන්නා වූ‍යේ සනිරු දිසානායක ය. ඔහු ලකුණු 49 කට කඩුලු 6 ක් දවා ගැනීමට සමත් විය.  

ලකුණු 110 ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිම ආරම්භ කළ ඩී. එස්. සේනානායක ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට කඩුලු 7 ක් දැවී ලකුණු 270 ක් රැස්කර ගෙන සිටියහ. එම ඉනිමේ මුදිත ලක්ෂාන්ගේ ශතකයට අමතරව පළමු ඉනිමේ දී ලකුණු 97 ක් රැස්කර ගත් ටිරෝන් බාස්කරන් දෙවැනි ඉනිමේ දී ලකුණු 73 ක් රැස්කර ගත්තේය. 

ඩී. එස්. සේනානායක විද්‍යාලය : පළමු ඉනිම සියලු දෙනා දැවී 213 (53.3) ටිරෝන් බාස්කරන් 97, ගවිරු සෙහත් 31, ගිශාන් බාලසූරිය 5/43, ප්‍රශාන් කල්හාර 2/49, තෙවිරු සේනාරත්න 2/32. 

රාජකීය විද්‍යාලය : පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 39 කදී කඩුලු 5 ක් දැවී 130) සියලු දෙනා දැවී 323 (84.3) තිතිර වීරසිංහ 45, දසිස් මංචනායක 29, ප්‍රශාන් කල්හාර 88, හරිඳු පළිහවඩන 77, කෞෂාන් කුලසූරිය 37, සනිරු දිසානායක 6/49, ශෂික චන්දීර 2/56. 

ඩී. එස්. සේනානායක විද්‍යාලය : දෙවැනි ඉනිම කඩුලු 7 ක් දැවී 270 (45.3) මුදිත ලක්ෂාන් 124, ටිරෝන් බාස්කරන් 73, අමිත දාබරේ 29, තෙවිඳු සේනාරත්න 2/18, ගිශාන් බාලසූරිය 2/50. 


මීගමුව මාරිස් ස්ටෙලා සහ කඳාන ද මැසනෝද් අතර තරගය (Group A) 

මීගමුව – කඳිරාන ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයෙන් පළමු ඉනිමේ ප්‍රසාද ලකුණු හිමිකර ගැනීමට ද මැසනෝද් ක්‍රීඩකයෝ සමත් වූහ. 

කාසියේ වාසිය දිනා ගත් මාරිස් ස්ටෙලා විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දෙමින් තම පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 112 ක් පමණි. ඊට පිළිතුරු ලෙසින් ද මැසනෝද් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 174 ක් රැස්කර ගත්හ. ලකුණු 62 ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිම ආරම්භ කළ මාරිස් ස්ටෙලා ක්‍රීඩකයෝ තරගයේ පළමු දිනය අවසන් වන විට කඩුලු 2 ක් දැවී ලකුණු 49 ක් රැස්කර ගෙන සිටි අතර අද ඔවුන් තම දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 8 ක් දැවී ලකුණු 211 ක් රැස්කර ගත්හ. 

එම ඉනිම වෙනුවෙන් පසිඳු පෙරේරා සහ තරිඳු මධුවන්ත අර්ධ ශතක ලබා ගැනීම කැපී පෙනුනි. පන්දු යැවීමේ දී ප්‍රමෝද් රාජමුණීන්ද්‍ර කඩුලු 5 ක් දවා ගැනීමට සමත් විය. 

ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 150 ක හඹා යන ඉනිමකට පිවිසි ද මැසනෝද් ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට කඩුලු 4 ක් දැවී ලකුණු 86 ක් රැස්කර ගෙන සිටියහ. එම ඉනිම වෙනුවෙන් නිම්න ප්‍රනාන්දු නොදැවී ලකුණු 60 ක් රැස්කර ගැනීමට සමත් විය.  

මාරිස් ස්ටෙලා විද්‍යාලය : පළමු ඉනිම සියලු දෙනා දැවී 112 (26) නවීන් ප්‍රනාන්දු 27, පසිඳු පෙරේරා 20, ප්‍රමෝද් රාජමුනින්ද්‍ර 5/27, අසිත සිල්වා 3/19, සිහින සිතුමිණ 2/35. 

ද මැසනෝද් විද්‍යාලය : පළමු ඉනිම සියලු දෙනා දැවී 174 (51) නිම්න ප්‍රනාන්දු 54, ලෙස්ටර් ජයවීර 23, මිතුල් සෙනාරත්න 21, තිළිණ පෙරේරා 5/56, අශේන් ප්‍රනාන්දු 3/53, සවීන් ප්‍රනාන්දු 2/26. 

මාරිස් ස්ටෙලා විද්‍යාලය : දෙවැනි ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දු වාර 14 කදී කඩුලු 2 ක් දැවී 49) කඩුලු 8 ක් දැවී 211 (68) පසිඳු පෙරේරා 60, කවීන් ප්‍රනාන්දු 47, තරිඳු මධුවන්ත 52, ප්‍රමෝද් රාජමුණීන්ද්‍ර 5/65, සිහින සිතුමිණ 2/34. 

ද මැසනෝද් විද්‍යාලය : දෙවැනි ඉනිම කඩුලු 4 ක් දැවී 86 (33) නිම්න ප්‍රනාන්දු නොදැවී 60, තිළිණ පෙරේරා 3/40. 

මහේල – සංගා කුසලානය නැවතත් මහනුවරට

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (21) දින…..

කොළඹ ඉසිපතන විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර සුහද තරගය

හැව්ලොක් ටවුන් බී. ආර්. සී. පිටියේ දී අද (23) දින ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සත්කාරක ඉසිපතන ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලු දෙනා දැවී ලකුණු 218 ක් රැස්කර ගත්හ. එම ඉනිම වෙනුවෙන් ලෙශාන් අමරසිංහ අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වීම කැපී පෙනුනි. 

දිනය අවසන් වන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන මහානාම ක්‍රීඩකයෝ කිසිවෙකු නොදැවී ලකුණු 43 ක් රැස්කර ගෙන සිටියහ. 

ඉසිපතන විද්‍යාලය : පළමු ඉනිම සියලු දෙනා දැවී 218 (80.4) ලෙශාන් අමරසිංහ 53, මංදීප ගුණසේකර 36, දිනත් දිසානායක 35, සවිඳු උත්සර 27, ලිසුර විනත් 21, අචින්ත සුපුන් 4/71, ඔශේන් ගමගේ 2/44, සදිශාන් චමෝද්‍ය 2/22. 

මහානාම විද්‍යාලය : පළමු ඉනිම කිසිවෙකු නොදැවී 43 (17) පුලශාන් රෝහන නොදැවී 27. 

තරගය දෙවැනි දිනයට හෙට (24) දින ක්‍රියාත්මක වීමට නියමිතය. 

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සහ මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය අතර තරගය (Group C) 

කුරුණෑගල වෙළගෙදර ක්‍රිකට් පිටියේ දී අද දින ආරම්භ වූ මෙම තරගය පළමු දිනයට නතර කරන විට සාන්ත සිල්වෙස්තර ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 9 ක් දැවී ලකුණු 189 ක් රැස්කර ගෙන සිටියහ. 

මෙම තරගයේ දී සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වීමට කවීෂ දුලාංජන සහ රොමේෂ් සුරංග සමත් වීම කැපී පෙනුනි. ඔවුන් දෙදෙනා කඩුලු 4 බැගින් දවා ගත්හ. 

සාන්ත සිල්වෙස්තර විද්‍යාලය ; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 181 (91) මලික් ලක්ෂාන් 26, චන්දුල ජයකොඩි 25, කවීෂ් දුලාංජන 4/60, රොමේෂ් සුරංග 4/57. 

තරගය දෙවැනි දිනයට හෙට (24) දින ක්‍රියාත්මක වීමට නියමිතය. 


මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර සුහද තරගය 

කොළඹ, බෞද්ධාලෝක මාවත තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රිකට් පිටියේ දී අද දින ආරම්භ වූ මෙම තරගයේ දී සත්කාරක කණ්ඩායමේ ජයවිහාන් මහවිතාන ලකුණු 85 ක් රැස්කර ගැනීමට සමත් වීම කැපී පෙනුනි. 

කාසියේ වාසිය දිනා ගත් තර්ස්ටන් ක්‍රීඩකයන්ගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සංචාරක සාන්ත තෝමසුවෝ තම පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස්කළේ ලකුණු 107 ක් පමණි. එම ඉනිම අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කිරීමේ දී යොහාන් ලියනගේ ලකුණු 17 කට කඩුලු 5 ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූයේය. 

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි තර්ස්ටන් ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 6 ක් දැවී ලකුණු 172 ක් රැස්කර ගෙන සිටියහ. එම ඉනිමේ දී ජයවිහාන් මහවිතාන ලකුණු 85 ක් රැස්කර ගන්නා විට රනේෂ් සිල්වා නොදැවී ලකුණු 45 ක් රැස්කර ගෙන සිටියේය. 

19න් පහල ලෝක කුසලානයේ දී මොකද වුනේ?

වයස අවුරුදු 19න් පහල ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වූයේ…..

සාන්ත තෝමස් විද්‍යාලය : සියලු දෙනා දැවී 107 (47.3) සචින්ත රණසිංහ 30, වෝෂිත අමරසිංහ 35, යොහාන් ලියනගේ 5/17, ප්‍රසන්න පුෂ්පකුමාර 3/22, පුන්තිල සමන්ත 2/24. 

තර්ස්ටන් විද්‍යාලය : කඩුලු 6 ක් දැවී 172 (43.4) ජයවිහාන් මහවිතාන 85, රනේෂ් සිල්වා නොදැවී 45, තිනෙත් සිතාර 3/50. 

තරගය දෙවැනි දිනයට හෙට (24) දින ක්‍රියාත්මක වීමට නියමිතය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<