තේරීම් කමිටුවේ බලතල වලින් හතුරු ගලවයි

1797

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන චන්දික හතුරුසිංහ මහතාට තේරීම් කමිටු සාමාජිකයකු ලෙස කටයුතු කිරීමට හිමිව තිබූ අවස්ථාව වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට ක්‍රීඩා අමාත්‍යංශය ඊයේ (29) තීරණය කර තිබේ.

ලෝකයේ පළවැනියා දක්වා ආ ගමන ගැන කුමාර් ධර්මසේන කියන කතාව

කෙටි පියවර කිහිපයක් දිවවිත් කඕෆ් කටර් පන්දු යවන්නකු ලෙසින් අප…..

මෙම තීරණයත් සමඟ අසන්ත ද මෙල් මහතාගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුවට යම් සංචාරයක් හෝ තරගාවලියක් සඳහා ක්‍රීඩක සංචිතය තෝරාගැනීම මෙන්ම තරගයක් සඳහා ක්‍රීඩා කරන අවසන් ක්‍රීඩකයන් 11 දෙනා තේරීමේ අවස්ථාව ද ලැබී තිබේ. ඒ අනුව මීට පෙර හතුරුසිංහ මහතා සතුව තිබූ බලතල අනුව සංචාරයක් අතරතුර දී අවසන් ක්‍රීඩකයින් 11 තේරීමේ අවස්ථාව ඊයේ (29) දිනයේ සිට ඒ මහතාට අහිමි වී තිබේ.

හතුරුසිංහ මහතා තේරීම් කමිටු සාමාජිකයෙකුව සිටීමෙන් ක්‍රීඩාවට හානියක් වන බවට වර්තමාන තේරීම් කමිටුව ක්‍රීඩා අමාත්‍යවරයාට කරුණු දක්වා තිබේ. ඒ පිළිබඳව අවධානය යොමු කර මෙම තීරණයට එළඹ ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව නිසි බලධාරි චූලානන්ද පෙරේරා මහතා විසින් එය තේරීම් කමිටුවට ලිඛිතව ලබා දී ඇති බවත් වාර්තා වේ.  

අවිශ්ක සහ උපුල් අයර්ලන්ත ඉරණම තීන්දු කරයි

සංචාරක අයර්ලන්ත A ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා….

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවති පළමු දිවා/රාත්‍රි ටෙස්ට් ක්‍රිකට් තරගය දින දෙක හමාරක් ඇතුළත අවසන් විය. එසේම පසුගිය මාස කිහිපය පුරාවටම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් හා තේරීම් කමිටුව පිළිබඳව විවිධ පුවත් වාර්තා විය.

පසුගිය දා පත්වූ නව ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානීත්වය හිමිව ඇත්තේ අසන්ත ද මෙල් මහතාට වන අතර ඊට අමතරව හේමන්ත වික්‍රමරත්න, බ්‍රෙන්ඩන් කුරුප්පු හා චමින්ද මෙන්ඩිස් යන මහත්වරුන් තේරීම් කමිටු සාමාජිකයින් ලෙස වැඩ කටයුතු කරයි. මේ වන විට ඕස්ට්‍රේලියානු තරගාවලියේ තේරීම් කමිටු නිලධාරියා ලෙස ක්‍රියා කරන්නේ වික්‍රමරත්න මහතා වන අතර එළඹෙන දකුණු අප්‍රිකානු තරගාවලියේ දී කුරුප්පු මහතා තරගාවලි තේරීම් නිලධාරියා ලෙස වැඩ කටයුතු සිදු කරනු ඇත.

>>Photos: Sri Lanka’s final practice session before 1st Test match in Brisbane<<

කෙසේ නමුත් වර්තමාන ජාත්‍යන්තර ක්‍රිකට් තරග රටාව තුල බොහෝ ක්‍රිකට් කණ්ඩායම් ඔවුන්ගේ කණ්ඩායම්වල අවසන් ක්‍රීඩකයින් 11 දෙනා තේරීමේ වගකීම ප්‍රධාන පුහුණුකරු හා කණ්ඩායම් නායකයා වෙත ද ලබා දී තිබේ.

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය පෙබරවාරි 1 වැනිදා කැන්බරා හිදී පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<