ඩිල්ශාන්ගේ වික්‍රමයෙන් ජයග්‍රහණය ශ්‍රී ලංකාවට

179

Road Safety World Series විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම හා ඕස්ට්‍රේලියා ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර පැවති තරගය ලකුණු 7කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත් විය. තරගය ඉන්දියාවේ වන්කඩේ ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. 

තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායක තිලකරත්න ඩිල්ශාන් විසින් දිනා ගැනීමෙන් අනතුරුව ඔහු පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. 

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීම තිලකරත්න ඩිල්ශාන් හා රොමේෂ් කළුවිතාරණ විසින් සිදු කළ අතර ඔවුන් දෙදෙනාගේ ආරම්භක සම්බන්ධතාවය ලකුණු 34කට සීමා කරමින් තිලකරත්න ඩිල්ශාන් ලකුණු 18කට දවා ගැනීමට සවියර් ඩොහර්ති සමත් විය. 

රවීන්, රශාන් සහ වාසල නාලන්දාව වෙනුවෙන් ජය කඳවුරු බඳියි

නාලන්දා විද්‍යාලයේ රවීන් ද සිල්වාගේ සහ රශාන් දිසානායකගේ ප්‍රවේගවත් පිතිකරණයට ජිතේශ්…

ඉන් අනතුරුව පිටියෙහි එක්වූ මාවන් අතපත්තු හා රොමේෂ් කළුවිතාරණ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 51ක් බවට පත්කිරීමට සමත් විය. ශ්‍රී ලංකා ඉනිමේ දෙවන කඩුල්ල ලෙස ලකුණු 14ක් ලබා සිටි මාවන් අතපත්තු දවා ගැනීමට ඩොහර්ති සමත් විය. 

තුන්වැනි කඩුල්ල සඳහා ලකුණු 47ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට රොමේෂ් කළුවිතාරණ හා චාමර කපුගෙදර සමත් විය. රොමේෂ් කළුවිතාරණ ලකුණු 30කට දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 98ක් ලෙස දිස්විය. පන්දු 26ක් තුල වාර්තා වූ රොමේෂ්ගේ ඉනිමට හතරේ පහර 5ක් ඇතුළත් විය. 

වේගවත් ඉනිමක් දියත් කළ චාමර කපුගෙදර පන්දු 18ක් තුල ලකුණු 28ක් වාර්තා කළ අතර එයට හතරේ පහර 3ක් හා හයේ පහරක් ඇතුළත් විය. 

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සචිත්‍ර සේනානායක ලකුණු 13ක් ද, අජන්ත මෙන්ඩිස් ලකුණු 17ක් ද, ෆර්වීස් මහරූෆ් ලකුණු 20ක් ද වාර්තා කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 161ක් දක්වා ඔසවා තැබීමට සමත් විය. 

පන්දු ‍යැවීමේ දී ඕස්ට්‍රේලියා කණ්ඩායම වෙනුවෙන් සවියර් ඩොහර්ති, ජේසන් ක්‍රේසා හා බ්‍රැඩ් හොජ් කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් විය. 

ලකුණු 162ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියා කණ්ඩායමේ මුල් කඩුල්ල පළමු පන්දුවාරය තුල දී ම දවා ගැනීමට චමින්ද වාස් සමත් විය. ලකුණු නොලබා පිටියෙන් ඉවත් වීමට මයිකල් ක්ලින්ගර්ට සිදු විය. 

ඕස්ට්‍රේලියා ඉනිමේ දෙවන පන්දුවාරය ක්‍රියාත්මක කල තිලකරත්න ඩිල්ශාන් එම පන්දුවාරයේදී ට්‍රැවිස් බර්ට් හා මාක් ක්‍රොස්ග්‍රෝව් දවාගත්තේ ඕස්ට්‍රේලියා කණ්ඩායම අසීරු අවස්ථාවකට පත්කරමිනි. 

ඕස්ට්‍රේලියා ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස ලකුණු 10ක් ලබා සිටි බ්‍රැඩ් හොජ් දවා ගැනීමට ෆර්වීස් මහරූෆ් සමත් විය. පස්වැනි කඩුල්ල ලෙස බ්‍රැඩ් හැඩින්ගේ කඩුල්ල දවා ගැනීමට රංගන හේරත් සමත්වූයේ ඕස්ට්‍රේලියා ලකුණු පුවරුව කඩුලු 5කට ලකුණු 30ක් ලෙස දක්වමිනි. 

නැවතත් ක්‍රියාත්මක වූ රංගන හේරත් හයවැනි කඩුල්ල ලෙස ශේන් ලී දවා ගැනීමට සමත් විය. ඕස්ට්‍රේලියා කණ්ඩායමේ හත්වැනි කඩුල්ල ලෙස ජේසන් ක්‍රේසා දැවී යන විට ඕස්ට්‍රේලියා කණ්ඩායම ලබාගෙන තිබුණේ ලකුණු 59ක් පමණි. 

වාර්තා සමඟින් සාන්තුවරුන්ගේ සටන නිමා වෙයි

සාන්ත ජෝසප් විද්‍යාලය හා සාන්ත පීතර විද්‍යාලය අතර පැවති 86 වැනි සාන්තුවරුන්ගේ සට…

ඉන් අනතුරුව පිටියෙහි එක්වූ ක්ලින්ට් මැකේ හා නේතර් රියර්ඩොන් ඕස්ට්‍රේලියා ලකුණු පුවරුව ලකුණු 97ක් දක්වා ගෙන ඒමට සමත් විය. මහරූෆ්ගේ පන්දුවක් හමුවේ චාමර කපුගෙදර හට උඩපන්දුවක් ලබා දෙමින් ක්ලින්ට් මැකේ දැවී යන විට ඔහු ලකුණු 8ක් වාර්තා කර තිබිණි. 

කෙසේ වෙතත් ගිලිහෙමින් තිබූ තරගය තමන් වෙත නැවත හරවා ගැනීමට නේතන් රියර්ඩොන් හා සවියර් ඩොහර්ති සමත්වූයේ වේගවත් ලකුණු 57ක සම්බන්ධතාවයක් ගොඩනගමිනි. 

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ නේතන් රියර්ඩොන් තම අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 33ක් පමණක් වැය කරමිනි. 

තරගය අවසන් පන්දුවාරය තෙක් රැගෙන ඒමට නේතන් හා ඩොහර්ති සමත් විය. අවසන් පන්දුවාරයේ දී ඔවුන්ට ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබූ ලකුණු සංඛ්‍යාව ලකුණු 17කි. 

අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කළ තිලකරත්න ඩිල්ශාන්ගේ දෙවන හා තෙවැනි පන්දුවලට හතරේ පහර දෙකක් එල්ල කිරීමට නේතන් රියර්ඩොන් සමත් විය. 

ඒ අනුව අවසන් පන්දු තුන තුල දී ඔවුන්ට හිමි වූ ඉලක්කය ලකුණු 8කි. තිලකරත්න ඩිල්ශාන් ඔහුගේ සිව්වැනි පන්දුවේ දී නේතන් රියර්ඩොන්ගේ තීරණාත්මක කඩුල්ල දවා ගැනීමට සමත් විය. ඔහු දැවී ගියේ සචිත්‍ර සේනානායක වෙත උඩපන්දුවක් ලබා දෙමිනි. දැවී යන විට නේතන් පන්දු 53ක් තුල ලකුණු 96ක් වාර්තා කර තිබිණි. එයට හතරේ පහර 9ක් හා හයේ පහර 5ක් ඇතුළත් විය. 

ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ ෆර්වීස් මහරූෆ් හා තිලකරත්න ඩිල්ශාන් සවියර් ඩොහර්ති දුවද්දී දැවි යාමකට හසුකර ගැනීමට සමත් විය. ඒ අනුව ඕස්ට්‍රේලියා ඉනිම ලකුණු 154කට සීමා විය. 

පන්දු ‍යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තිලකරත්න ඩිල්ශාන් කඩුලු 3ක් දවා ගත් අතර රංගන හේරත් හා ෆර්වේස් මහරූෆ් කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් විය. චමින්ද වාස් හා සචිත්‍ර සේනානායක එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් විය. 

රන් මහා සටනේ 68 වැනි දිග හැරුම ජය පැරදුමෙන් තොරව නිමා වේ

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය අතර පැවති 68 වැනි රන් මහ සටන…

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජයග්‍රහණය කළේ ලකුණු 7කිනි. තරගයේ වීරයා ලෙස තිලකරත්න ඩිල්ශාන් සම්මාන ලැබීය. 

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් – 161/8 (පන්දුවාර 20): රොමේෂ් කළුවිතාරණ 30 (26), චාමර කපුගෙදර 28 (18), ෆර්වේස් මහරූෆ් 20 (15), සවියර් ඩොහර්ති 2/28, ජේසන් ක්‍රේසා 2/37

ඕස්ට්‍රේලියා ලෙජන්ඩ්ස් – 154/10 (පන්දුවාර 19.5): නේතන් රියර්ඩොන් 96 (53), සවියර් ඩොහර්ති 15 (13), තිලකරත්න ඩිල්ශාන් 3/35, රංගන හේරත් 2/5 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<