රාජකීය-සාන්ත තෝමස් පිහිනුම් තරගාවලියේ ජය රාජකීයයන්ට

311

දශක ගණනක් පුරා ක්‍රීඩාවන් රාශියක සුහද ප්‍රතිමල්ලවයින් වන කොළඹ රාජකීය විද්‍යාලය හා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය කොළඹ සුගතදාස පිහිනුම් තටාකාංගනයේ දී පළමු වතාවට ආරම්භ වන රාජකීය-ස‍ාන්ත තෝමස් වාර්ෂික පිහිනුම් ශූරතාවලිය සඳහා දෙපිලේම ක්‍රීඩකයින් තරග වැදුනා.

ජෝසප්වරුන්ගේ තියුණු ආක්‍රමණය රාජකීයයෝ සාර්ථකව මැඩලයි

2017 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ශූරයින් වූ කොළඹ රාජකීය විද්‍යාලය හා 2017 ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ……

මංගල තරගාවලිය ලෙස සංවිධානය වූ මේ තරගාවලියට කොළඹ රාජකීය විද්‍යාලයීය උතුරු ඇමරිකා ආදී ශිෂ්‍ය සංගමය අනුග්‍රහය දැක්වූ අතර වයස අවුරුදු 9න් පහළ සිට වයස අවුරුදු 19න් පහළ වයස් කාණ්ඩය දක්වා නිදහස් ආර හා මෙඩ්ලි සහය පිහිනුම් ඉසව් පැවැත්විය.

සාවින්ද දිසානායකගේ නායකත්වය යටතේ රාජකීයයෝ පිහිනුම් තටාකයට පිවිසුණු අතර සුගතදාස තටාකාංගනය පුරා රාජකීය ආධිපත්‍ය පැතිර වූ රාජකීයයෝ කමාන්ඩර් ඒ. සී. දසනායක කුසලානය හා Creon Corea කුසලානය යන කුසලාන දෙකම දිනාගත්තේ ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ ශූරතා දෙකම තමන් සතු කරගනිමින්.

පැවැත්වුණු ඉසව් 8කින් ඉසව් 7කම පළමු ස්ථානය සියතට ගන්නට රාජකීයයෝ සමත් වූ අතර සාන්ත තෝමස් ක්‍රීඩකයින්ට පළමු ස්ථානය දිනා ගැනීමට හැකි වුණේ වයස අවුරුදු 19න් පහළ මීටර 4X100 මෙඩ්ලි සහය පිහිනීමේ ඉසව්ව පමණයි .රාජකීයයෝ වයස අවුරුදු 9න් පහළ මීටර 4×50 මෙඩ්ලි ඉසව්ව, වයස අවුරුදු 9න් පහළ මීටර 4X50 නිදහස් ආර ඉසව්ව, වයස අවුරුදු 11න් පහළ මීටර 4X50 මෙඩ්ලි ඉසව්ව, වයස අවුරුදු 13න් පහළ මීටර 4X50 මෙඩ්ලි ඉසව්ව, වයස අවුරුදු 15න් පහළ 4X100 නිදහස් ආර ඉසව්ව හා වයස අවුරුදු 17න් පහළ 4X100 නිදහස් ආර ඉසව්ව තමන් සතුකර ගැනීමට සමත් විය.  

රාජකීය විද්‍යාලය කනිෂ්ඨ අංශයේ දැවැන්ත ප්‍රසාද ලකුණු 204ක ලකුණු පුවරුවක් සටහන් කළ අතර සාන්ත තෝමස් විද්‍යාලයට හැකි වූයේ ලකුණු 138ක් ලබා ගැනීමට පමණි. ඒ අනුව කනිෂ්ඨ අංශයේ කමාන්ඩර් ඒ. සී. දසනායක කුසලානය ඔවුන්ට හිමි විය. ජ්‍යෙෂ්ඨ අංශයේ සාන්ත තෝමස් ලකුණු 159ට පිළිතුරු ලකුණු 183ක් රැස් කරමින් Creon Corea කුසලානය දිනා ගැනීමට රාජකීය ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ සමත් වූහ.

සාන්ත තෝමස් ආදී ශිෂ්‍යයෝ (මිනිත්තු1:51.73) ආදී ශිෂ්‍ය නිදහස් ආර තරග ඉසව්ව ජය ගැනීමට සමත් වූයේ රාජකීය A කණ්ඩායම (මිනිත්තු 1:54.92) පරාජය කරමිනි.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<