පාකිස්තානය ඒ ක්‍රිකට් ක්‍රීඩකයෝ බලා ගන්න ඕන – හිටපු නායක

862
Pakistan Cricket

COVID-19 වැලඳුණු ක්‍රීඩකයින් පරිපාලනය කිරීමේ දී පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ වෛද්‍ය කාර්ය මණ්ඩලය කටයුතු කරන ආකාරය පිළිබඳව හිටපු පකිස්තාන ක්‍රිකට් නායක ඉන්සමාම් උල් හක් සිය අප්‍රසාදය පළ කර සිටිනවා. 

YouTube හි නාලිකාවක් ඔස්සේ සංවාදයක යෙදෙමින් ඔහු පවසා සිටියේ ක්‍රීඩකයින්ගේ දුරකථන ඇමතුම් පවා ඔවුන් නොසලකා හරින බවයි.

පාකිස්තානය ඉන්දියාවෙන් ලිඛිත සහතිකයක් ඉල්ලයි

ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ‘2021 විස්සයි විස්ස ලෝක කුසලානය’ සහ ‘2023 පන්දුවාර

“මගේ තොරතුරු ප්‍රභවයන් මට දැනුම් දුන්නේ පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ වෛද්‍ය කාර්ය මණ්ඩලය ක්‍රීඩකයින් විසින් ගනු ලැබූ දුරකථන ඇමතුම්වලට දින දෙකක් පුරා පිළිතුරු ලබා දී නැතැයි කියා. එය හරිම නරක පූර්වාදර්ශයක්” ඉන්සමාම් පවසා තිබුණා.

“ක්‍රීඩකයින් ඔවුන්ගේ නිවාසවලට යවා තිබුණා. මම හිතන්නේ ඔවුන්ව රැක බලාගන්න ඕන කියලා. කොරෝනා වැලඳුණු ක්‍රීඩකයින් සිතනවා ඇති පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය මේ අමාරු අවස්ථාවේ ඔවුන්ව බලා ගත්තේ නැහැ කියලා.”

මොහොමඩ් හෆීස් ඇතුළු ප්‍රබල ක්‍රීඩකයින් වන වහබ් රියාස්, Fakhar Zaman වැනි ක්‍රීඩකයින් ද ඇතුළුව පාකිස්තාන ක්‍රීඩකයින් 10 දෙනෙකුට Covid-19 වැළඳී ඇති බව පසුගිය දා වාර්තා වුනා. 

හෆීස්ගේ කොරෝනා වාර්තාව කණපිට පෙරළිය

තමන් ලබා ගත් දෙවන PCR පරීක්ෂණයේ වාර්තා අනුව තමන්ට කොරෝනා වයිරසය

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින්ට කළ පළමු වටයේ Covid-19 පරීක්ෂණයකින් පසුගිය අඟහරුවාදා මොහොමඩ් හෆීස්ට Covid-19 වයිරසය ශරීර ගත වී ඇති තහවුරු වුණු බව PCB විසින් නිවේදනය කළා. 

කෙසේ වෙතත් බදාදා ඔහු පෞද්ගලික ආයතනයකින් Covid-19 පරීක්ෂණයක් සිදු කර ගෙන ඇති අතර එහි ප්‍රතිඵලය ලෙස සඳහන් වී ඇත්තේ හෆීස්ට වයිරසය ආසාදනය වී නැති බවයි. 

එම පරස්පර ප්‍රතිඵල නිසා මුල් වටයේ පරීක්ෂණ සිදු කරන ලද Shaukat Khanum අනුස්මරණ රෝහල වෙත පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුම් දී ඇත්තේ නැවත වරක් හෆීස්ට පරීක්ෂණයක් කරන ලෙසයි. 

කෙසේ වෙතත් එම පරීක්ෂණයේ ප්‍රතිඵලය අනුව නැවත වරක් ඔවුන් පවසා ඇත්තේ හෆීස්ට Covid-19 ආසාදනය වී ඇති බවයි. ඒ අනුව ඔහුට සිදු කළ Covid පරීක්ෂණ තුනෙන් දෙකක ධනාත්මක ප්‍රතිඵල ලැබී තිබීම විශේෂත්වයක්.  

ඉන්සමාම් පවසා සිටියේ පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රීඩකයින් හොඳින් රැක බලා ගන්නේ නම් හෆීස්ට සිදු වූ සිදුවීම වැනි සිදුවීම් සිදු නොවනු ඇති බවයි.

“මම ඉල්ලා සිටිනවා පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයට මේ ක්‍රීඩකයින් රැකබලා ගන්න කියලා. ඔබලා එහෙම කරන්නේ නැති නම් හෆීස් පෞද්ගලිකව පරීක්ෂණයකට යොමු වුනා වගේ සිදු වීම් වෙන්න පුළුවන්” ඉන්සමාම් පවසා සිටියා.

පාකිස්තාන ක්‍රීඩකයෝ එංගලන්තයට ගොඩබහින්න සූදානම්!

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් දස දෙනෙකු හට COVID-19 වයිරසය වැළඳී ඇති බව තහවුරු වුනත්

“පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය මේ ක්‍රීඩකයින් NCA හි රඳවා ගත හැකිව තිබුණා. එහේ ගොඩක් ඉඩ තිබෙනවා. ඔවුන්ට නිවාසවලට වෙලා ඉන්න කියපු එක වැරදියි. ඔවුන් අපේ ක්‍රීඩකයින් ඒ නිසා ඔවුන් හොඳින් සුව වෙන තුරු අප ඔවුන්ව රැක බලා ගන්න ඕනේ.”

පාකිස්තාන කණ්ඩායම එංගලන්තයේ දී ටෙස්ට් තරග තුනකට හා විස්සයි විස්ස තරග තුනකට සහභාගී වීමට නියමතයි.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<