ප්‍රබල නවසීලන්ත ක්‍රීඩකයෙකුට ලෝක කුසලාන වරම් අහිමිවේ

330

ලෝක ප්‍රකට නවසීලන්ත රග්බි කණ්ඩායමේ FULLBACK  ක්‍රීඩක ඩේමියන් මැකෙන්සී හට මෙම වසරේ (2019) පැවැත්වීමට නියමිත ලෝක කුසලාන රග්බි තරගාවලියෙන් ඉවත්වීමට සිදුවී ඇත. ඒ ඔහුගේ දණහිසේ ඇතිවී තිබෙන ACL ආබාධයක් හේතුවෙනි.

සුපිරි රග්බි තරු එකට ගැටෙන මොකද්ද මේ ‘සුපර් රග්බි’?

ලොව පුරා රග්බි ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රියතම මෙන්ම ලොව විශාලතම ලීග් රග්බි ක්‍රීඩා සමාජ තරගාවලිය…

ඩේමියන් මැකෙන්සී මෙවර ලෝක කුසලානය සඳහා වන ක්‍රීඩකයින් 41 දෙනෙකුගෙන් සමන්විත නවසීලන්ත රග්බි සංචිතයට ද තේරී පත්වී තිබිණි. නමුත් ඔහුගේ ACL ආබාධය සුව වීමට මාස 9ක  කාලයක් අවශ්‍ය බවත්, තවත් මාස පහකින් පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියට මැකෙන්සී හට සහභාගී වීමට නම් ආශ්චර්යයක් සිදුවිය යුතු බව නවසීලන්ත රග්බි කණ්ඩායමේ පුහුණුකරු ස්ටීව් හැන්සන් මහතා ප්‍රකාශ කර ඇත.

පසුගිය සෙනසුරාදා දින හැමිල්ටන් හිදී පැවති බ්ලුස් කණ්ඩායමට එරෙහි තරගයේ දෙවන භාගයේ දී මෙම ACL ආබාධයට මුහුණදීමට ඩේමියන්ට සිදුවිය. නවසීලන්ත කණ්ඩායමේ ප්‍රබල තුරුම්පුවක් වූ ඩේමියන් මැකෙන්සී වෙනුවෙන් තවත් ක්‍රීඩකයෙක් යෙදීම අපහසුවනු නොඅනුමානය.

ශ්‍රී ලංකා රග්බි දැවැන්තයාට දිරියක් වෙන්නට පැමිණි ක්‍රිකට් දැවැන්තයින්

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ දැවැන්තයෙකු වන චන්ද්‍රිශාන් පෙරේරා මහතාට උපකාරයක් වශයෙන් පැවැත්වුණු…

ඩේමියන් මැකෙන්සී ගේ සහෝදරයා වන මාර්ටි මැකෙන්සී, ඩේමියන් ලෙසම FULLBACK ස්ථානයේ ක්‍රීඩාකළ හැකි ක්‍රීඩකයෙක් වන අතර චීෆ්ස් කණ්ඩායමේ ඩේමියන් ලෙසම දක්ෂතා පෙන්වා ඇත.

කෙසේ නමුත් මෙවර ලෝක කුසලාන රග්බි තරගාවලිය සඳහා වන නවසීලන්ත රග්බි කණ්ඩායමට ඩේමියන් මැකෙන්සී වෙනුවෙන් කිසිඳු ක්‍රීඩකයෙක් තවමත් කැඳවා නොමැත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<