වැටුප් කප්පාදුවෙන් පාඩුව වසාගන්නට සැරසෙන ජර්මානුවන්

91

ලොව ප්‍රමුඛතම පාපන්දු ලීග අතරින් එකක් ලෙස සැලකෙන ජර්මනියේ Bundesliga තරගාවලිය අතරමඟ නතර කරමින් එළඹෙන අප්‍රේල් මස 02 වනදා දක්වා කල් දැමීමට පියවර ගෙන ඇත. ඒ covid-19 හෙවත් නව කොරෝනා වෛරසය, ජර්මනිය ඇතුළු යුරෝපයේ සෙසු රටවල ද සීඝ්‍රයෙන් පැතිර යාමත් සමඟිනි. 

කොරෝනා මැද තවමත් පාපන්දු ක්‍රීඩා කරන රටක්

මේ දිනවල සීඝ්‍රයෙන් පැතිරයන නව කොරෝනා වෛරස තත්වය හේතුවෙන් ලොවපුරා ක්‍රීඩා ඉසව් දින නියමයකින්….

ඒ අනුව මෙවර තරගවාරයේ සැලකිය යුතු තරග සංඛ්‍යාවක් ක්‍රීඩා නොකර අතහැර දැමීමට කටයුතු කළ නිසාවෙන් Bundesliga තරගාවලි සංවිධායකවරුන් හට යූරෝ මිලියන 400කට ආසන්න මුදලක් ඉපැයීමට තිබූ මහඟු අවස්ථාවක් ගිලිහී ගොස් ඇත. එසේ සිදුවූ පාඩුව Bayern Munich වැනි ලොව සුපතල කණ්ඩායම් හටද ඉතාමත් තදබල ලෙස බලපෑ ඇති බව පෙනී යන්නේ මේ වන විට ඔවුන් මුල්‍යමය අතින් දැඩි අර්බුදයකට මුහුණ පා සිටින බැවිනි. 

මෙම උද්ගතව ඇති ගැටළුකාරී තත්වය පිළිබඳව හොඳින් අවබෝධ කරගත් ක්‍රීඩකයින් රැසක් ඔවුන්ට හිමි විය යුතු වැටුපෙන් කොටසක් කපා හැරීමට ගෙන ඇති තීරණයට එකඟතාව පළකර තිබෙන්නේ ඔවුන් නියෝජනය කරන ක්‍රීඩා සමාජයන් හට ඉමහත් අස්වැසිල්ලක් ගෙන දෙමිනි. 

එහි පළමු වෙඩි මුරය දියත් කරමින් මූලිකත්වය ගෙන කටයුතු කළ වත්මන් ශූරයින් වන Bayern Munich කණ්ඩායම, ඔවුන්ගේ ක්‍රීඩකයින්ගේ වැටුපෙන් 20%ක මුදලක් කප්පාදු කිරීමට අවසර ලබා දී ඇත. ඒ පසුගිය තරගවාරයේ දී ඔවුන් ඉපයූ ආදායමත් සමඟ සසඳා බැලීමේ ඉන් හරි අඩකට ආසන්න මුදලක් වැයකර ඇත්තේ ක්‍රීඩක වැටුප් පියවීම් සඳහා වීම නිසාවෙන් විය හැක. 

Bayern Munich ක්‍රීඩකයින් මෙම අදහස ක්‍රියාවට නැංවීමට මත්තෙන් එය කරළියට රැගෙන ආවේ Bayern Moenchengladbach ක්‍රීඩා සමාජය විසිනි. එම ක්‍රියාපටිපාටියම අනුගමනය කරමින් ඉහත සඳහන් කළ ක්‍රීඩා සමාජ දෙක සමඟ අත්වැල් බැඳ ගැනීමට Schalke 04 සහ Werder Bremen යන ක්‍රීඩා සමාජයන්ද තම කැමැත්ත පළකර ඇති බව වාර්තා වේ. තවද Borussia Dortmund සහ Bayern Leverkusen ක්‍රීඩා සමාජයන්ගේ කළමණාකාරීත්වයන්ද මේ පිළිබඳව තම ක්‍රීඩකයින් සමඟ සාකච්ඡා කරමින් පවතින බවද මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියි. 

‘Corona’ නීති කැඩූ Real Madrid ක්‍රීඩකයා හිරේට?

Real Madrid සහ සර්බියානු ජාතික පාපන්දු කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක Luka Jovic විසින් ‘Coronavirus……

Borussia Dortmund කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු Lucien Favre මහතා තම වැටුපෙන් නියමිත කොටස කපා හරින ලෙස කණ්ඩායම් කළමණාකාරීත්වයෙන් පෞද්ගලිකව ඉල්ලීමක් සිදුකර ඇත. නමුත් ක්‍රීඩකයින් තවමත් එයට ධනාත්මක ප්‍රතිචාරයක් ලබා දී නොමැති බව සඳහන් වන්නේ තරගවාරයේ ඉතිරි තරග සියල්ල යම් හෙයකින් ක්‍රීඩා කළහොත් කප්පාදු කළ යුතු මුදල 20% සිට 10%ක්වා ගෙන ආ යුතු බව කියැවෙන නව යෝජනාවක් ඉදිරිපත් කර ඇති නිසාවෙනි. 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<