මං තමයි මිනිහා කියලා හිතුවා, නමුත් මං මායාවකට අහුවුනා – විල්කින්සන්

264

2003 රග්බි ලෝක කුසලානය අප කාගේත් සිත් සතන් තුල තවමත් නොමැකී මතකයේ රැඳී තිබෙන්නේ එදා එම අතිශය උද්වේගකර අවසන් මහා තරගයේ දී එංගලන්ත කණ්ඩායමට ජයපැන් බොමින් ලෝක කිරුළේ පහස ලැබීමට ඒ මහඟු අවස්ථාව නිර්මාණය කර දුන් එංගලන්ත කණ්ඩායමේ සුපිරි තරුව ජොනී විල්කින්සන්ගේ වික්‍රමයන් නිසාවෙනි.

ප්‍රබල නවසීලන්ත ක්‍රීඩකයෙකුට ලෝක කුසලාන වරම් අහිමිවේ

ලෝක ප්‍රකට නවසීලන්ත රග්බි කණ්ඩායමේ FULLBACK ක්‍රීඩක ඩේමියන් ……..

තරගය අවසන් වීමට සුළු මොහොතක් ඉතිරිව තිබිය දී ඕස්ට්‍රේලියානුවන්ගේ ග්‍රහණය සතු වූ තරගය ඔවුන්ගේ මුදාවා ගනිමින් තම කණ්ඩායමේ පාලනයට නතුකර දීමට විල්කින්සන් සමත් වූයේ එම දිනයේ දී වාර්තා කළ දෙවන ඩ්‍රොප් ගෝලය මෙන්ම තරගයේ තීරණාත්මකම ලකුණු ත්‍රිත්වය එංගලන්තය වෙනුවෙන් දිනා දීමත් සමඟිනි.

එම තරගයෙන් පසු ඔහු මහා බ්‍රිතාන්‍යයේ පමණක් නොව ලොව පුරා විසිරී සිටින සියලුම රග්බිලෝලීන්ගේ ආකර්ෂණය විශාල වශයෙන් දිනා ගැනීමට සමත් වූ අතර රග්බි ලෝකයේ සුපිරි වීරයන්ගේ නාමයන් අතර ඔහුගේ නම ද ඉහළින්ම කියැවීමට පටන් ගැනිනි.

කෙසේ නමුත් වසර ගණනාවක් තම සේවය එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් නොපිරිහෙලා ඉටු කළ ඔහු තම අභිමානවත් රග්බි ගමන් මඟට ආයුබෝවන් කියමින් රග්බි පිටියට සමු දුන්නේ ජීවිතයේ තවත් එක් පැතිකඩක් පිළිබඳ යමක් සිතන්නට මොහොතක් ඉඩහරිමිනි.

ඔහු අවබෝධ කර ගත් වැදගත්ම කාරණය නම් ඉතා කැපවීමෙන් වෙහෙස මහන්සියෙන් උපයා ගත් ප්‍රසිද්ධිය සහ වරප්‍රසාද තුල සැබෑවටම කිසිවක් ගැබ් වී නොමැති බවයි. එනම් ඒ සියල්ල දිනය අවසනායේ දී අරුත්‍ රහිත බවය. සැමගේ ආකර්ෂණය දිනා ගනිමින් ඔහු ක්‍රීඩා කළ ඒ සමය හා සසඳා බැලීමේ දී වර්තමානයේ ඔහු ඉතාමත් සතුටින් කාලය ගෙවා දමන බව ඔහු සඳහන් කර සිටියේය.

1991 ලෝක කුසලාන රග්බි තරගාවලිය

1987 වසරේදී පැවති පළමු ලෝක කුසලාන රග්බි තරගාවලිය සාර්ථකව ……

“මම හිතන් හිටියේ වයස අවුරුදු 24 වෙනකොට ඒ වයසේ දී මිනිහෙක් අත්පත්කරගන්න ඕන හැමදෙයක්ම අතකරගෙන ඉන්නේ කියලා. මම ඒ කාලේ හිතන් හිටියේ මම තමයි මිනිහා කියලා. මට දැන් තේරෙනවා මම මායාවකට රැවටිලා හිටියේ වග.”

“මං වටේ තිබුණ හැමදෙයක්ම වගේම මගේ පිටුපස හිටපු සෑම කෙනෙක්වම පාලනය කරන්නයි ඒ කාලේ දී මට ඕන වුනේ. ඒ අයගෙන් ඇහුවොත් මම ඒ කාලේ වැඩ කරපු විදිය ගැන ඔයාලට දැනගන්න ලැබෙයි විල්කින්සන් කියන්නෙ මොනතරම් හිතුවක්කාර, නරක චරිතයක් ද කියලා. නමුත් දැන් මම ඉතාමත් සතුටින් මගේ නෑදෑ හිතමිතුරන් එක්ක කාලය ගත කරනවා.”

ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව තම ජිවිතයෙහි සිදු වූ පෙරළිකාර වෙනස පිළිබඳ ඉතාමත් පැහැදීමෙන් යුතුව කතාබහ කරන ඔහු එතෙක් කලක් නිරන්තරයෙන් තමා වෙත ලැබුණු අවධානයෙහි තරමක හෝ අඩුවක් තිබීම ගැන සතුටින් පසුවෙයි.

සුපිරි රග්බි තරු එකට ගැටෙන මොකද්ද මේ ‘සුපර් රග්බි’?

ලොව පුරා රග්බි ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රියතම මෙන්ම ලොව විශාලතම ……..

“ලෝක කුසලානයක් තමන්ගේ මව් රට වෙනුවෙන් දිනා දීමට හැකි වෙනවා කියන්නේ ක්‍රීඩකයෙක්ට ඊට වඩා ලබන්න පුළුවන් තවත් ආත්ම තෘප්තියක් නැහැයි කියලයි මම හිතන්නේ. ඒ සොඳුරු කාලසීමාව උපරිමයෙන් අත්විඳින්න මට පුළුවන් වුනත් පසුගිය කාලසීමාවෙ දී ලොකු හිස්බවක් මට දැනුණා.”

“තුලෝන් වලදි දෙවන ලෝක ශූරතාවලියත් දිනා ගත්තට පස්සේ මේ සිතුවිල්ල තදබල විදියටම මගේ ඔලුවේ ක්‍රියාත්මක වුනා. මට ඕන වුනේ මම හැමතිස්සෙම කණ්ඩායමට නැතිවම බැරි අත්‍යාවශ්‍ය ක්‍රීඩකයෙක් බවට පත්වෙන්නයි. ඒ වගේ සිතුවිල්ලක් මගේ මනසේ වැඩ කළේ නැත්තන් ඒ කාලයේ දී මෙහෙම මට දැනෙන්න ඉඩ නොතිබෙන්න තිබ්බා.”

මයික් කැට්ගේ සුරතට ලැබුණු පන්දුව ඔහු විසින් සීමා රේඛාවෙන් ඉවතට යොමු කිරීමත් සමඟම ක්ලයිව් වුඩ්වර්ඩ් විසින් මෙහෙයවූ ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයට පත් කරමින් ලෝක කුසලානය දිනා ගත් එම මොහොත විල්කින්සන් විසින් උපමා කරන්නේ ඕනෑ තරම් වියපැහැදම් කිරීමට ශක්‍යතාවක් සහිත පුද්ගලයෙකු වෙළඳසැලකට ගොස් භාණ්ඩයක් මිල දී ගැනීමටය.

රග්බි ක්‍රීඩාවේ උත්කර්ෂවත් ලෝක කුසලානය ඇරඹුණේ මෙහෙමයි

1987 වසරේ දී මුල්මවරට ආරම්භ වූ රග්බි ලෝක කුසලාන තරගාවලිය ……..

“ඒක හරි අපූර්ව හැඟීමක් වගේම අත්දැකීමක්. ජයග්‍රහණය පෙනෙන මානය තිබුනත් එතනට යාමට නම් තවත් දුරක් යා යුතුව තිබෙන බව හැඟෙන එක වෙනස්ම මානසික පසුබිමක් තනාදෙන්නේ.”

“ඒක හරියට නිකන් මේ වගේ, ඔබ වෙළඳසැලකට යනවා යම්කිසි අවශ්‍ය කරන දෙයක් ගන්න. යන්නේ සල්ලි පිරුණු මුදල් පසුම්බියක් අතේ තියාගෙන. හිතන්න අවශ්‍ය කරපු දේ මුදල් දීලා මිල දී ගන්නවා කියලා. නමුත් ඊට පස්සෙ හිතෙනවා ඒක ගන්න කලින් තිබ්බ ආසාව කැමැත්ත ඊට වඩා අඩුවෙලා නේද කියලා, මොකද මම දන්නවා ඒක මගේ වෙලා ඉවරයි කියලා. මට තියෙන්නෙත් ඊට සමාන හැඟීමක්.”

විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඔහු දැන් ලොව වටා පැවැත්වෙන ප්‍රධාන පෙළේ රග්බි තරගාවලීන් ආවරණය කරමින් විස්තර විචාරක භූමිකාවට පණ පොවමින් රග්බි ක්ෂේත්‍රය සමඟ තවමත් එක්වී සිටියි.

AFP අසුරෙනි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<