රොනාල්ඩෝ හා මෙසී සමඟ පාපන්දු තරු රැසක් කොරෝනා සටනට

167

සුපිරි පාපන්දු ක්‍රීඩකයින් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හා ලියොනල් මෙසී කොරෝනා වෛරසයට එරෙහිව සටන් කරන සෞඛ්‍ය අංශ වෙත උපකරණ හා මුදල් වලින් ආධාර කර තිබෙනවා. 

වැටුප් කප්පාදුවෙන් පාඩුව වසාගන්නට සැරසෙන ජර්මානුවන්

ලොව ප්‍රමුඛතම පාපන්දු ලීග අතරින් එකක් ලෙස සැලකෙන ජර්මනියේ Bundesliga තරගාවලිය…

රොනාල්ඩෝ පෘතුගාලයේ ලිස්බන් හා පෝර්ටෝ හි රෝහල් වල දැඩි සත්කාර ඒකක වෙත විශේෂ ඇඳවල් හා ශ්වසන ආධාරක ප්‍රධානය කර ඇති අතර ලියොනල් මෙසී බාසිලෝනා හි සෞඛ්‍ය පදනමක් වෙත ඩොලර් මිලියන 1.08ක ප්‍රදානයක් කර ඇත්තේ කොරෝනා වෛරසයට එරෙහිව රෝගීන්ට ප්‍රතිකාර කිරීම හා ඒ සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ සඳහා යි. මීට අමතරව මැන්චෙස්ටර් සිටි පුහුණුකරු වන Pep Guardiola ද බාසිලෝනා රෝහල් වලට වෛද්‍ය උපකරණ හා අවශ්‍ය බඩු බාහිරාදිය ලබා ගැනීම සඳහා යුරෝ  මිලියනයක් ප්‍රදානය කර තිබෙනවා. පෘතුගාල පාපන්දුවේ කැපී පෙනෙන චරිතයක් වන Jorge Mendes ද පෘතුගාලයේ රෝහල් වෙත යුරෝ මිලියනයක මුදලක් පරිත්‍යාග කර ඇත්තේ රෝහල් උපකරණ මිලදී ගැනීම සඳහා යි.

“ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හා Jorge Mendes විසින් අපිව සම්බන්ධ කරගත්තා. COVID-19 වෛරසයෙන් ඉතා අසාධ්‍ය වූ රෝගීන් සිටින දැඩි සත්කාර ඒකක දෙකකට අවශ්‍ය උපකරණ අරන් දෙන්න කැමතියි කියා ඔවුන් පැවසුවා.” යයි සාන්ත මරියා රෝහලේ ඩැනියෙල් ෆෙරෝ පවසා සිටියා. 

“විදුලි පංකා, මොනිටර් උපකරණ, ඇඳවල් හා තවත් ගොඩක් දේවල් තියෙනවා. COVID-19 රෝගීන්ට උපකාර කරන්න, දැඩි සත්කාර ඒකකයට මේ දේවල් ඉතා අවශ්‍යයි.” 

“මේ ආධාර වලින් තවත් දැඩි සත්කාර ඇඳන් 15ක් අපි නිර්මාණය කරනවා. විදුලි පංකා, මොනිටර් උපකරණ හා අනෙකුත් අත්‍යවශ්‍ය දේවලුත් සමඟ.” Porto රෝහල් ප්‍රධානියෙකු වන Paulo Barbosa පවසා සිටියා. 

“Centro Hospitalar Universitario do Porto රොනාල්ඩෝට හා Mendesට ගොඩක් ස්තූති කරනවා. මේ උපකාර අවශ්‍යම මොහොතේ උදව් කිරීම පිළිබඳව.”  

මෙසී විසින් ආධාර ලබා දුන් බාසිලෝනා හි රෝහල් අරමුදල නිල ප්‍රකාශයක් නිකුත් කර තිබුනා. 

“COVID-19 ව්‍යාප්තිය වසංගත තත්වයක්. ලොව පුරා සෞඛ්‍ය අංශ සියල්ලම මෙය මැඩ පවත්වන්න දැඩි ලෙස මහන්සි වෙනවා. මේ ලැබුනු ආධාර මුදල් නව කොරෝනා වෛරසය මර්දනය කිරීමට අදාල හැම වැඩ පිළිවෙලකටම යොමු කරනවා. පරීක්ෂණ සඳහා මෙන්ම රෝගීන්ට ප්‍රතිකාර කිරීමට මේ ආධාර යොමු කරනවා.” 

“සෞඛ්‍ය අංශ වෙනුවෙන් මම ඔබට ස්තූතිවන්ත වෙනවා.” 

ස්පාඥ්ඥය මෙන්ම මුළු යුරෝපයම කොරෝනා වෛරසය නිසා දැඩි අර්බුදයකට ඇද වැටී තිබෙනවා. රොනාල්ඩෝ හා මෙසී මෙන්ම පාපන්දු තරු රැසක්ම කොරෝනා ව්‍යාප්තියට එරෙහිව සටන් කරන්නට සිය දායකත්වය ලබා දී තිබෙනවා. 

රොනාල්ඩෝගේ හිටපු පුහුණුකරුවෙකු වන Jose Mourinho, එංගලන්තයේ සමාජ සුභසාධක සංගමයකට සිය දායකත්වය ලබා දී තිබෙනවා. එම සංගමය විසින් උතුරු ලන්ඩනයේ වෙසෙන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා ආහාර ඔවුන්ගේ නිවෙස්වලටම ගෙන ගොස් දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා. 

‘Corona’ නීති කැඩූ Real Madrid ක්‍රීඩකයා හිරේට?

Real Madrid සහ සර්බියානු ජාතික පාපන්දු කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක Luka Jovic විසින්…

Bayern Munich කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක රොබර්ට් ලෙවන්ඩොස්කි හා ඔහුගේ බිරිඳ වන ඇනා යුරෝ මිලියනයක් COVID-19 වෙනුවෙන් සටන් කිරීමට අරමුදලකට ලබා දී ඇති අතර ඔහුගේ කණ්ඩායමේ සගයින් වන Joshua Kimmich හා Leon Goretzka ද යුරෝ මිලියනයක් “We Kick Corona” අරමුදලට ලබා දී තිබෙනවා. 

ජර්මානු ජාතික පාපන්දු කණ්ඩායම “WeHelp” පදනමට යුරෝ මිලියන 2.5ක් ප්‍රදානය කර තිබුනු අතර ටෝටන්හැම් ආරක්ෂක ක්‍රීඩක Toby Alderweireld විසින් රෝහල් වලට හා නිරෝධායන නිවාස වලට ටැබ් පරිඝනක ලබා දීමට ප්‍රතිඥා ලබා දී ඇත්තේ නිරෝධායනයේ යෙදෙන පුද්ගලයින්ට සිය පවුල් වලට කතා කිරීම සඳහා ඉඩ ලබා දීමටයි. 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<