ශ්‍රේණිගත කිරීමේ ප්‍රථමයා මෙල්ල කළ සුපිරි මෙහෙයුම

1067
ඡායාරූපය ESPN Cricinfo වෙබ් අඩවියෙනි

අංක එකේ එක්දින ජාත්‍යන්තර කණ්ඩායම වන දකුණු අප්‍රිකානු කණ්ඩායම හා අටවැනි ස්ථානයේ පසුවන පකිස්තානය අතර පැවැත්වූ ශූරයින්ගෙන් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 7වන තරගය, ඩක්වර්ත් ලුවිස් න්‍යායයට අනුව ලකුණු 19කින් ජයග්‍රහණය කිරීමට පකිස්තානය අද (8) සමත් විය.

ඉන්දු – ශ්‍රී ලංකා තරගයට මොකක් වෙයි ද?

ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ වඩාත්ම උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි ක්‍රීඩාලෝලීන් අපේක්ෂාවෙන් පසුවන “ඉන්දු – ශ්‍රී ලංකා තරගය” හෙට (8) එංගලන්තයේ ලන්ඩන් නුවර, ඕවල් පිටියේ දී පැවැත්වීමට නියමිත යි.

B කාණ්ඩයේ තරගයක් ලෙසින් ඊයේ (7) බ්‍රිමින්හැම් හීදි කාසියේ වාසිය ජයග්‍රහණය කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුව පිතිකරණය සඳහා අවස්ථාව ලබා ගත්තේ, නිමා වූ ශ්‍රී ලංකා තරගයේ දී ද පළමුව පිතිකරණය කළ නිසා විය හැකි අතර, ඔවුන්ගේ පිතිකරණ බල ඇණිය සතුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල මුල් දසදෙනා අතර සිටින පිතිකරුවන් සිව් දෙනෙකුම සිටියි.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගල වන පසුගිය තරගයේ ශතක ලාභී දකුණත් පිතිකරු වන හශීම් අම්ලා හා කුවින්ටන් ඩී කොක් පළමු කඩුල්ල සඳහා පන්දුවාර 8යි පන්දු 2ක් තුල ලකුණු 40ක සබඳතාවයක් ගොඩනැංවූ අතර, 4 පහර 2ක් සමඟ ලකුණු 16ක් රැස්කරගෙන සිටි අම්ලාගේ ඉනිම අවසන් කිරීමට ඉමෑඩ් වසීම් සමත් විය.

වමතින් පිත්ත හසුරුවන කුවින්ටන් ඩී කොක් ද ලකුණු 33ක් ලබාගෙන සිටිය දී මොහොමඩ් හෆීස්ගේ දඟ කැවුණු පන්දුවකට ගොදුරු වී කඩුල්ල මුවාකිරීමේ වරදට ක්‍රීඩාගාරයට හරවා යවන ලදි. දකුණු අප්‍රිකානු නායක ඒ. බී. ඩිවිලියස් ඔහු මුහුණ දුන් පළමු පන්දුවෙන්ම ලකුණු නොලබාම ක්‍රීඩාගාරයට හරවා යැවීමට වසීම් සමත් විය. ෆෆ් ඩියු පෙලෙසිස් සමඟින් එක් වූ ප්‍රහාරාත්මක වමත් පිතිකරු ඩේවිඩ් මිලර් යන දෙපළ පකිස්තානුවන්ගේ පන්දු හොඳින් තෝරා බේරා ගෙන පන්දුවට පහර දෙමින් ලකුණු 90ක් දක්වා දකුණු අප්‍රිකානු ඉනිම ඔසවා තබන ලදි.

ප්ලෙසිස් ලකුණු 26කට දැවී යාම නිසාවෙන් හුදකලා සටනක නිරත වීමට සිදු වූ මිලර්, දකුණු අප්‍රිකානු මැදපෙළ ශක්තිමත් කරමින් ඉනිම අවසානය දක්වාම පිටියේ රැඳී සිටි අතර, ඔහු මෙහි දී තම දසවන අර්ධ ශතකය වාර්තා කර ගැනීමට සමත් විය. ඔහු ලකුණු 118කට කඩුලු 6ක් ලෙස දැක්වූ දකුණු අප්‍රිකානු ඉනිම ක්‍රිස් මොරිස් හා එක්ව ලකුණු 165ක් දක්වා ක්‍රමානුකූලව වර්ධනය කරන ලදි. එම සාර්ථක සබඳතාවය නිමා කරමින් මොරිස්ව ලකුණු 28කට දවා ගැනීමට ජුනයිඩ් කාන් සමත් විය.

[rev_slider ct17-dsccricket]

දකුණු අප්‍රිකානු ඉනිම තවදුරටත් සවිමත් කිරීමට ගොඩනැංවුනු 8 වන කඩුල්ලේ සබඳතාවය ලකුණු 48ක් දක්වා ඉහළට ගෙන ගිය වේග පන්දු යවන කැගිසෝ රබාඩා මිලර් දෙදෙනාට හැකි විය. එහි දී රබාඩා 4 පහර 2ක් සමඟින් ලකුණු 26ක් ලබා ගැනීමට සමත් විය.

අවසානයේ ප්‍රබල දකුණු අප්‍රිකානු ඉනිම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 219කට සීමා කිරීමට පකිස්තානය සමත් විය. ඉනිමේ බොහෝ වේලාවක් රැඳී සිටිමින් විශිෂ්ට ඉනිමක් දියත් කළ මිලර් පන්දු 104කට මුහුණ දෙමින් එක් 4 පහරක් හා දැවැන්ත 6 පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 75*ක් වාර්තා කළේය.

පකිස්තානය වෙනුවෙන් දකුණතින් මඳ වේග පන්දු යවන හසන් අලී, පන්දුවාර 8ක් තුල ලකුණු 24ක් පමණක් ලබා දී කඩුලු 3ක් දවා ගනිමින් සුපිරි පන්දු යැවීමක නිරත විය.

ලකුණු 220ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පකිස්තානය වෙනුවෙන් සාර්ථක ආරම්භ සබඳතාවයක් ගොඩනැංවූ අසහාර් අලී හා ෆක්හාර් ස්මාන් පන්දුවාර 7යි පන්දු දෙකක් අවසානයේ ලකුණු 40ක සබඳතාවයක් ගොඩනංවන ලදි.

දකුණු අප්‍රිකානුවන්ගේ පළමු ගොදුරු ලෙස දැවී ගිය ස්මාන්, 4 පහර 6ක් සමඟින් වේවත් ලකුණු 31යි. ඉන් තවත් පන්දු දෙකකට පසුව අනෙක් අන්තයෙන් ක්‍රීඩා කළ අසහාර් අලී, මෝනි මෝකල් විසන් එවන ලද කෙටි පන්දුවට වැරෙන් පහරක් එල්ල කළ ද, එය නිසියාකාරව පිත්තේ මැද නොවැදුණු නිසා ඉහළ ගිය පන්දුව තර්ඩ් මෑන් කලාපයේ දී ඉම්රාන් තාහීර් විසින් රැක ගනිමින් අලීව ලකුණු 9කට දවාලන ලදි.

අනතුරුව පිටියේ එක්වූ බාබර් අසාම් හා මොහොමඩ් හෆීස් තෙවන කඩුල්ලට ලකුණු 52ක සාර්ථක හා වැදගත් සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය. එහි දී හෆීස්ව ලකුණු 26කට දවාලීමට මෝකල් සමත් විය. අනතුරුව ශොයිබ් මලික් පිටියට පැමිණෙනවාත් සමඟින් ක්‍රීඩා පිටියේ අවට ප්‍රදේශය වැහිබර කාලගුණික තත්ත්වයකට පරිවර්තනය විය. මලික් පන්දු 14කදී 4 පහර 3ක් සමඟින් ලකුණු 14*ක් නොදැවී රැස්කරගත් අතර, අනෙක් අන්තය රැකගෙන ක්‍රීඩා කළ බාබර් අසාම් 4 පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 31*ක් රැස්කරගන්නා ලදි. පන්දුවාර 27ක් අවසන් වන විට, මෙම තරගයට ද වර්ෂාවෙන් බාධා එල්ල විය.

නමුත් ඒ වන විට පකිස්තානය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලබාගෙන සිටිය යුත්තේ ලකුණු 101ක් පමණි. පුරා මිනිත්තු 100ක පමණ කාලයක් තිස්සේ ක්‍රීඩා පිටියට වර්ෂාව පතිත වූ නිසාවෙන් තරගයේ තීරණය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලබා දීමට විනිසුරුවරුන් ක්‍රියා කරන ලදි. ඒ අනුව පකිස්තානය ලකුණු 17කින් මෙම තරගය ජයග්‍රහණය කළේය.

පන්දු යැවීමේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් මෝනි මෝකල් ලකුණු 18ක් තුල පකිස්තාන ඉනිමේ ඒ වන විට බිඳ වැටී තිබුණු කඩුලු 3ම දවාලන ලදි.

දකුණු අප්‍රිකාව – කඩුලු 8ක් දැවී ලකුණු 219 (පන්දුවාර 50): ඩේවිඩ් මිලර් 75*, කුවින්ටන් ඩී කොක් 33, ක්‍රිස් මොරිස් 28, හසන් අලී 24/3, ඉමෑඩ් වසීම් 20/2, ජුනයිඩ් කාන් 53/2

පකිස්තානය – කඩුලු 3ක් දැවී ලකුණු 119 (D/L) (පන්දුවාර 27): බාබර් අසාම් 31*, ෆක්හාර් ස්මාන් 31, මොහොමඩ් හෆීස් 26, මෝනි මෝකල් 18/3

මෙම තරගාවලියේ මීළඟ තරගය ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අද (8) ලන්ඩන් නුවර, ඕවල් පිටියේ දී පැවැත්වෙන අතර, මෙම තරගය දෙපිලටම වැදගත් තරගයක් බවට පරිවර්තනය වී ඇත්තේ දකුණු අප්‍රිකානුවන් පකිස්තානය හමුවේ පරාජයට පත්වීම නිසාවෙනි.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට