ජාතික යොවුන් ක්‍රීඩා උළෙලට 12,000 අධික සහභාගීත්වයක්!

444

කොරෝනා වසංගතය නිසාවෙන් කල් දැමුණු 32 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙල ඉතිහාසයේ මුල්ම වතාවට දින පහක ක්‍රීඩා උළෙලක් ලෙස ලබන වසරේ මාර්තු මාසයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කරන බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති තිෂාර ජයසිංහ පසුගිය දා ප්‍රකාශ කරන ලදි.

මේ පිළිබඳව අදහස් දක්වමින් තිෂාර ජයසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ පෙර පැවති දින තුනේ තරගාවලි සංකල්පය වෙනස් කරමින් මෙවර තරගාවලිය දින පහක් මුළුල්ලේ පැවැත්වීමට නියමිත බවත්, මුල් දින තුන තුළ දී ක්‍රීඩා කටයුතු පවත්වා අනෙකුත් දින දෙක තුළ දී නැටුම් ගැයුම් වැනි විශේෂ ක්‍රියාකාරකම් සමඟින් සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විනෝදයක් ලබා ගැනීමට අවස්ථාවක් ලබා දෙන බවයි.

මීට අමතරව මෙවර තරගාවලියේ ජයග්‍රහණ ලබාගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ලබා දෙන ත්‍යාග මුදල සහ ඔවුන්ට සපයන යටිතල පහසුකම් ආදිය ඉහළ දැමීමට ද කටයුතු කළ බවත්, තරගාවලියේ මලල ක්‍රීඩා කටයුතු සුගතදාස හෝ දියගම ක්‍රීඩාංගණයේ දී පවත්වා ජාතික මහා ක්‍රීඩා උළෙලට පමණක් දෙවැනි වන ලෙස මෙම තරගාවලිය පැවැත්වීමට සූදානම් බව තිෂාර ජයසිංහ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදි.

තවත් ක්‍රීඩා පුවත්:  

තවද මෙම තරගාවලියේ දී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබා දෙන ත්‍යාග මුදල් ඉහළ දැමීමට හා ඔවුන්ට සපයන යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇති අතර මෙම තරගාවලිය සඳහා දිවයින පුරා යෞවන සමාජ නියෝජනය කරමින් 12,000ක ආසන්න සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිතව ඇත.

මෙවර ජාතික යොවුන් ක්‍රීඩා උළෙල පෙබරවාරි මස 27 වැනිදා සිට මාර්තු මස 01 වැනිදා දක්වා පැවැත්වීමට තිබූ නමුත් කොරෝනා වසංගතය නිසාවෙන් ක්‍රීඩා උළෙලට සම්බන්ධ සියලූම කටයුතු තාවකාලිකව නතර කිරීමට බලධාරීන්ට සිදු විය.

Daily News වෙබ් අඩවිය ඇසුරෙනි.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<