කුසල් පෙරේරා ටෙස්ට් සංචිතයට

155

එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද (09) නම් කෙරිණි. 

කෙසේ වෙතත් මෙම 16 දෙනාගේ සංචිතයට ඇතුලත්ව සිටින වනිඳු හසරංග හට පසුගිය දා නිමා වූ බටහිර ඉන්දීය කොදෙව් තරගාවලිය අතරතුර දී ආබාධයකට ලක්වීම නිසා ඔහුට තරගාවලිය ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇත.

අත්දැකීම් සමඟින් පුහුණු තරගය සමව නිමාවේ

සැක් ක්‍රොව්ලි හා ඔලී පොප් අර්ධ ශතක වාර්තා කරමින් ලකුණු අතරට පිවිසෙද්දී එංගලන්තය හා ශ්‍රී ලංකා සභාපති ක්‍රිකට්…………

පසුගිය දා නිමා වූ සිම්බාබ්වේ ටෙස්ට් තරගාවලිය සඳහා ඇතුලත්ව සිටි ලහිරු තිරිමාන්න වෙනුවට කුසල් පෙරේරා මෙම තරගාවලිය සඳහා ඇතුළත් කර ඇත. තිරිමාන්න සිම්බාබ්වේ සංචාරය සඳහා සහභාගි වුව ද ඔහු තරග දෙක සඳහාම ඇතුළත් කර තිබුණේ නැත. 

මෙම වෙනස හැරුණු විට ඉතිරි 15 දෙනා සිම්බාබ්වේ සංචාරය සඳහා සහභාගි වූ ක්‍රීඩකයන් වේ.

සිම්බාබ්වේ තරගාවලිය තුල සාර්ථක නොවූ හිටපු නායක දිනේෂ් චන්දිමාල් මෙම තරගාවලිය සඳහා ද නම් කර තිබේ. ඔහු ආබාධයකට ලක්වීමෙන් කණ්ඩායමට පැමිණියේ කලකට පසුවය. ඉන් අනතුරුව ඔහු ක්‍රීඩා කළ තරග 4ක දී ඉනිම 6ක් තුල අර්ධ ශතකයක් රැස් කර ගැනීමට සමත්ව ඇත. 

කුසල් පෙරේරාගේ ඇතුළත් කිරීම කණ්ඩායමේ චන්දිමාල්ගේ ස්ථානයට වැඩි පීඩනයක් ගෙන එනු ඇත. කුසල් පෙරෙරා කඩුලු රකින්නෙකු ලෙස ද කටයුතු කිරීමට අවස්ථාව ඇති අතර නිත්‍ය කඩුලු රකින්නා වන නිරෝෂන් දික්වැල්ල ද සංචිතයට ඇතුලත්ව සිටී. 

දික්වැල්ල ද පසුගිය තරග කීපය තුල තරමක ස්ථාවර ක්‍රීඩා රටාවක් පෙන්නුම් කර ඇති බැවින් ඔහුට කණ්ඩායම තුල අවස්ථාව හිමිවීමට වැඩි ඉඩක් පවතී. බටහිර ඉන්දීයකොදෙව් කණ්ඩායම සමඟින් පැවති දෙවන විස්සයි විස්ස තරගය අතරතුර කුසල් පෙරේරා  ආබාධයකට ලක්වූ අතර ඔහු තවමත් පූර්ණ සුවය ලබා නොමැත. 

වාර්තා සමඟින් සාන්තුවරුන්ගේ සටන නිමා වෙයි

සාන්ත ජෝසප් විද්‍යාලය හා සාන්ත පීතර විද්‍යාලය අතර පැවති 86 වැනි සාන්තුවරුන්ගේ සටන අද (07) ජය පරාජයෙන් තොරව……………

හසරංග ඇතුළත් කිරීමට අමතරව පන්දු යැවීමේ දෙපාර්තමේන්තුවේ විශාල වෙනසක් සිදු කර ඇත. කෙසේ වෙතත් ඔහු ඉවත් කිරීමත් සමඟ පළමු ටෙස්ට් තරගය ආරම්භ වීමට පෙර ආදේශකයක් නම් කළ යුතුය. ආබාධයක් සහිතව වුවද නම් කළ 16 දෙනා අතරට හසරංග ඇතුළත් කිරීම ඔහු හුදෙක් සීමිත ඕවර පන්දු යවන්නෙකු ලෙස නොසලකන බවත් ඔහු ටෙස්ට් සැලසුම් තුල සිටින බවත් පැහැදිලි වේ. 

තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය 

දිමුත් කරුණාරත්න (නායක), ඕශධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු , ලක්ෂන් සඳකැන්, වනිඳු හසරංග (ආබාධයකට ලක්ව ඇති අතර ආදේශක ක්‍රීඩකයෙකු පළමු ටෙස්ට් තරගයට පෙර නම් කිරීමට නියමිතය.)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<